හිටපු ජනපති බිල් ක්ලින්ටන් හා හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වන බව නිවේදනය කර ඇත.

මෙම අවස්ථාවට හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද සහභාගී වන බව කියයි.නමුත් ඔහු මීට පෙර කියා තිබුණේ මෙම අවස්ථාවට එක් නොවන බවයි.

සාමකාමී බල පැවරීමකට සාක්සි දැරීමට තමන් එන බව ජෝර්ජ් බුෂ් පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වැනි දා ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස පත්වීමට නියමිතය.

පසුගිය ජනපතිවරණයේදී ට්‍රම්ප් විසින් හිලරි ක්ලින්ටන් පරාජය කරනු ලැබීය. ඉන්පසු හිලරි ජනතාව අතරට පැමිණියේ අවස්ථා කිහිපයකදී පමණයි.

ඉරාක යුද්ධය හා 9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් ජෝරජ් බුෂ්ට ද විවිචේන එල්ල කළේය.

මීට පෙර හිටපු ජනපතිවරයකු මෙම උත්සවයට සහභාගී වන බව නිවේදනය කර තිබුණේ ජිමී කාටර් පමණි.