IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දියාව සුදානම්

දැවැන්ත රැළියක් පවත්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු යොදා ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දෙදින නිල සංචාරය ශක්තිමත් හා ස්ථාවර ගිවිසුම්වලට එළැඹෙනවාට වඩා උත්සවාකාර එකක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවේ රැඳී සිටිනු ඇත්තේ පැය 36කට ආසන්න කාලයක් පමණක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහාිනමස්තේ ට්‍රම්ප්’ යනුවෙන් දැවැන්ත රැළියක් සංවිධානය කර තිබෙන අතර ඊට අගමැති මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයේ 100,000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි පැවසේග

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරටයග

මෝදි සහ ට්‍රම්ප් යන දෙදෙනාම ජාතිකවාදී නායකයන් ලෙස ප්‍රකට අතර පසුගිය වසරේදී ඇමෙරිකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා හූස්ටන්හිිහවුඩි මෝදි’ යනුවෙන් දැවැන්ත හා විචිත්‍රවත් උත්සවයක් සංවිධානය කර තිබිණි.

අහ්මෙදාබාද් නුවර ඉදි කර තිබෙන ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ජනතාව ඇමතීමට නියමිතය.

අද පස්වරුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් සමඟ අග්‍රා නුවර ටජ්මහල’ නැරැඹීමට යෑමට නියමිත අතර ඉන්පසුව හෙට දිල්ලියේදී අග්‍රාමාත්‍ය මෝදි සමඟ සාකච්ඡා පවත්වනු ඇත.

‘‘දෙරට අතර පවතින දීර්ඝකාලීන හා ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට යනවා’’ යැයි ඇමෙරිකානු පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

‘‘මේ සංචාරය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මෝදි අතර තිබෙන ඉතා සමීප සබඳතාවට කදිම උදාහරණයක්’’ යැයි එම නිලධාරියා කීය.

ට්‍රම්ප්ගේ සංචාරය වෙනුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ අගනුවර වන අහ්මෙදාබාද් නුවර සූදානම් කරමින් තිබෙන අතර ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සැලකෙන සර්දා පටලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම් තවමත් අවසන් කර නැත. ඇමෙරිකානු ජනාධිපතිවරයා එහි ගියද ක්‍රීඩාංගනය පසු දිනකදී විවෘත කරනු ඇතැයි ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.

ට්‍රම්ප් පිළිගැනීම සඳහා අහ්මෙදාබාද් නුවර සහ තවත් නගර රැසක විශාල පුවරු ස්ථාපිත කර තිබෙන අතර දෙරටේ ජාතික ධජ ද ප්‍රදර්ශනය කර ඇත.බොහෝ පුවරුවල මෝදි, ට්‍රම්ප් සහ මෙලානියාගේ ඡායාරූප දක්නට විය.

‘‘ලොව පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී සහ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට’’ යන අරුත් දෙන විශාල පුවරු දහස් ගණනක් ද දක්නට ලැබිණි. අහ්මෙදාබාද් නුවර ප්‍රධාන මාර්ග දෙපස මීටර 10න් 10ටි ‘ශක්තිමත් ජාතීන් දෙකක්, එක් විශිෂ්ට මිත්‍රත්වයක්’’ යන අරුත් දෙන පුවරු ද ප්‍රදර්ශනය කර තිබිණි.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දියාව සුදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site