ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එරට වැඩ බලන නීතිපති සැලී යේට්ස් මහත්මියගේ සේවය අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
නව ජනපතිගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි කියති.
බැරක් ඔබාමා මහතාගේ පාලන කාලයේ සැලී යේට්ස් මහත්මිය වැඩබලන නීතිපති ලෙස පත් කරනු ලැබුවාය. දනා ජේ.බොන්ටේ මහතා ඇමරිකාවේ නව වැඩබලන නීතිපති ලෙස පත්කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් මෙහේ අයටත් උගන්නාවි! දැනටමත් එයාගේ පවුලේ අය කැබිනට් රැස්වීම් සහ විදේශ නායකයන් හමුවට යනවා! එයාගේ බෑනා උපෙදේශක! ටික දවසකින් ට්‍රම්ප් කොම්පැනි එක සෑම දෙයක්ම බාර ගනීවි! ඉතින් මෙයාට මොකටද ජනාධිපති වැටුපක්! (බ)
අනේද කියන්නෙ ... සවුදිය තහනම් කළේ නැහැ, එයා ගොඩක්ම බිස්නස් කරන්නෙ සෞදි කම්පැනි එක්ක නිසා.. නැත්නම් 9-11 ප්‍රහාරයේ මහ මොලේ ඉඳල පයිලට්ල දක්වා සවුදිකාරයො.(බ)
මිනිසුන් සමුල ඝාතනය කළ හිට්ලර්ලා, පොල්පොට්ලා මුස්ලිම්වරුන්ද සමන්ත..? ඔය අයිසිස් එක, ඉස්ලාම් කියන බැනර් එක එල්ල ගත්තට උන් කරන දේ ඉස්ලාමය කවදාවත් අනුමත කරන්නේ නැහැ. උන්, මුලිම්වරුනුත් නෙමෙයි. ලෝකේ ලොක්කන්ට සහ මාධ්‍යයන්ට හිතේ හැටියට සුදු කළු කරන්න පුළුවන්. ඒවා ගැන, විඥානයෙන් බලනවුන්ට වෙනස තේරෙයි. (බ)
ට්‍රම්ප් නියම මිනිහෙක් කෙලින් කතා කරන කියනදේ කරන මිනිහෙක් (බ)
මොනවා වුණත් කොන්දක් තියන මහත්තයෙක්. (නි)
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මිනිසෙක්.. (ම)
සුදේශ්, ට්‍රම්ප්ගේ අදහස් ඇමෙරිකානුවන්ට සහ සාමය සහ සහජීවනය අගයන ලෝකවාසී බහුතරයකට ඉතාම හොඳින් පෙනෙනවා, දැනෙනවා. ලංකාවේ ඉන්න ගොත්‍රවාදී සුළුතරයකට ඒවා පෙනෙන්නේ නැහැ. ඒක නිසානේ ලෝක හොරු පාර්ලිමේන්තුවට යවලා කනවෝ කනවෝ ගගා බොරුවට උඩ පනින්නේ! ඇමෙරිකානු සම්ප්‍රදායට ඉහළින් යන අය වැඩිකල් නොරැඳවීමට ඔවුන් වගබලා ගනීවි (නි)
සුනිල්, මෙයා එයාගේ කොන්දයි ඇමෙරිකාවේ කොන්දයි දෙකම වැඩිකල් යන්න කලින් කඩා දානවා!
කොහොමද ඇමරිකා වල ප්‍රජාතන්ත්‍රවාදය? ජනාධිපති තනියම තීරණය කළා. ගෙදර අැරියා. මීටවැඩිය ටිකක් මහින්ද හොඳයි. අපේ අයට මේවා මැජික් නෙමෙයිද? අපේ අය ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය මේ ලොවෙත් නැහැ. (නි)
බොමුද කෝපි කෝප්පයක් (බ)
ට්‍රම්ප්ට මෙහෙ ඉන්න අය සමාන කරන්න එපා. කොහොමත් වැඩබලන කෙනා පත්කළේ අලුත් ජනාධිපති එනතුරු. ඉන්පස්සේ ඒ පත්කිරීම කරන්නේ ජනාධිපති. ට්‍රම්ප් මැතිවරණයට තමාගේ සල්ලි වියදම් කළේ. ජනාධිපති හැටියට පඩියක් ගන්නේ නැහැ. දේශපාලනයට ආවේ ඇත්තටම සේවයක් කරන්න. අපේ රටේ අය එහෙමද? (නි)
නිතිය ක්‍රියාත්මක නොකරන විරුද්ධ අයව අයින් කරලා , කළ හැකි අයව දැම්මම හරි , ත්‍රස්තයන්ට සහ ඔවුන්ට උදව් කරනා අයට ගොඩක් රිදිලා ට්‍රම්ප් කරනා කියනා දේවල් වලට (බ)
එහෙමනම්, ට්‍රම්ප් ඒකාධිපති විනාශකාරී ගමනකටයි අර අඳින්නේ. ඉක්මනටම මිනිහට අනුන්ගේ ලේ දකින්න ඕනවෙලා වගෙයි. කුරිරු යුද්ධයකට, ආවැඩීමක් හැටියටයි මම මේ සිදුවීම් මාලාව දකින්නේ. (බ)
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියම නායකයෙක්. එ්ක ඇමරිකාවේ ඉන්න ගොන්නුන්ට තේරෙන්නේ නැහැ. (බ)
කොන්දක් තිබෙන ජනාධිපති කෙනෙක් (බ)
කුරිරු යුද්දේ දැනටත් තියෙනව. ට්‍රම්ප් හදන්නේ ඇමෙරිකාව බේරා ගන්න. හොඳ නායකයෙක්. බලමු මොකද වෙන්නේ කියල. මුස්ලිම් අන්තවදියෝ ඉන්න රටවල හරිම කරදර. (බ)
හුසේන්ලට දවල් තරු පෙන්නන ට්‍ර්ප්පච්චිට ජය වේවා !!! (ම)
හුසේන් ලට මොහමඩ් ලට ෆාරුක් ලට ගොඩක් රිදිලා , ට්‍රම්ප් නීති ඇති කරේ එම රටේ පැවැත්මට ආරක්ෂාවට , කොන්ද කෙලින් තියන් , අපේ රටේ වාගේ දෙබිඩි දේශපාලකයෙක් නොවේ නිසා. (ර)
මොහොමඩ් මොකක්ද ඔයා කියන කතාවේ තේරුම.ඒ මනුස්සය මේ උඩු දුවන ත්‍රස්තවාදයෙන් එයාගේ රට බේරගන්නනේ මේවා කරන්නේ.ඔයා මොකටද ඔච්චර කලබල වෙන්නේ. (බ)
අනිත් නායකයන්ට හොද අාදර්ශයක් ජනාධිපති ට්‍රම්ප් (බ)
ඔව් ට්‍රම්ප් මහතාණනි, වැඩක් පටන්ගන්න කලින් වැඩ පටන්ගන්න තැන සුද්ද පවිත්‍ර කරගත යුතුය. කකුලෙන් අදින අය තියා ගතයුතු නැත. මහින්ද මහත්තත් එසේ නොකළා නම් අපිට යුද්ධය දිනන්න නොහැක (නි)
මෙච්චර කාලයක් බටහිර විරෝධී බලවේගයන් කියපු කට්ටිය දැන් ඇමෙරිකාව තරම් හොද රටක් නැහැ කියනවා වගේ....බලමු බලමු.. තවම මේ පටන් ගත්ත විතරයි.. ජාතිකවාදී අය දැන් බටහිර පැත්ත බලාගෙන තමයි හැමදේම කරන්නේ (බ)
හුසේන් ඔබට ඇමරිකාව හදන්න බෑ. කට වහන් ඉන්න (බ)
අනේ හුසේන් මොහමඩ් අනුන්ගේ ලේ දකින්න ඕනවෙලා තියෙන්නේ ට්‍රම්ප් ට නෙමෙයි ඔයාලගේ මිනිස්සුන්ට.තේරුනාද? උන් කරන තිරිසන් වැඩ නිසා තමා මෙවැනි තීරණ මුස්ලිම් සමාජයට එරෙහිව ගන්න වෙලා තියන්නේ. (බ)
මේ ඔක්කොම නිකන් රවට්ටන වැඩ මේවා සාර්ථකද කියල බලන්න ඕනි ටිකක් කල් ගියහම .අපේ මිනිස්සුත් කිනක් වාද කරන්නේ අර සෝඩා බෝතල් වගේ. (අ)
‘ඇමරිකාව උඩු යටිකුරු කරන්න හදන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුබපැතුම්‘ අන්තවාදීන්ට වගේම ත්‍රස්තවාදීන් විසින් සිදුකරන රටවල් විනාශ කිරීම වැළැක්වීමට එතුමා ඍජුව කටයුතු කිරීම සතුටක්...අපිට වදයක් වුනු බිත්තර ආප්ප කාපු ලේකම්වරියෝ දෙදෙනාත් ඉවත කළා. මේවා දැකලවත් යහපාලන හාදයෝ පාඩමක් ඉගෙනගත්තොත් හොදයි. (බ)
හුසේන් ,ඔය කුරිරු යුද්ධ ගැන කතා කරනකොට හිනා යනවා! (බ)
අන්තවාදය නැති කරන්න මැතිඳුනි. අමෙරිකාවේ ඉන්න නීති විරෝදී සියලුදෙනා පන්නා දමා ඇමෙරිකාව දෙවියලෝකයක් කරනු මැනවි. (බ)
ට්‍රම්ප් ජනාධිපති තුමාට ජයවේවා! (අ)
ඇමෙරිකාවත් මෙහේ වගේම වුණා එහෙනම්, තමන්ට විරුද්ධ තීන්දුව දුන් අග විනිසුරුවරිය අයින් කලා මෙහේ, එම කාරණයටම නීතිපති අයින් කලා එහේ. (ම)
හුසේන් මොහමඩ් මිනිසුන් සමුල ඝාතනය කළ හිට්ලර්ලා, පොල්පොට්ලාට කලදේ ඔබ දන්නවනේ ඒ ටිකම තමයි ඇමරිකාව ත්‍රස්ත වාදීන්ට කොරන්න හදන්නේ. (ර)
ඔහුට වැඩකරන්න ලේසි නිළධාරියෙක් පත් කරන්න ඇති. (ර)
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියා කලාපයන් ගැන, ටිකක් හෝ දැනුමක් නැති හුදෙක් අඳුරේ අතපත ගාන උදවිය වැඩි බවයි අදහස්වලින් පෙනීයන්නේ.(ම)
ට්‍රම්ප් ජනාධිපති මුළු ලෝකෙටම ආදර්ශයක්.(හේ)
කොන්ද කෙලින් තියන් ලෝකේ බලවත් කියන ජනාධිපතිගේ වැරදි තීරණයට හිස නොනැමූ විශිෂ්ඨ කාන්තාවක්. ඒ වගේම රජයේ නිලධාරිනියක්. මෙහෙම අය අපේ රටටත් අවශ්‍යම මොහොතක් (හේ)
මෙය ඔය නීතිය මෙය ධනය ආයෝජනය කරලා තියෙන රටවල්වලට නෙමෙයි සම්භාධක දාලා තියෙන්නේ. (හේ)