ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ තවත් දෙදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ රැලිය සංවිධානය කිරීමට සම්බන්ධ වූ කණ්ඩායමට සම්බන්ධ දෙදෙනකු යැයි ද පැවසේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා ඔක්ලාහෝමා ජනපදයේ ටුල්සා නුවරදී මැතිවරණ රැලියක් පැවැත්වීය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකමින් හෙතෙම මෙම රැලිය පැවැත්වූ අතර ජනාධිපතිවරයා මාස ගණනකට පසු මැතිවරණ රැලියක් පැවැත්වූ පළමු අවස්ථාව ද එය විය.
එම රැලිය සංවිධානය කළ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වියග ඒ අනුව මේ වනවිට එම රැලිය සංවිධානය කළල ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ අටදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ද ගාඩියන්
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස ජීවත්වන බැවින්, ඇමරිකානුවන් 70% කට වඩා ජනාධිපතිට කැමති වුවද, ශ්‍රී ලාංකික ජනතාව ට්‍රම්ප් කෙරෙහි කෝප වන්නේ මන්දැයි මම නොදනිමි. මා දන්නා 90% කට වඩා වැඩි පිරිසක් ට්‍රම්ප්ට කැමති බවත් ඔවුන් චීනයට වෛර කරන බවත් මම දනිමි. පුද්ගලිකව මම දන්නවා මම ශ්‍රී ලාංකිකයෙක්... නමුත් සමහර විට ඔවුන් ටයිප් කරන්නේ කුමක්දැයි නොදන්නා සමහර ශ්‍රී ලංකන් විචාරකයින් ගැන දුක්වේ.