ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ඍජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පැවසුවේය.
දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් පැවති වාර්ෂික මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසා ඇත.
ඒ අනුව නායකයින් දෙදෙනා හමුවී ද්වී පාර්ශික සම්බන්ධතා සහ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පවැත්වීමට නියමිතය.
ගෝලීය ආරක්ෂාව, ආයුධ පාලනය සහ ඇෆ්ගනිස්තානය ආදී කරුණු පිළිබඳ එහිදී අවධානය යොමු කරනු ඇත.
“අප අතර සැකච්ඡාවක් පැවැත්විය යුතු නම්, බොහෝවිට අපි ඒ සඳහා සූදානමින් ඉන්නේ. අපි විශ්වාස කරනවා මේ ගැටලු අපි එක්ව සාකච්ඡා කළ යුතුයි කියලා“ රුසියානු ජනාධිපතිවරයා පැවසුවේය.
“මම බලාපොරොත්තු වෙනවා යමක් නිවැරදි වනු ඇති කියලා. ඇත්ත වශයෙන්ම අපි අපගේ සබඳතාවන්ගෙන් පහළ මටටමේ පසුවෙන්නේ. පහළ මට්ටමේ සිට ඉදිරියට යාමට අවශ්‍ය බව අවබෝධ කරගත යුතුයි. කුමක් සිදු වුවද, අපි ද්විපාර්ශ්වික සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍යයි. අපි ඒ සඳහා සූදානම්“ රුසියානු ජනාධිපතිවරයා පැවසුවේය.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප් - පුටින් ඍජු සාකච්ඡා පැවැත්වීමට සූදානම්