
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් ඡවල මන්දිරයේ දී පැවැත්විණි.
සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේ ඇමෙරිකාව සතු අති ප්‍රබල ටමහෝක් වර්ගයේ මිසයිල තම හමුදාවට දෙන්නැයි ඉල්ලමිනි. ඒ, රුසියන් හමුදා ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් රුසියාවට පහර දීම සඳහාය.
ඒ වෙනුවෙන් යුක්රේනය නිෂ්පාදනය කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඇමෙරිකාවට ලබා දීමට කැමැති යැයි යුක්රේන ජනාධිපතිවරයා යෝජනාවක් ද කළේය.
කෙසේ නමුත්, ටමහෝක් මිසයිල ලබා දීමට ට්‍රම්ප් කැමැත්ත පළ කළේ නැත.
මේ අතර රුසියන් යුක්රේන යුද්ධය නතර කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට, හංගේරියාවේ බුඩපාස්ට් නුවරදී හමුවෙමු යැයි මේ වනවිට ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ එකඟත්වයක් ද පවතී.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd