IMG-LOGO

ට්‍රම්ප් - කිම් අතර හදිසි හමුවක්

ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් අතර හදිසි හමුවීමක් අද (30) සවස පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සෙනසුරාදා (29) සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සියොල් නගරයට ගිය අතර එහිදී මෙම හදිසි තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණු ජී-20 සමුළුවෙන් පසුව ට්‍රම්ප් දකුණු කොරියාවේ සංචාරය කළේය.

හදිසි හමුව උතුරු දකුණු කොරියා මායිමේ පිහිටි යුද මුක්ත කලාපයේ දී පැවැත්වීමට තීරණය කර ඇතැයි ට්‍රම්ප් මහතා පවසයි.

සැලසුම් කර ඇති පරිදි දෙරටේ නායකයින් හමුවුවහොත් එය වසරක් තුළ පැවැත්වුණ තෙවැනි හමුව වනු ඇත. වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වුණු දෙවන සාකච්ඡා වටය එකඟතාවයකින් තොරව අවසන් විය.

කෙසේ වුවද මෙම හමුව සම්බන්ධව උතුරු කොරියාව කිසිම නිවේදනයක් නිකුත් කර නැතැයි ද වාර්තා වේ. 

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (1)

ට්‍රම්ප් - කිම් අතර හදිසි හමුවක්

රවින් Sunday, 30 June 2019 09:12 AM

අහුවෙන්න එපා ගැටවලට... තමන්ගේ අවශ්‍යතාවය ඉස්සෙල්ලාම ඉෂ්ට කරන්න කියන්න. අරයා හදන්නේ එයා විතරක් මේලෝකේ ඉන්න. අනිකාට හෙණ ගැහුවත් මෑන්ස්ට කමක් නැහැ. මෑන්ස් හදන්නේ ලොකු ටෝක් දාලා වීරයා වෙන්න..

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1270 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 584 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site