IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් වැඩබලන නීතිපති ඉවත් කරයි

ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එරට වැඩ බලන නීතිපති සැලී යේට්ස් මහත්මියගේ සේවය අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

නව ජනපතිගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි කියති.

බැරක් ඔබාමා මහතාගේ පාලන කාලයේ සැලී යේට්ස් මහත්මිය වැඩබලන නීතිපති ලෙස  පත් කරනු ලැබුවාය. දනා ජේ.බොන්ටේ මහතා ඇමරිකාවේ නව වැඩබලන නීතිපති ලෙස පත්කරනු ලැබ සිටී.



අදහස් (0)

ට්‍රම්ප් වැඩබලන නීතිපති ඉවත් කරයි

අජිත් නිශ්ශංක Wednesday, 01 February 2017 05:33 AM

ට්‍රම්ප් මෙහේ අයටත් උගන්නාවි! දැනටමත් එයාගේ පවුලේ අය කැබිනට් රැස්වීම් සහ විදේශ නායකයන් හමුවට යනවා! එයාගේ බෑනා උපෙදේශක! ටික දවසකින් ට්‍රම්ප් කොම්පැනි එක සෑම දෙයක්ම බාර ගනීවි! ඉතින් මෙයාට මොකටද ජනාධිපති වැටුපක්! (බ)

:       0       0

සුසිල් Wednesday, 01 February 2017 07:03 AM

අනේද කියන්නෙ ... සවුදිය තහනම් කළේ නැහැ, එයා ගොඩක්ම බිස්නස් කරන්නෙ සෞදි කම්පැනි එක්ක නිසා.. නැත්නම් 9-11 ප්‍රහාරයේ මහ මොලේ ඉඳල පයිලට්ල දක්වා සවුදිකාරයො.(බ)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 01 February 2017 07:19 AM

මිනිසුන් සමුල ඝාතනය කළ හිට්ලර්ලා, පොල්පොට්ලා මුස්ලිම්වරුන්ද සමන්ත..? ඔය අයිසිස් එක, ඉස්ලාම් කියන බැනර් එක එල්ල ගත්තට උන් කරන දේ ඉස්ලාමය කවදාවත් අනුමත කරන්නේ නැහැ. උන්, මුලිම්වරුනුත් නෙමෙයි. ලෝකේ ලොක්කන්ට සහ මාධ්‍යයන්ට හිතේ හැටියට සුදු කළු කරන්න පුළුවන්. ඒවා ගැන, විඥානයෙන් බලනවුන්ට වෙනස තේරෙයි. (බ)

:       0       0

ප්‍රගීත් Wednesday, 01 February 2017 08:09 AM

ට්‍රම්ප් නියම මිනිහෙක් කෙලින් කතා කරන කියනදේ කරන මිනිහෙක් (බ)

:       0       0

දිස්නා Wednesday, 01 February 2017 07:07 PM

මොනවා වුණත් කොන්දක් තියන මහත්තයෙක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 31 January 2017 09:14 AM

කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මිනිසෙක්.. (ම)

:       0       0

අජිත් Tuesday, 31 January 2017 05:27 PM

සුදේශ්, ට්‍රම්ප්ගේ අදහස් ඇමෙරිකානුවන්ට සහ සාමය සහ සහජීවනය අගයන ලෝකවාසී බහුතරයකට ඉතාම හොඳින් පෙනෙනවා, දැනෙනවා. ලංකාවේ ඉන්න ගොත්‍රවාදී සුළුතරයකට ඒවා පෙනෙන්නේ නැහැ. ඒක නිසානේ ලෝක හොරු පාර්ලිමේන්තුවට යවලා කනවෝ කනවෝ ගගා බොරුවට උඩ පනින්නේ! ඇමෙරිකානු සම්ප්‍රදායට ඉහළින් යන අය වැඩිකල් නොරැඳවීමට ඔවුන් වගබලා ගනීවි (නි)

:       0       0

අජිත් Wednesday, 01 February 2017 07:41 PM

සුනිල්, මෙයා එයාගේ කොන්දයි ඇමෙරිකාවේ කොන්දයි දෙකම වැඩිකල් යන්න කලින් කඩා දානවා!

:       0       0

උපුල් Sunday, 05 February 2017 04:19 PM

කොහොමද ඇමරිකා වල ප්‍රජාතන්ත්‍රවාදය? ජනාධිපති තනියම තීරණය කළා. ගෙදර අැරියා. මීටවැඩිය ටිකක් මහින්ද හොඳයි. අපේ අයට මේවා මැජික් නෙමෙයිද? අපේ අය ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය මේ ලොවෙත් නැහැ. (නි)

:       0       0

ඒකනායක Tuesday, 31 January 2017 10:25 AM

බොමුද කෝපි කෝප්පයක් (බ)

:       0       0

නාමල් Tuesday, 31 January 2017 08:50 PM

ට්‍රම්ප්ට මෙහෙ ඉන්න අය සමාන කරන්න එපා. කොහොමත් වැඩබලන කෙනා පත්කළේ අලුත් ජනාධිපති එනතුරු. ඉන්පස්සේ ඒ පත්කිරීම කරන්නේ ජනාධිපති. ට්‍රම්ප් මැතිවරණයට තමාගේ සල්ලි වියදම් කළේ. ජනාධිපති හැටියට පඩියක් ගන්නේ නැහැ. දේශපාලනයට ආවේ ඇත්තටම සේවයක් කරන්න. අපේ රටේ අය එහෙමද? (නි)

:       0       0

කුමාර පමුණුව Tuesday, 31 January 2017 10:40 AM

නිතිය ක්‍රියාත්මක නොකරන විරුද්ධ අයව අයින් කරලා , කළ හැකි අයව දැම්මම හරි , ත්‍රස්තයන්ට සහ ඔවුන්ට උදව් කරනා අයට ගොඩක් රිදිලා ට්‍රම්ප් කරනා කියනා දේවල් වලට (බ)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Tuesday, 31 January 2017 05:23 AM

එහෙමනම්, ට්‍රම්ප් ඒකාධිපති විනාශකාරී ගමනකටයි අර අඳින්නේ. ඉක්මනටම මිනිහට අනුන්ගේ ලේ දකින්න ඕනවෙලා වගෙයි. කුරිරු යුද්ධයකට, ආවැඩීමක් හැටියටයි මම මේ සිදුවීම් මාලාව දකින්නේ. (බ)

:       0       0

සුදේශ් Tuesday, 31 January 2017 05:30 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියම නායකයෙක්. එ්ක ඇමරිකාවේ ඉන්න ගොන්නුන්ට තේරෙන්නේ නැහැ. (බ)

:       0       0

දමයන්ති Tuesday, 31 January 2017 05:50 AM

කොන්දක් තිබෙන ජනාධිපති කෙනෙක් (බ)

:       0       0

සංජු Tuesday, 31 January 2017 05:51 AM

කුරිරු යුද්දේ දැනටත් තියෙනව. ට්‍රම්ප් හදන්නේ ඇමෙරිකාව බේරා ගන්න. හොඳ නායකයෙක්. බලමු මොකද වෙන්නේ කියල. මුස්ලිම් අන්තවදියෝ ඉන්න රටවල හරිම කරදර. (බ)

:       0       0

රත්නායක Tuesday, 31 January 2017 11:14 AM

හුසේන්ලට දවල් තරු පෙන්නන ට්‍ර්ප්පච්චිට ජය වේවා !!! (ම)

:       0       0

ගන්දර සුනිල් Wednesday, 01 February 2017 11:04 AM

හුසේන් ලට මොහමඩ් ලට ෆාරුක් ලට ගොඩක් රිදිලා , ට්‍රම්ප් නීති ඇති කරේ එම රටේ පැවැත්මට ආරක්ෂාවට , කොන්ද කෙලින් තියන් , අපේ රටේ වාගේ දෙබිඩි දේශපාලකයෙක් නොවේ නිසා. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 31 January 2017 06:08 AM

මොහොමඩ් මොකක්ද ඔයා කියන කතාවේ තේරුම.ඒ මනුස්සය මේ උඩු දුවන ත්‍රස්තවාදයෙන් එයාගේ රට බේරගන්නනේ මේවා කරන්නේ.ඔයා මොකටද ඔච්චර කලබල වෙන්නේ. (බ)

:       0       0

ජෝන් Tuesday, 31 January 2017 06:10 AM

අනිත් නායකයන්ට හොද අාදර්ශයක් ජනාධිපති ට්‍රම්ප් (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 06 February 2017 12:50 AM

ඔව් ට්‍රම්ප් මහතාණනි, වැඩක් පටන්ගන්න කලින් වැඩ පටන්ගන්න තැන සුද්ද පවිත්‍ර කරගත යුතුය. කකුලෙන් අදින අය තියා ගතයුතු නැත. මහින්ද මහත්තත් එසේ නොකළා නම් අපිට යුද්ධය දිනන්න නොහැක (නි)

:       0       0

සංජීව Tuesday, 31 January 2017 06:21 AM

මෙච්චර කාලයක් බටහිර විරෝධී බලවේගයන් කියපු කට්ටිය දැන් ඇමෙරිකාව තරම් හොද රටක් නැහැ කියනවා වගේ....බලමු බලමු.. තවම මේ පටන් ගත්ත විතරයි.. ජාතිකවාදී අය දැන් බටහිර පැත්ත බලාගෙන තමයි හැමදේම කරන්නේ (බ)

:       0       0

පීරිස් Tuesday, 31 January 2017 06:20 AM

හුසේන් ඔබට ඇමරිකාව හදන්න බෑ. කට වහන් ඉන්න (බ)

:       0       0

සුසන්ත Tuesday, 31 January 2017 11:59 AM

අනේ හුසේන් මොහමඩ් අනුන්ගේ ලේ දකින්න ඕනවෙලා තියෙන්නේ ට්‍රම්ප් ට නෙමෙයි ඔයාලගේ මිනිස්සුන්ට.තේරුනාද? උන් කරන තිරිසන් වැඩ නිසා තමා මෙවැනි තීරණ මුස්ලිම් සමාජයට එරෙහිව ගන්න වෙලා තියන්නේ. (බ)

:       0       0

බටුගෙදර Wednesday, 01 February 2017 02:50 AM

මේ ඔක්කොම නිකන් රවට්ටන වැඩ මේවා සාර්ථකද කියල බලන්න ඕනි ටිකක් කල් ගියහම .අපේ මිනිස්සුත් කිනක් වාද කරන්නේ අර සෝඩා බෝතල් වගේ. (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 31 January 2017 06:45 AM

‘ඇමරිකාව උඩු යටිකුරු කරන්න හදන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුබපැතුම්‘ අන්තවාදීන්ට වගේම ත්‍රස්තවාදීන් විසින් සිදුකරන රටවල් විනාශ කිරීම වැළැක්වීමට එතුමා ඍජුව කටයුතු කිරීම සතුටක්...අපිට වදයක් වුනු බිත්තර ආප්ප කාපු ලේකම්වරියෝ දෙදෙනාත් ඉවත කළා. මේවා දැකලවත් යහපාලන හාදයෝ පාඩමක් ඉගෙනගත්තොත් හොදයි. (බ)

:       0       0

නුවන් Tuesday, 31 January 2017 06:44 AM

හුසේන් ,ඔය කුරිරු යුද්ධ ගැන කතා කරනකොට හිනා යනවා! (බ)

:       0       0

අනුරාධ Tuesday, 31 January 2017 06:49 AM

අන්තවාදය නැති කරන්න මැතිඳුනි. අමෙරිකාවේ ඉන්න නීති විරෝදී සියලුදෙනා පන්නා දමා ඇමෙරිකාව දෙවියලෝකයක් කරනු මැනවි. (බ)

:       0       0

වෙදගේ Wednesday, 01 February 2017 03:42 AM

ට්‍රම්ප් ජනාධිපති තුමාට ජයවේවා! (අ)

:       0       0

සුසිල් Tuesday, 31 January 2017 06:55 AM

ඇමෙරිකාවත් මෙහේ වගේම වුණා එහෙනම්, තමන්ට විරුද්ධ තීන්දුව දුන් අග විනිසුරුවරිය අයින් කලා මෙහේ, එම කාරණයටම නීතිපති අයින් කලා එහේ. (ම)

:       0       0

බමුණු Monday, 06 February 2017 11:24 AM

හුසේන් මොහමඩ් මිනිසුන් සමුල ඝාතනය කළ හිට්ලර්ලා, පොල්පොට්ලාට කලදේ ඔබ දන්නවනේ ඒ ටිකම තමයි ඇමරිකාව ත්‍රස්ත වාදීන්ට කොරන්න හදන්නේ. (ර)

:       0       0

රුවන් Monday, 06 February 2017 11:26 AM

ඔහුට වැඩකරන්න ලේසි නිළධාරියෙක් පත් කරන්න ඇති. (ර)

:       0       0

රිදී රේඛාව Tuesday, 31 January 2017 07:19 AM

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියා කලාපයන් ගැන, ටිකක් හෝ දැනුමක් නැති හුදෙක් අඳුරේ අතපත ගාන උදවිය වැඩි බවයි අදහස්වලින් පෙනීයන්නේ.(ම)

:       0       0

දමයන්ති Tuesday, 31 January 2017 02:27 PM

ට්‍රම්ප් ජනාධිපති මුළු ලෝකෙටම ආදර්ශයක්.(හේ)

:       0       0

සහන Tuesday, 31 January 2017 02:27 PM

කොන්ද කෙලින් තියන් ලෝකේ බලවත් කියන ජනාධිපතිගේ වැරදි තීරණයට හිස නොනැමූ විශිෂ්ඨ කාන්තාවක්. ඒ වගේම රජයේ නිලධාරිනියක්. මෙහෙම අය අපේ රටටත් අවශ්‍යම මොහොතක් (හේ)

:       0       0

කුමාර Tuesday, 31 January 2017 02:30 PM

මෙය ඔය නීතිය මෙය ධනය ආයෝජනය කරලා තියෙන රටවල්වලට නෙමෙයි සම්භාධක දාලා තියෙන්නේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site