ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් උභයජීවියකු නම් කිරීමට විද්‍යාඥයන් තීරණය කර ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශවලට ප්‍රතිචාරයක් ලෙස වැලි අස්සේ හිස සඟවා ගන්නා මෙම උභයජීවියා ඩොනල්ඞ් ට්‍රම්ප් යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත.
මෙම උභයජීවියා සොයාගෙන ඇත්තේ පැනමාවේදී වන අතර ‘ඩර්මෝෆිස් ඩොනල්ඞ්ට්‍රම්ප්’ එම සත්වයාට ලබා දී තිබෙන විද්‍යාත්මක නාමයයි.
‘එන්විරෝබිල්ඞ්’ සමාගම එලෙස එම සත්වයා නම් කර තිබෙන අතර තම සමාගමට දේශගුණික විපර්යාස පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය යැයි ද සඳහන් කරයි.
මෙම සත්වයා දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දක්වන සත්වයකු බවත් එම නිසාම වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති බවත් ‘එන්විරෝබිල්ඞ්’ සමාගමේ සම නිර්මාතෘ එයිඩන් බෙල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම සත්වයා අන්ධ උභයජීවියකු යැයි ද පැවසේ. මෙම සත්වයාගේ සහ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ හැසිරීම අතර සමානතාවක් තිබෙන බව ද බෙල් පෙන්වා දී ඇත.
මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා දේශපාලන විපර්යාස සිදුවන බව ප්‍රතික්ෂේප කරන ඩොනල්ඞ් ට්‍රම්ප්ට හිස වැල්ලේ සඟවා ගැනීමට සිදු වනු ඇතැයි ද එයිඩන් බෙල් තවදුරටත් පැවැසීය.
දේශගුණික විපර්යාස සිදුවන්නේ මානව ක්‍රියාකාරකම් නිසා යැයි ලොව ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව ප්‍රතික්ෂේප කරයි. විද්‍යාඥයන්ට දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කරයි.
(ඬේලිමේල් ඇසුරිනි -055)
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ නමින් උභයජීවියෙක් නම් කෙරේ
රවින් Thursday, 20 December 2018 02:31 AM
හුගිය දවස්වල ගුගල් සමගම පැහැදිලි කළා වගේ මතකයි එක වචනයක් හෙවුවහම වැඩියෙන්ම එළිදැක්වෙන නම. ඔය උභය ජිවියාත් ඒවගේ සතෙක්ද?