නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු විය.
නිව්යෝක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට චෝදනා 34 ක් එල්ල වී තිබුණි. හිටපු ජනාපධිතිවරයා චෝදනා සියල්ලටම වරදකරු විය. ඒ අනුව, අපරාධ චෝදනාවලට වරදකරු වූ එකම ඇමෙරිකන් හිටපු ජනාධිපතිවරයා වන්නේ ද ට්‍රම්ප්ය.
ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත්තේ ජුලි මාසයේදීය. මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඒ, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝග කරමිනි.
ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පකෂය වන අතර බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.
ජූලි මාසයේ අධිකරණ තීන්දුව ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තමන්ට එල්ල වූ සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, තම ප්‍රතිවාදීන්, දේශපාලනික වශයෙන් තමන් නිහඬ කිරීමට උත්සාහ ගන්නා බවය.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ට්‍රම්ප් වරදකරු වෙයි