IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


“ට්‍රම්ප් වැරදි කළොත් මා මැදිහත් වෙනවා“

ඩොනල්ඩ් ට්‍රම්ප් අැමෙරිකා සංස්කෘතිය විනාශ වන අයුරින් ක්‍රියා කරන්නේ නම් තමන් ඒ ගැන විවේචනය කිරීමට සුදානම් බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

සාමාන්‍යයෙන් ඇමෙරිකා ජනපතිවරයෙක් ධුරයෙන් ඉවත් වීමෙන් පසු තම අනුප්‍රාප්තිකයාගේ පාලනය ගැන අදහස් දැක්වීමේන් වැළකි සිටියි.නමුත් තමන් ඒ ක්‍රමය වෙනස් කරමින් එසේ අදහස් දැක්වීමට සිතා සිටින බව ඔහු කීය.

නව ජනපතිවරයාට පාලනය සකස් කිරීමට කාලය ලබා දෙන බවත් ඔහු පැවසීය.පේරු හී පැවැත්වෙන ඇපෙක් සමුළුවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීවේය.

“ඩොනල්ඩ් ට්‍රම්ප් වැරදි අකාරයට ක්‍රියා කළොත් ඒවාට විරුද්ධ විය යුතුයි කියා මට සිතුනොත් රට ගැන සිතන පුරවැසියෙක් ලෙස අනිවාර්යයෙන් ඒ සඳහා මැදිහත් වෙනවා.“යැයිද ඔබාමා කීවේය.

sd

(ඡායාරූපය-රොයිටර් පුවත්)



අදහස් (0)

“ට්‍රම්ප් වැරදි කළොත් මා මැදිහත් වෙනවා“

නිශාන්ත Monday, 21 November 2016 11:31 AM

කපිල ඔබ හරියට හරි .(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 21 November 2016 11:47 AM

හලෝ අකුලාගෙන යන්න, ඔයාගේ කාලය අවසානය්. (බ)

:       0       0

ජගත් Monday, 21 November 2016 11:55 AM

ඇමරිකාවේ පහළ වුන කුහකම ජනාධිපති. (බ)

:       0       0

දර්ශන Monday, 21 November 2016 12:36 PM

ඔබාමා කිව්වේ හිලරිට ඡන්දේ දෙන්න කියලා. හිලරි පැරදුනා. ඒ කියන්නේ ඔබාමාත් පැරදි. කරුණාකරලා ගෙදර ඉන්න. එයාට එයාගේ වැඩක් කරගන්න දීලා. (හේ)

:       0       0

කපිල Monday, 21 November 2016 06:56 AM

මෙයත් මහින්ද වගේ . කාලේ ඉවරවෙලා ගෙදර ඉන්නේ නැතුව අනුන්ගේ දේවල් වලට හොට දානවා . මෙයාගේ කාලේ ඔක්කොම හොදට වුනා වගේ (බ)

:       0       0

සොපි Monday, 21 November 2016 07:14 AM

මෙතුමට එතුමා ගැන ඉරිසියා හිතිලා වගේ .....(ම)

:       0       0

ධම්ම Monday, 21 November 2016 03:06 PM

අපෙත් රටක් වටිනා දෙන්නෙක් මේ වගේ වැඩක් කරන්න ගිහිල්ලා නැවතුනේ මන්ත්‍රීකමක හා ආසන සංවිධායකකමක. ඔබටත් එසේම වේවා! (හේ)

:       0       0

මහසෙන් Monday, 21 November 2016 03:43 PM

දැන් මැදිහත් වෙන්න දෙයක් නෑ.(හේ)

:       0       0

හිමාල් Monday, 21 November 2016 07:45 AM

පුරවැසියෙක් ලෙස මැදිහත් වීමක් කියලා තියෙන්නේ. නැතුව ආයි ප්‍රාන්ත මැතිවරණෙට එනවා කියලා නෙවෙයි.(ම)

:       0       0

යහම්පත් නලින් Monday, 21 November 2016 08:05 PM

බල ලෝබයත්, තමන් අදහස් කරන උදව් කරපු කෙනා පැරදුන නිසාත් කියන කතා. ඕවා හරියන්නේ නැහැ ඇමරිකාවට (නි)

:       0       0

ලංකා Monday, 21 November 2016 08:14 PM

අපෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවා කියලා තේරිලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site