
රුසියන් යුක්රේන යුද්ධය තවත් දුරදිග ගෙන යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ට ඇමතුක් දී ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළත්, එම වාර්තා සාවද්‍ය බව ක්‍රෙම්ලීනය පවසයි.
ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව්, ඊයේ (11) පැවැසුවේ, දෙවැනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ තවමත් කිසිදු කතාබහකන් සිදු වී නැති බවය.
එසේ වුවත්, පසුගිය දා රුසියාවේ සෝචි නුවර පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ, රුසියන් ජනාධිපතිවරයා ට්‍රම්ප්ට සුබ පතමින් ට්‍රම්ප් වර්ණනා කළේය. එම අවස්ථාවේදී පුටින් කියා සිටියේ රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට ට්‍රම්ප් යේජනා කරන්නේ කුමක්දැයි අසා දැන ගැනීමට තමන් උනන්දු බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd