සිරියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව ඉවත් කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණය ලෝක නායකයන් දැඩි ලෙස  විවේචනයට ලක්කර තිබේ.

ඉස්ලාමීය අයිඑස් ත්‍රස්තවාදීන් කණ්ඩායම සම්පුර්ණයෙන් පරාජයට පත්කර ඇති බැවින් තවදුරටත් ඇමෙරිකානු හමුදාව සිරියාවේ රැඳී සිටීමට අවශ්‍ය නැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප් මහතාට සහය පළ කරන ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.  

බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් මෙම තීරණය දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති අතර රුසියාව සහ තුර්කිය පමණක් එම තිරණය පිළිගෙන තිබේ.

                      

(28535)