ඩොනල්ඩ් ට්‍රම්ප් අැමෙරිකා සංස්කෘතිය විනාශ වන අයුරින් ක්‍රියා කරන්නේ නම් තමන් ඒ ගැන විවේචනය කිරීමට සුදානම් බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
සාමාන්‍යයෙන් ඇමෙරිකා ජනපතිවරයෙක් ධුරයෙන් ඉවත් වීමෙන් පසු තම අනුප්‍රාප්තිකයාගේ පාලනය ගැන අදහස් දැක්වීමේන් වැළකි සිටියි.නමුත් තමන් ඒ ක්‍රමය වෙනස් කරමින් එසේ අදහස් දැක්වීමට සිතා සිටින බව ඔහු කීය.
නව ජනපතිවරයාට පාලනය සකස් කිරීමට කාලය ලබා දෙන බවත් ඔහු පැවසීය.පේරු හී පැවැත්වෙන ඇපෙක් සමුළුවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීවේය.
“ඩොනල්ඩ් ට්‍රම්ප් වැරදි අකාරයට ක්‍රියා කළොත් ඒවාට විරුද්ධ විය යුතුයි කියා මට සිතුනොත් රට ගැන සිතන පුරවැසියෙක් ලෙස අනිවාර්යයෙන් ඒ සඳහා මැදිහත් වෙනවා.“යැයිද ඔබාමා කීවේය.
(ඡායාරූපය-රොයිටර් පුවත්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල ඔබ හරියට හරි .(හේ)
හලෝ අකුලාගෙන යන්න, ඔයාගේ කාලය අවසානය්. (බ)
ඇමරිකාවේ පහළ වුන කුහකම ජනාධිපති. (බ)
ඔබාමා කිව්වේ හිලරිට ඡන්දේ දෙන්න කියලා. හිලරි පැරදුනා. ඒ කියන්නේ ඔබාමාත් පැරදි. කරුණාකරලා ගෙදර ඉන්න. එයාට එයාගේ වැඩක් කරගන්න දීලා. (හේ)
මෙයත් මහින්ද වගේ . කාලේ ඉවරවෙලා ගෙදර ඉන්නේ නැතුව අනුන්ගේ දේවල් වලට හොට දානවා . මෙයාගේ කාලේ ඔක්කොම හොදට වුනා වගේ (බ)
මෙතුමට එතුමා ගැන ඉරිසියා හිතිලා වගේ .....(ම)
අපෙත් රටක් වටිනා දෙන්නෙක් මේ වගේ වැඩක් කරන්න ගිහිල්ලා නැවතුනේ මන්ත්‍රීකමක හා ආසන සංවිධායකකමක. ඔබටත් එසේම වේවා! (හේ)
දැන් මැදිහත් වෙන්න දෙයක් නෑ.(හේ)
පුරවැසියෙක් ලෙස මැදිහත් වීමක් කියලා තියෙන්නේ. නැතුව ආයි ප්‍රාන්ත මැතිවරණෙට එනවා කියලා නෙවෙයි.(ම)
බල ලෝබයත්, තමන් අදහස් කරන උදව් කරපු කෙනා පැරදුන නිසාත් කියන කතා. ඕවා හරියන්නේ නැහැ ඇමරිකාවට (නි)
අපෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවා කියලා තේරිලා. (නි)