ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ මැන්හැටන්හී ඉදිකර තිබෙන ගොඩනැගිලි කිහිපයක ට්‍රම්ප්ගේ නම සහිත පුවරු ඉවත් කීරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශවාසීන් විසින් ගොනු කළ පෙත්සමක් අනුව මේ තීරණය ගෙන ඇත.තවද ප්‍රදේශවාසීහු අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කළහ.ඒ සඳහා 600ක් පමණ අත්සන් කර තිබිණි.

එම ගොඩනැගිලි වලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කොට ඒවා පිහිටා ඇති මාර්ග වල නම් ගොඩනැගිලි වලට යෙදීමට නියමිත බව වාර්තා වෙයි.

පෙත්සම සංවිධානය කළ පිරිස් පවසන්නේ තමන් ට්‍රම්ප් කාන්තාවන්ට සලකන ආකාරය, ඔහුගේ ජාතීවාදී ක්‍රියාකලාපය හා සංක්‍රමණිකයින් කෙරහි දක්වන ප්‍රතිපත්ති වලින් පීඩාවට පත්ව සිටින බවයි.

d ds Untitled-3

(ඡායාරූප-ඒ.එෆ්.පී/ඇසෝසියේටඩ් පුවත්)