තම ප්‍රතිරූපයට හානිවන ආකාරයේ අවලස්සන ඡායාරූපයක්, ටයිම් සගරාවේ කවරයේ පළ වීම සම්බන්ධයෙන් ඇමෙරිකන්ප ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර ඇත. එම ඡායරූපය පළ කිරීම ගැන තමන් දැඩි ලෙස කනලාටුවට පත්වූ බව ට්‍රම්ප්, ටයිම් සගරාවට දන්වා ඇතැයි ද පැවැසෙයි.

ටයිම් යනු ලෝ ප්‍රකට ඇමෙරිකන් සගරාවකි. මෙවර ටයිම් සගරාවේ ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පළ වන්නේ ඡායාරූප පෙළක් ද සමඟය. ඒ ට්‍රම්ප්ගේ ජයග්‍රහණ යන සිරස්තලය යටතේය. ලිපියට පාදක වන්නේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී, ඊශ්‍රායල හමාස් ගැටුම සමථයකට පත් කිරීම සහ ඊශ්‍රායල පලස්තීන ගැටුමට විසඳුම් සෙවීමට කැපවීම මුල්කොට ගනිමිනි.

“ටයිම් සගරාවේ නවතම කලාපය මා වෙනුවෙන් වෙන් වී තිබීම සතුටට කාරණාවක්. ඒත් කවරයට ගත් ඡායාරූපය ගැන නම් සතුටයු වෙන්නේ නැහැ” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ