IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ට්‍රම්ප් නියෝගයට අධිකරණය හරස් වෙයි

ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් නියෝගයට එරට ෆෙඩරල් අධිකරණයක් හරස් විය. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නියෝගය තාවකාලිකව අත්හිටුවමිනි.

ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව, හාවඩ් විශ්ව විද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පැවැරීමත් සමඟ, ඇමෙරිකන් දිස්ත්‍රික් අධිකරණ විනිසුරු ඇලිසන් බරෝස් මෙම තීන්දුව ලබා දුන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා (23) නියෝග කළේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබන දහස් ගණන් විදෙස් සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් ඔවුන් ඇමෙරිකාවෙන් පිටවී යා යුතු බවත්ය.

හාවඩ් විශ්ව විද්‍යාලය තුළ ඇමෙරිකන් විරෝධී කටයුතු සිදුවන බවත්, විශ්ව විද්‍යාල සිසුන් ඊට යොමු වී සිටින බවත් පෙන්වා දෙමින්, ජනපති ට්‍රම්ප් එම නියෝගය නිකුත් කළේ යැයි ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

ගාසා පලස්තීනුවන්ට එරෙහිව අපරාධ සිදුවෙන්නේ, ඇමෙරිකාවේ අනුදැනුම යටතේ යැයි චෝදනා නගමින්, ඇමෙරිකාව තුළ ඊශ්‍රායල විරෝධී උද්ඝෝෂණ මෙහෙයවන මුස්ලිම් සිසුන් හාවඩ් විශ්ව විද්‍යාලයේ සිටින බවට චෝදනා එල්ල වී ඇත.

එම සිසුන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ලබන යුදෙව් සිසුන්ට පහර දෙන බවට ද චෝදනා එල්ල වී ඇතැයි ද ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

මේ නිසා හාවඩ් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩ වී අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ, විදෙස් සිසුන් 7,000 ක් පමණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙය විශ්වවිද්‍යාලයේ මුළු සිසුන් සංඛ්‍යාවෙන් සියයට 27 ක් පමණි.

එසේ ඉගෙනුම ලබන විදෙස් සිසුන් අතරේ කැනඩා අග්‍රාමාත්‍ය අගමැති මාක් කාර්නිගේ දියණිය වන ක්ලියෝ කාර්නි මෙන්ම බෙල්ජියමේ ඔටුන්න හිමි එලිසබෙත් කුමරිය ද සිටිති.

ක්ලියෝ කාර්නි හාවඩ් විශ්ව විද්‍යාලයේ සිය පළමු වසර අවසන් කර ඇතැයි පැවැසෙයි. ඇය සම්පත් කාර්යක්ෂමතා වැඩසටහනේ උපාධි අපේක්ෂිකාවකි.

බෙල්ජියම් සිංහාසනයේ උරුමක්කාරිය වන එලිසබෙත් කුමරිය, හාවඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි පාසලේ දෙවසරක රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධි වැඩසටහනේ, පළමු වසර මේ වනවිට සම්පූර්ණ කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් නියෝගයට අධිකරණය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site