IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ට්‍රම්ප් පුටින්ට ඇමතුමක් දුන්නේ නෑ

රුසියන් යුක්රේන යුද්ධය තවත් දුරදිග ගෙන යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ට ඇමතුක් දී ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළත්, එම වාර්තා සාවද්‍ය බව ක්‍රෙම්ලීනය පවසයි.

ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව්, ඊයේ (11) පැවැසුවේ, දෙවැනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ තවමත් කිසිදු කතාබහකන් සිදු වී නැති බවය.

එසේ වුවත්, පසුගිය දා රුසියාවේ සෝචි නුවර පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ, රුසියන් ජනාධිපතිවරයා ට්‍රම්ප්ට සුබ පතමින් ට්‍රම්ප් වර්ණනා කළේය. එම අවස්ථාවේදී පුටින් කියා සිටියේ රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට ට්‍රම්ප් යේජනා කරන්නේ කුමක්දැයි අසා දැන ගැනීමට තමන් උනන්දු බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් පුටින්ට ඇමතුමක් දුන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 16 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site