චීනයේ 80 වැනි විජයග්‍රාහී සැමරුමට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟත් සාකච්ඡා පවත්වමින්, තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගා ඇත.

ට්‍රම්ප් මෙසේ චෝදනා කළේ විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. ‘ජනාධිපති ෂී ජිංපින්ට සහ චීනයේ ජනතාවට ශ්‍රේෂ්ඨ සහ කල් පවතින සැමරුම් දිනයක් වේවා. ඔබ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බව මට පේනවා. මා පුටින් සහ කිම් ජොන් උන් මතක් කළ බව ඔවුන්ට කියන්න’ යැයි  ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ එම සමාජ මාධ්‍ය පණිවුඩයේ සඳහන් වෙයි.