ප්‍රධාන මුස්ලිම් රටවල් හතක ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම නවත්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝගයක් දීමත් සමඟ ලෝ ප්‍රකට ගූගල් සමාගම තම සේවකයන් නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව නිවාඩු ගෙන ඇමෙරිකාවෙන් පිටව යමින් සිටින තම සේවකයන්ට නැවත පැමිණෙන්නැයි ගූගල් සමාගම දැනුම් දී ඇත.
ප්‍රධාන මුස්ලිම් රටවල් හතක සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා නියෝගයක් පැනවීය.
මේ අතර ඉදිරියේදී දැනුම් දෙන තුරු සිරියානුවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර ඇත. ඉදිරි මාස තුනක කාලයේදී ඉරානය හා ඉරාකය ඇතුළු රටවල් හයකට ජාතිකයන්ට වීසා නොදීමට ද ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මෙම නියෝග අනුව ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව සහ ලිබියාව ආදී රටවල දහස් ගණනකට ඇමෙරිකාවට ගමන් කරන ගුවන් යානාවලට ගොඩවීමට අවසර නොලැබෙනු ඇතැයි පැවසේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම නියෝග හේතුවෙන් ලොව පුරා රටවලින් සේවකයන් යොදාගන්න ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මයික්‍රොසොෆ්ට්, ගූගල් වැනි සමාගම් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයිද එම වාර්තාවල දැක්විණි.
077


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව මේ තත්ත්වයට කවදා එයිද? (නි)
ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියා නිසා රටවල් වළපල්ලට ගියොත් මයික්‍රොසොෆ්ට්, ගූගල් වැනි සමාගම් වලට පැවැත්මක් තිබේවිද? (නි)
ට්‍රම්ප් මේ වැඩේ කරන්නේ ඔය සමාගම් වලට පාඩමක් උගන්වන්න (නි)
මෙන්න නියම සැබෑ යුග පුරුෂයෝ! (නි)
තමන්ගේ රටට තියෙන ආදරය නිසානේ මේවා කරන්නේ නියම නායකයෝ (නි)
මට හිතෙන හැටියට නම් ඉතාම හොඳ නියෝගයක් (නි)
හිට්ලරුත් තාප්පයක් පෝලන්තයේ ගහන්න කලින් කිව්වේ යුදෙව්වන්ව ආරක්ෂා කරන්න කියලා. අන්තිමට වුණ දේ දන්නවනේ. හැබැයි මේ වගේ කෙනෙක් ඇමරිකාවේ රජ වුණ එක හොඳයි. මේ නිසා ලෝකයට ලොකු වදයක් වන ඇමරිකාව ලෝකෙන් කොන්වේවි. (නි)
රට ගැන සිතා ගත් තීරණයක් (නි)
තම රටට ආදරය කරන ජන නායකයන්. එ්ත් අපේ රටේ නායකයෝ නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවා (නි)
ත්‍රස්තවාදීන් හුරතල් කරලා තමා ලෝකය විනාශවුණේ. දැන් හොඳයි (නි)
ගැටලුවක් විසඳීමට විවිධ විසඳුම් ඉදිරිපත් කිරිම හා ගැටලුව විසඳීම යනු දෙකකි. ගැටලුව සඳහා විසඳුම් නොව නිවැරදි විසඳුම ඉදිරිපත් කිරීමයි වැදගත්. (නි)
බෙල්ල ගහලා ගියත් දුන් පොරොන්දු ඉටුකරන නායකයෙක්. ඇමරිකාවේ රැකියා පළමුව ඇමරිකානුවන්ට කියලනේ පොරොන්දු වුණේ. (නි)
ඔන්න අපේ ඩයස්පෝරාවල් ටික කපන්න බැරි අත සිඹින්නට පටන් අරගෙන. ඔබතුමාට සහයෝගය දෙන්න මොවුන් ලැහැස්ති වෙනවා. ට්‍රම්ප් මැතිතුමනි, ඕවට රැවටෙන්න එපා. (නි)
පෙරේරා, ඇමරිකාවට එහෙම කරලා කවුද ඉස්සරහට ගන්න හදන්නේ? එ්කත් කියන්න. (නි)
රටට ජාතියට ආදරේ ඇති නියම නායකයෙකුට සුබපතන, ගුණගයන සැමට ස්තුතිය. මෙවැනි නායකයෙකු අපිට කවදා ලැබේවිද? (නි)
අනේ මේ සමහර අය මොනවද මේ දොඩවන්නේ? ට්‍රම්ප් ඔය කරන්නේ රටට ආදරේට නොවේ! එයා වචනයේ පරිසමාප්තියෙන්ම ජාතිවාදියෙක් බව ලෝකෙටම පෙන්නපු එක විතරයි! ලංකාවේ ගෝත්‍රවාදී අදහස් දරන අයට නම් මහා ලොකු වීරකමක් වගේ පෙනෙනවා ඇති.පරස්නේ දුරදිග බලන්නේ නැහැ ඔහේ බෙරිහන් දෙනවා (බ)
යහපාලනය වගේමයි නේද? අනේ අපිටත් කොන්ද තියෙන කෙනෙක් හිටියා නම් (නි)
අපේ ගෝඨාභය මැතිඳුගේ උපදෙස් අරගෙනද දන්නෙ නැහැ මේවා කරන්නේ? ජයවේවා! (නි)
එ්ත් යාලුවනි, ඔයාලට ඉතිහාසය ඉක්මනට අමතකයි නේද? සෝමාලියාව අැරුනම අනික් හැම රටකම තිබ්බ ශක්තිමත් අාණ්ඩු පෙරලුවේ මේ අැමරිකාවම තමා. අැමරිකාවේ ලෝක බලය වෙනුවෙන් එ් රටවල කිරි සපප්පායාගේ ඉඳලා මැරෙනවා. අැමරිකාවේ ක්‍රමය හැමතැනම හරියන්නෙ නැහැ. එ් රටවල් එ්කාධිපති තමා. එහෙම නැතුව එ් රටවල සමාජය පාලනය කරන්න බැහැ. (නි)
සෝමාලියාව ලිබියාව ස්වාසිලන්තය වගේ රටවල් එක්ක සබඳතා පවත්වපු නායකයෙක් අපිටත් හිටියා. (නි)
ට්‍රම්ප්, ඔබට ජයෙන් ජය! ත්‍රස්තවාදය නැති කරන මඟ එයයි... (නි)
කාටවත් නොදැනෙන්න පාකිස්තානයට ගිහින් බින්ලාඩන් මරන්න තරම් දක්ෂ හමුදාවක් සහ ඔත්තු සේවයක් තිබුනු ඇමෙරිකාව එක ජාතියක් තහනම් කරලද මේ ප්‍රශ්නය විසඳන්න යන්නෙ (නි)
අද ලෝකයේ දේශසීමා නැති රටවල් බිහිවෙනකොට මෙයා රටවල් අතරෙ තාප්ප බඳිනවා? (නි)
දුර දැක්මක් නොමැති නායකයෙක්. අපේ රටේ හිටපු නායකයත් ඔහොම තමයි කළේ. (නි)
අපේ රටවල දොරත් මේ අයට වහන්න ඕනෑ. ඒක තේරුන නායකයෙක් ඉන්න එක ලෝකෙටම හොඳයි. (නි)
රට වටේම හරි තාප්ප බැඳලා තම රට ආරක්ෂා කරගැනීම රටේ නායකයෙකුගේ යුතුකමයි. (නි)
ලෝකය පුරා ත්‍රස්ත සංවිධාන වලට ආධාර කරපු ඇමරිකාව ඇතුලු බටහිර රටවල් එම සංවිධාන හරහා තමන්ට එරෙහි රටවල ආණ්ඩු පෙරලමින් ආක්‍රමණකාරි ප්‍රතිපත්තියක් අනුගමය කළ අතර අද එම සංවිධාන තමන්ට එරෙහිව එන විට ආරක්ෂාකාරී පියවර කරා පසුබැසීමේ ක්‍රියාමාර්ගයක් පමණි මෙය. එසේ නැතුව සමහරුන් සිතන ආකාරයට ඇමරිකානු ආණ්ඩුව ජාතිකත්වය මුල් කරගනිමින් කළ ප්‍රතිපත්තිමය තීන්දුවක් නොවේ. (නි)
නුතන දියුණු ලෝකයේ, ගල් යුගයේ තීරණ ගන්නා කෙනෙක්. මේක වෙන්වෙලා ඉන්න රටවල් වලට එක්වෙලා වැඩ කරන්න හොඳ අවස්ථාවක්. ඇඟිල්ලක් අනිකාගේ පැත්තට දික්කරනකොට, තවත් ඇඟිලි හතරක් තමන්ව පෙන්නන බව හැමෝම දන්නා සත්‍යයක්. (නි)
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
මේ හා සමානව කොන්ද පණ ඇති රටවල් ඔවුන්ගේ රටවල්වලට ඇතුළුවීමට අමෙරිකානුවන්ටත් තහංචි පනවන්න පුළුවන්. එහෙම වුණොත්, ඇමෙරිකානුවා, දෙකේ කොලේ තත්වෙට වැටෙන එකටත් ට්‍රම්ප් වගකියන්න ඕනෑ. (නි)
මේකේ දෙපැත්තක් තියෙනවා. විදේශ වලින් තම ආර්ථිකය හදාගන්න ගිය උදවියට අසාධාරණයක් වීම නරක පැත්තයි. එ්කේ හොඳ පැත්ත තමයි සැම ජාතියක්ම ස්වාධීන ජාතියක් හැටියට දෙපයින් නැගී හිටපල්ලා කියන පණිවිඩය. ඇමෙරිකාවට එහෙම කරන්න පුළුවන් නම් ඕනෑම රටකට එ්ක කරන්න පුළුවන්. එ්කට අවශ්‍ය වෙන්නේ තමන්ට මොනවද ඇත්තටම අවශ්‍ය වෙන්නේ කියලා දැනගන්න එකයි (නි)
එතකොට පාකිස්තානය ඇෆ්ගනිස්ථානය මේ ලැයිස්තුවට නොදැම්මේ මොකද දන්නේ නැහැ. අමතකවෙලා වෙන්න ඇති නේද? (නි)
ධනුෂ්ක නිවැරදියි. අද ලංකාවේ ගහක් ගලක් ගානෙම උද්ඝෝෂණ කරන්නෙත් තිබුණ ඒකාධිපති පාලනය නැතුව ගිය හින්දයි. (නි)
මේ ඔකොම නිකන් බයිස්කෝප් විතරයි. එතකොට කටාර්, සෞදි අබුඩාබි එහෙම නැද්ද? තමාව මෝඩයෙක් කරවන වැඩ මේවා. (නි)
ඇමෙරිකාව කියන්නේ මොන වගේද කියලා හිතාගන්නවත් බැරි උදවිය එකත් ලංකාව වගේ කියලා හිතාගෙන ලියනවා. (ර)
වෙදගේ මේ ශ්‍රී ලංකාවේ ඕනෑතරම් වැඩකාරයෝ ඉන්නවා තමයි අර හාර්වඩ් විශ්වවිද්‍යාලයේ මෙටලික් හයිඩ්‍රජන් නිපදවල වැඩ පෙන්වල තිබෙන්නේ. පෙන්නන්න ඉඩ පහසුකම් දුන්නොත් අපේ මිනිස්සු හොඳ වැඩ කාරයෝ. ඒ රෝයල් එකෙන්ම අපු අය නොවෙයි ගමේ මේ ගමේ ඉස්කෝලෙන් පටන් ගත්ත අය. (බ)
අනෙක් රට වලින් සේවකයින් අලුතෙන් බඳවා ගන්න. තව රටවල් ලෝකයේ තියනවනේ.. (නි)
වෙදගේ ලංකාවේ ඉන්න වැඩකාරයෝ ඇමරිකාවට ගෙන්න ගෙන රස්සාවල් දෙන්නව තමා. (බ)
අනේ මේ සමහර අය මොනවද මේ දොඩවන්නේ? ට්‍රම්ප් ඔය කරන්නේ රටට ආදරේට නොවේ! එයා වචනයේ පරිසමාප්තියෙන්ම ජාතිවාදියෙක් බව ලෝකෙටම පෙන්නපු එක විතරයි! ලංකාවේ ගෝත්‍රවාදී අදහස් දරන අයට නම් මහා ලොකු වීරකමක් වගේ පෙනෙනවා ඇති (නි)
විමල් කියන විදියට නම් හොඳ වැඩේ ගූගල් සමාගමට. මේක සමහරවිට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. (නි)
සුසිල්, බින් ලාඩන්ව හැදුවේ කවුද කියලා දන්නෙ නැහැ නේද? අයි එස් එක හැදුවේ කවුද කියලවත් ඔබ දන්නවද? (නි)
නාමල් නිකන් විනෝදයට ජෝන් පර්කින්ස් ගේ ඉකොනොමික් හීට් මෑන් කියවන්නකෝ. එතකොට තේරේවි ඇමරිකාව අනික් රටවල ආර්ථිකයට ඇඟිලි ගසන්නේ කොහොමද කියල (බ)
බෙල්ල ගහලා ගියත් දුන් පොරොන්දු ඉටුකරන නායකයෙක්. ශ්‍රේෂ්ඨ නායකයෙක්.ගරු කල යුතු නායකයෙක්. (අ)
මුන්ම විනාශ කරපු රටවල් නේද මේවා ? මොන උලව්වකට එහෙ රිංගන්න යනවද? (බ)
ධනුෂ්ක, ඒ රටවල තිබ්බේ ඒකාධිපති ආණ්ඩු. ඒවා පෙරළෙන්නේ ඇමරිකාවේ වරදින් නෙමෙයි, තමන්ගේම ජනතාව ආණ්ඩුවලට විරුද්ධව කැරලි ගැහීම නිසා. දේශසීමා නොතිබෙන්නේ ආර්ථික සමාජීය වශයෙන් සමාන රටවල් අතර මිස ඇමරිකාව-මෙක්සිකෝව-සෝමාලියාව වගේ රටවල් අතර නෙමෙයි (නි)
බමුණු, ඇමෙරිකාව අනික් රටවල කටයුතු වලට අත තිබ්බේ අද ඊයෙක නොවේ. අද ඇමෙරිකාවේ මහා ලොකු ජාතික වීර ජනාධිපතිවරයෙක් හැටියට පිළිගන්න රොනල්ඩ් රේගන්ගේ කාලයේ පටන් අඩු වැඩි විදියට කරලා තියෙනවා. ඉරානය සහ ඉරාකය එකිනෙකාට සතුරු කර දශක ගණනාවක යුද්ධයකට පටලවා බංකොලොත් කළා. රටවල් දෙකටම යුද උපකරණ විකුණා එම මුදල් දකුණු ඇමෙරිකාවේ ත්‍රස්ත කණ්ඩායම් වලට ලබාදුන්නා. මේ බලයට පත්වුණු ට්‍රම්ප් ඔහුගේ අනුගාමිකයෙක් (නි)
ඉතින් මේ ශ්‍රී ලංකාවේ ඕනෑතරම් වැඩකාරයෝ ඉන්නේ ඇමරිකාවට ගෙන්න ගෙන රස්සාවල් දෙන්නකෝ. (අ)
ලංකාවටත් මේ වගේ නායකයෙක් හිටියා නම්...? (නි)
අනේ සලීත් ,නායකයෙක් වුණාම ජාතිවාදී විය යුතුමයි . කලින් හිටිය අය ජාතිවාදී වුනානම් ලෝක වෙළඳ මධ්‍යස්ථානය , අහිමි වුණ වටිනා ජීවිත රැකගත හැකිව තිබුණා (බ)