ඇමෙරිකා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස පත්වීමට පෙර හා ට්‍රම්ප් නව නිලධාරීන් පත් කිරීමට පෙර තමන් ඉවත් වන බව ඔහු පවසා ඇත.

බල හුවමාරුව ඉක්මන් කරන ලෙස ට්‍රම්ප් පාලනයට කළ නිවේදනයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ මෙය අර්ථකතනය කරති.

“මට තවත් දින 64ක් ඉතිරිව තියෙනවා.බැරැක් ඔබාමා ජනපති ධූරයෙන් ඉවත් වන තෙක් පමණක් මෙම තනතුරේ ඉන්නවා“යැයි ඔහු පැවසීය.

තවත් වසර හතරක් තනතුරේ සිටින ලෙසට බුද්ධි අංශ කමිටුව ඉල්ලා සිටියද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු මධ්‍යම රහස් ඔත්තු සේවය.එෆ්.බී.අයි ආයතනය සහ මත්දුව්‍ය වැටලීම් අංශය ඇතුළු ආයතන 17ක බලය දරයි.

ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) ආයතනයේ ද ප්‍රධාන තනතුරු දැරීය.ඇමෙරිකා වැසියන්ගේ දත්ත එකතු කරන ආකාරය පිළිබඳ හෙළිදරව් වීමත් සමග එම ආයතනයේ ප්‍රතිරූපය දැඩි ලෙස පරිහානියට පත්විය.

Untitled-2

(ඇමෙරිකා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර්) (ඡායාරූප-රොයිටර් පුවත්)