IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව විරෝධතා

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගයට විරෝධය පළ කරමින් දස දහස් ගණනක් දෙනා වීදි බැස ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

නිව්යෝක්, වොෂින්ටන්, බොස්ටන් ඇතුළු ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල ද උද්ඝෝෂණ පැවැත්වෙන අතර උද්ඝෝෂකයන් ගුවන් තොටුපොළවලට, රේගුවට සහ දේශ සීමා ආරක්ෂක අංශ සිටින ස්ථානවලට කඩා වැදුණු බව ද වාර්තා විය. උද්ඝෝෂණ ක්‍රමයෙන් වර්ධනය වන බව ද එම වාර්තාවල දැක්විණි. 

සිරියානු සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් සහ සිරියාව ඇතුළුව ඉරාකය, ඉරානය සහ තවත් රටවල් හතරකට ජාතික ආරක්ෂාව පදනම්  කරගෙන ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පසුගියදා විධායක නියෝගයක් දුන්නේය.

එම විධායක නියෝගයත් සමඟ ඇමෙරිකා ගුවන් තොටුපොළවල් වෙත පැමිණි දහස් ගණනක් මුස්ලිම් ජාතික වැසියන් රඳවාගැනීමටත් රටින් පිට කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබිණි.

ට්‍රම්ප් මහතාගේ නියෝගය ඇමෙරිකාවට ආවේණික නොවූවක් බවත් එය රටේ මූලික අගනාකම්වලට විරුද්ධ නියෝගයක් බවත් ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික චාර්ලස් ෂූමර් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය. 

වොෂින්ටන් නුවරට රැස් වූ දහස් ගණනක් දෙනා “වෛරය එපා, බිය එපා, ඇමෙරිකාව සරණාගතයන් පිළිගන්නවා” යන සටන් පාඨ කියන්නට වූහ.

මේ වන විට ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දිවුරුම් දුන් දිනයත් ඇතුළුව එක දිග සති අන්ත දෙකකදී ඔහුට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.

348374503_RC170E112470_21995643 download-(1) download-(2)

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව විරෝධතා

ප්‍රින්ස් Thursday, 02 February 2017 05:54 AM

දැන් ට්‍රම්ප් ඉල්ලා අස්වෙයිද? (නි)

:       0       0

බෙනට් Friday, 03 February 2017 12:23 AM

සුදේශ්, ට්‍රම්ප්ගේ මේ තීරණයට සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමාන්, ඊජිප්තුව ඔය කව්රුත් විරුද්ධ නැත්නම් ලෝකේ අනික් රටවල් විරුද්ධ නැත්නම් ඇමරිකන්කාරයොයි අපේ මොඩයෝයි විරුද්ධ වන්නේ මොන එහෙකටද. අනික ඇමරිකාව ඉරානය සමඟ තරහවන තරමට අපට හොඳයි. (නි)

:       0       0

බන්දුල Friday, 03 February 2017 12:30 AM

සුදේශ්, ඇමරිකාව කාගෙන්ද ඉල්ලන් කන්න හදන්නේ. ලෝකේ මොන මුස්ලිම් රටක්වත් යුරෝපයේ රටක්වත් ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධවෙලා නැහැනේ. (නි)

:       0       0

බන්දුල Friday, 03 February 2017 12:34 AM

ඉම්රාන්, ලෝක ඉතිහාසයට ටිකක් එබිලා බලන්න යුරෝපයේ කුරුස යුද්ධය ඇතිවුනේ මොන හේතුවක් නිසාද කියලා. දැන් ඇතිවෙන්නේ ත්‍රස්තවාද. (නි)

:       0       0

කෝනාර Friday, 03 February 2017 12:47 AM

මොන දැඟලිලි තිබුනත් ට්‍රම්ප් මහතා ඒවාට මුහුණදෙන්න තරමට ශක්තිමත් (නි)

:       0       0

අජිත් නිශ්ශංක Monday, 06 February 2017 06:07 AM

බමුණු! මුස්ලිම් රටවල පමණක් නොවේ අපේ රටවලත් මිනිස්සු බෙදිලා තියෙන්නේ ආගම නිසා තමා! ආගම අබිං වගේ කියල මාවෝ කිව්වේ ඒ නිසා තමා! ඒක එම ආගම දේශනා කරපු ශාස්තෘන් වහන්සේලාගේ වරද නොවේ! ඒවා කරපින්නාගෙන අනිත් ආගම්වල අය පහතට දමන අයගේ වරද! (බ)

:       0       0

ඉම්රාන් Thursday, 02 February 2017 07:46 AM

සිල්වා මහත්මයා, මුස්ලිම් රටවල ප්‍රශ්න ඇතිකරලා තියෙන්නේ සහ ඔවුන්ගේ සමගිය නැතිකරලා තියෙන්නේ ලෝකයේ දියුණුයි කියන රටවල්. ඒ එම රටවල්වල පැවැත්ම තියාගන්න. කිසිම ජාතියක් ගහමරාගන්න කැමති නැහැ. හැමෝම මිනිස්සු. දේශපාලන අරමුණු මුදුන්පත් කරගන්න සහ තමන්ගේ වාසිය තකා අනෙක් රටවල්වල ප්‍රශ්න ඇති කිරීම අතීතය පුරා දැකිය හැකියි. (නි)

:       0       0

ටෝනි Wednesday, 01 February 2017 06:27 PM

සිල්වා, ඔය කියපු හැම රටකම ඉඳලා අවුරුදු ගණන් ඒ ඒ රටවල මිනිස්සු ආශ්‍රය කරලා වගෙයි. (නි)

:       0       0

රොහාන් Wednesday, 01 February 2017 06:57 PM

ඒ රටේ අය මෙහෙන් ඉගෙනගත්තාවද්ද? (නි)

:       0       0

ඉම්රාන් Thursday, 02 February 2017 07:48 AM

බමුණුසිංහ මහතා, ලංකාවේ වැඩියෙන්ම දුෂණ කරන්නේ, මිනිමරන්නේ මුස්ලිම් අයද? එතකොට සිංහල බෞද්ධ රටේ අපි කිරිපැණියෙන් ඉතිරෙන ජීවිතද ගතකරන්නේ? යුද්ධ ඇතිවෙන්නේ ආගම් නිසා නොවෙයි කියලා කියන්න කැමතියි. (නි)

:       0       0

ඉම්රාන් Thursday, 02 February 2017 07:52 AM

ත්‍රස්තවාදය කොයි ජාතියේ ආගමේ කෙනෙක් කළත් වැරදියි. එයින් වෙන්නේ සැමගේ යහපත සතුට ආරක්ෂාව නැතිවෙන එකයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 02 February 2017 08:01 AM

ටෝනි, මම ඔය කියපු හැම රටකම මිනිස්සු සමඟ ජර්මනියේදී එකට වැඩ කරලා තිබෙනවා. මම මගේ අදහස් ලියලා තිබෙන්නේ අත්දැකීම් ඇසුරෙන්. නමුත් මම පැහැදිලිව කියනවා ලංකාවේ ජිවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මනුස්සකම, අවංකභාවය අතින් මේ සඳහන් කළ රටවල සිටින මුස්ලිම්වරුන්ට වඩා ඉතා ඉහළ මට්ටමක සිටින බව පෙනෙනවා (නි)

:       0       0

සනත් Saturday, 04 February 2017 09:05 PM

ලෝකයේ වෙනසක ඇරඹුම! යන විදිය හොඳයි (නි)

:       0       0

රොහාන් Thursday, 02 February 2017 08:18 AM

විරෝධතා වලට බයේ රටක් පාලනය කරන්න බැහැ (නි)

:       0       0

නාමල් Wednesday, 01 February 2017 09:04 PM

දකුණු ආසියානු රටවල මුස්ලිම් අය වගේ නෙමෙයි, අරාබි මුස්ලිම්වරුන්ගේ වර්ගවාදී අදහස් වැඩියි (නි)

:       0       0

අජිත් නිශ්ශංක Wednesday, 08 February 2017 04:20 AM

බෙනට්! ඇමරිකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොහු කරන ව්‍යවස්ථා විරෝධී වැඩ නිසා! අනික් රටවල් විරුද්ධ වුණත් නැතත් තම රටේ මුලික නීතිය වන ඇමෙරිකානු ව්‍යවස්ථාවට පටහැනි දේවල් කරන්න කිසිවෙකුටත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ! එකේ නරක පල විපාකත් තියනවා! ඔබ දන්නවාද ඇමෙරිකානු ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තියෙන් ඕනෑම පුරවැසියෙකුට අවි දැරීමේ අයීතිය තහවුරු කර තියෙනවා! එහි ප්‍රතිපලයක් හැටියට මිලියන 200ක් වන ජනතාව අත මිලියන 600ක ආයුද තියෙනවා! මොන තරම් දරුණු මිනිස් සංහාර වුණත් එම අයීතිය වෙනුවෙන් ඔවුන් ඕනෑම කැප කිරීමක් කරනවා! (බ)

:       0       0

සමන්ත Thursday, 02 February 2017 12:57 AM

ඇමරිකාවට බෝම්බ දාපු අයව වැද්දගන්නෙ නැතිවීම රටට හොඳයි. අනික මේ අය කොහේ ගියත් ඒ රටට ඕනෑ විදියට ඉන්නෙ නැහැනේ. ගිහිනුත් ඒ රටවල අයට තමන්ගේ පුරුදු දෙන්න යනවනේ. ඒ නිසා මෙය හොඳ දෙයක්. තමන්ගෙ රට රැකීම නරක දෙයක් නොවේ (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 05 February 2017 02:07 AM

ඉම්රාන්, මුස්ලිම් රටවල ප්‍රශ්න ඇතිකරලා තියෙන්නේ සහ ඔවුන්ගේ සමගිය නැතිකරලා තියෙන්නේ ඔවුන්ගේම ආගමයි. මම මේ කියන්නේ කට තියෙනවට නොවෙයි, හොඳට දැනගෙන. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 02 February 2017 01:59 AM

තම රටේ කොඩිය තමන්ම පුච්චාගත්ත මේ ඇමරිකන්කාරයින්ගේ දැඟලිල්ල ඒතරම් ගණන් ගන්න එපා ට්‍රම්ප් මහතාණෙනි. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 02 February 2017 02:10 AM

අරාබිකරයේ යුද්ධ ඇතිවීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ආගමයි. ලස්සනම වැඩේ කියන්නේ තමන්ගේ ආගම ජාතිය පමණක් සිටින රටේ මොවුන්ට සාමයෙන් ඉන්න බැහැ. සාමයෙන් ඉන්න අනෙකුත් ආගම් ජාතීන් ඉන්න රටවලට පනිනවා. ඊටපසු තමන්ගේ ආගමේ නීතිරීති එම රටවල පතුරවන්න හදනවා. මේ ඇමරිකන්කාරයින්ට මේවා තේරෙන්නේ නැද්ද. (නි)

:       0       0

එරංග Wednesday, 01 February 2017 10:19 AM

එහෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණ වලට විරුද්ධ වෙද්දී මෙහෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තීරණ නොගැනීම පිළිබද විරුද්ධ වෙනවා, ට්‍රම්ප් ජනාධිපති කෙනෙකු ලෙස රටේ ප්‍රථම පුරවැසිය ලෙස තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය ප්‍රසංසනීයයි. (බ)

:       0       0

ධම්මික Friday, 03 February 2017 11:48 AM

ට්‍රම්ප්ගේ තීරණය ලංකාවටත් හොඳයි (නි)

:       0       0

ගයාන් Sunday, 05 February 2017 05:17 AM

සිංහල ඇමරිකානුවෝනට තියෙන්නේ සුද්දාටත් නැති අමාරුවක් මේ අය අතීතයේත් හිටියනම් අපි තවමත් යටත් විජිත රටක් (ම)

:       0       0

හිරාන් Wednesday, 01 February 2017 12:13 PM

සුද්දෝ ඉල්ලගෙන කන්න යන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන්නේ දුරදක්නා ණුවනක්. එතුමා හිතන්නේ තව අවුරුදු 50ක් වත් ඉදිරියට තමන්ගේ රට ගැන. ඔය තහනම් කරපු රටවල කට්ටිය වැඩිවෙන තරමට ලේ තමයි දකින්න වෙන්නේ ඉදිරියට. (ර)

:       0       0

සුදේශ් Thursday, 02 February 2017 10:54 AM

යකෝ ඇමෙරිකාවේ උන් ඉල්ලන් කන්න මෙච්චර ආසද?? (බ)

:       0       0

නාරද Monday, 06 February 2017 09:46 AM

ලංකාවෙත් කඩේ යන අය ඉන්නවා (බ)

:       0       0

අමල් Wednesday, 01 February 2017 12:59 PM

අපේ නායකයෝ එක එක රට වල ඉත්තෝ උනාට ඩොනල්ඩ් ට්‍රම්ප් කාගේවත් ඉත්තෙක් නෙමේ; ඉතාම කාලෝචිත තීරණයක්. කෙලින් වැඩ කරන රට ගැන හිතන නායකයෙක්. ඔය කෑ කෝ ගහන මුස්ලින් කට්ටිය ඒගොල්ලන්ගේ රට වලට අපහු යැව්වම ප්‍රශ්න ගොඩක් විසදෙනවා! ජයෙන් ජය. (ර)

:       0       0

සිල්වා බර්ලින් Wednesday, 01 February 2017 03:18 PM

ලෝකයේ සිටින හින්දු , බුද්ධාගම , යුදෙව් වැනි ආගම් වගේ නොවේ මුස්ලිම් අාගම ප්‍රධාන අාගම වශයෙන් අදහන රටවල් වලින් 90% විතර විශාල අර්බුද , ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජාතිකයන් මෙන් නොව ඉරාකේ , ඇෆ්ගනිස්තානේ , පාකිස්තානේ , සවුදියේ , කුවේට් , යේමන් වැනි රටවල් ජිවත් වන ජනතාව ගෙන් වාදී හරියක් දැඩි ජාති වාදී දරුණු අදහස් දරනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site