වොෂින්ටන්හිදීය (රොයිටර්)
ජී 7 සමුළුවට රුසියාව ද එක්විය යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
මීට පෙර ජී8 නමින් මෙම සමුළුව පැවැති අතර රුසියාවේ යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීමත් සමඟ 2014 වසරේදී එයින් රුසියාව ඉවත් කෙරුණි. ඇමෙරිකා ජනාධිපතිවරයා රුසියාව ජී7 සංවිධානයට එක්විය යුතු බව සඳහන් කළ ද රුසියාව පවා එම අදහස් ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඔහු සහ ජී7 සංවිධානයේ අනෙකුත් රටවල් නායකයන් අතර වෙළෙඳාම, දේශගුණ විපර්යාස සහ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මතභේද තිබෙන අවස්ථාවකදීය.
“ඔබ දන්නවා, ඔබ කැමැති වුණත් අකැමැති වුණත් , එය දේශපාලනිකව නිවැරැදි නොවුණත් අපට ලෝකය ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. ඒ වගේම ජී7ත් ඉදිරියට යා යුතුයි. එය කලින් ජී8 ලෙසයි තිබුණේ. ඔවුන් රුසියාව ඉවත් කළා. අනෙක් පාර්ශව රුසියාව නැවත සම්බන්ධ කර ගත යුතුයි. සාකච්ඡා මේසයේ රුසියාව සිටිය යුතු” යැයි කැනඩාවේ කිබෙක්සිටි හී පැවැත්වෙන 44 වැනි ජී7 සමුළුවට පිටත්ව යෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.

- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd