ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් මහතා ඉල්ලා අස්වූ බව ධවල මන්දිරය නිවේදනය කරයි.
ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ජනාධිපතිධුරයට පත්වීමට පෙර ඇමෙරිකා සම්බාධක සම්බන්ධයෙන් මයිකල් ෆ්ලින් මහතා එරට සිටින රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇත.
ඔහු බලධාරීන්ට වැරැදි තොරතුරු දුන් බවට අනාවරණය වී ඇත.ෆ්ලින් මහතා රුසියානු තානාපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි. ෆ්ලින් මහතා රුසියාවේ ප්‍රාණ ඇපයට පත්වීමේ අවදානමක් තිබූ බව ද වාර්තා වෙයි.
මේ අතර ෆ්ලින් මහතාගේ ඉල්ලා අස්වීමට පෙර ඔහු ධුරයෙන් නෙරපන්නැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉල්ලා තිබූණී.මේ අතර විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් කීත් කෙලොග් මහතා වැඩබලන ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස පත් කර ඇත.
ඔහු හමුදාවේ වසර 30ක අත්දැකීම් ඇති අයකු වන අතර වියට්නාම, කාම්බෝජියා, පැනමා සහ ගල්ෆ් යුද්ධවලට සම්බන්ධ වී ඇත.කීත් මහතා පසුගිය ජනාධිපතිවරණය සමයේදී ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි
අජිත් නිශ්ශංක Wednesday, 15 February 2017 06:19 PM
හොද හොද සෙල්ලම් එලිවන ජාමෙට! (ම)