ඉරාකයට සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ තර්ජනය “කිසිසේත් ප්‍රයෝජනවත්” නැතැයි ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් පැවසීය.
ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඇතුළු සියලු විදෙස් හමුදා නෙරපා හැරීම සඳහා එරට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කර ගැනුණි.
ඊට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉරාකයට සම්බාධක පනවන බවට ද හෙතෙම තර්ජනය කළේය.
“මං හිතන්නේ නැහැ ඉරාකයට තර්ජනය කරලා ඒත්තු ගන්වන්න පුළුවන් කියලා. වාද විවාද කරලා කරන්න ඕන දෙයක් මේක” ජර්මානු ගුවන් විදුලි සේවයකට විදේශ අමාත්‍ය හයිකෝ මාස් පැවැසීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd