වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පිළිගෙන තිබේ.
බ්‍රසිලය, කොලොම්බියාව, පේරු ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයක් වෙනිසියුලාවේ නීත්‍යනුකූල ජනාධිපතිවරයා ලෙස ග්වායිඩෝ මහතාව පිළිගෙන ඇත.
ට්‍රම්ප් මහතාගේ එම තීරණයත් සමඟ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා ඇමෙරිකාව සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමා එරට සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පැය 72 ක කාලයක් ඇතුළත ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මීට මසකට පෙර පැවැත්වු අතර එරට විපක්ෂය විසින් එය වර්ජනය කෙරිණි. කෙසේ වෙතත් යළි නිකලස් මදුරෝ මහතා එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ බවත් එයට ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය.
වෙනිසියුලා රජයට එරෙහිව විපක්ෂය විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටියදී සිව් දෙනෙකු ද ඝාතනයට ලක් වූ බව වාර්තා වේ.
බීබිසි ඇසුරෙනි
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප් වෙනිසියුලාවේ ජනපති ලෙස ග්වායිඩෝව පිළිගනී