
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය සමඟ සම්බන්ධ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කළේ, රටවල් 50 කට වැඩි ගණනක්, මේ වනවිට ධවල මන්දිරය සමඟ සම්බන්ධ වීමට කටයුතු කර ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකා මිත්‍රශීලී රටවලට ද තීරුබදු පැනවීම් කර ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඊශ්‍රායලයට පැනවූ තීරු බදු සම්බන්ධයෙන්, වොෂින්ටන් අගනුවරට පැමිණ ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
පැවැත් වූ සාකච්ඡාවලින් පසු, තමන්ට ට්‍රම්ප් පරිපාලනය පැනවූ තීරුබදු සැලකිල්ලට ගනිමින්, තමන් ඇමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු සියයට බිංදුව දක්වා අඩු කරන බව වියට්නාමය පවසා ඇත.
කාම්බෝජය ඇමෙරිකන් නිෂ්පාදන සඳහා අය කරන ආනයන තීරු බදු සියයට 5 ක් තෙක් අඩු කිරීමට තීරණය කර ඇත.
ඉන්දුනීසියාව සහ තායිවානය ද ඇමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට මේ වනවිට ප්‍රතිඥා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව සිම්බාබ්වේ ජනාධිපති ම්නන්ග්වා ද මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේ ඇමෙරිකාව ඇමෙරිකන් නිෂ්පාදන සඳහා අය කරන ආනයන තීරු බදු සියයට බින්දුව තෙක් අඩු කරන බවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා