ජී20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (27) ජපානයේ ඔසාකා වෙත පැමිණියේය.
ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන්, මහ බැංකු අධිපතිවරුන් සහ යුරෝපා සංගමයේ සහභාගීත්වයෙන් ජී20 සමුළුව පැවැත්වේ.
මෙවර ජී20 සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ ඔසාකා නුවරය.
මෙවර ජී20 සමුළුව 2008 වසරේ ඇතිවූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව පැවැත්වෙන ඉතා වැදගත්ම හමුව යැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබිණි.
ඇමෙරිකාවත් චීනයත් අතර ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය නිසා ලෝකයේ ව්‍යාපාර අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. රටවල් රැසක් ද ඉන් පීඩාවට පත්ව ඇත.
ජී20 සමුළුව අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙත යොමුවී තිබේ.
(ඒ.එෆ්.පී සහ වොෂින්ටන් පෝස්ට් ඇසුරිනි)
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd