IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප් ජනපති වුණොත් අපි ඉවරයි - සෙලෙන්ස්කී

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළොත්, එය යුක්රේනයට විශාල අවාසියක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

ට්‍රම්ප් අවස්ථා ගණනකදී පවසා ඇත්තේ, තමන් යළි ජනාධිපති වුවහොත්, පැය 24 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් තරන බවය. පවතින යුද ගැටුම්වලින් යුක්රේනයේත්, රුසියාවේත් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ට්‍රම්ප් දිගින් දිගටම කනස්සල්ල පළ කර ඇත.

ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරයේ සිටිද්දී පවා ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ ගැටුම් ඇති කර ගත්තේය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල එකමුතුවෙන් පිහිටුවා ගත් යුද සන්ධානයයි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති සෙලෙස්න්කී, යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලන බැවිනි.

ට්‍රම්ප් සිය දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තෝරාගෙන අත්තේ අන්තවාදී අදහස් ඇති තරුණයෙකි. ඔහු ජේ.ඩී. වැන්ස්ය. නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළොත්, උප ජනාධිපති ධුරය හිමිවන්නේ වැන්ස්ටය. වැන්ස් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ යුක්රේනයට කුමක් වුවත් තමන්ට ඒ ගැන කිසිම තැකීමක් නැති බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් ජනපති වුණොත් අපි ඉවරයි - සෙලෙන්ස්කී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site