
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට එවැනි සහතිකයක් ලබා දී නැති බවය.
ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරන්නේ, ඇමෙරිකාව රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක පනවා ඇති අවස්ථාවකය. සම්බාධක පැනවීමේ අරමුණ, රුසියන් ආර්ථිකය අඩපණ කිරීමය.
කෙසේ නමුත් ඉන්දියාව, චීනය සහ ඇතැම් යුරෝපා බටහිර රටවල් රුසියාව සමඟ තෙල් මිලදී ගනිමින් ගනුදෙනු කිරීමෙන් රුසියාවට අවශ්‍ය විදියේ පීඩනයක් එල්ල කිරීමට ඇමෙරිකාවට නොහැකි වී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම සමීප මිතුරකු බවත්, තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකතනයෙන් කතාබහ කරද්දී, රුසියාවෙන් තෙල් ගැනීම නවත්වන බවට අග්‍රාමාත්‍ය මෝදි තමන්ට සහතික වූ බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේ පෙරේදා (16) දිනයේය.
කෙසේ නමුත් ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ, එවැනි දුරකතන කතාබහක් සිදු නොවුණු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd