ඇමෙරිකා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස පත්වීමට පෙර හා ට්‍රම්ප් නව නිලධාරීන් පත් කිරීමට පෙර තමන් ඉවත් වන බව ඔහු පවසා ඇත.
බල හුවමාරුව ඉක්මන් කරන ලෙස ට්‍රම්ප් පාලනයට කළ නිවේදනයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ මෙය අර්ථකතනය කරති.
“මට තවත් දින 64ක් ඉතිරිව තියෙනවා.බැරැක් ඔබාමා ජනපති ධූරයෙන් ඉවත් වන තෙක් පමණක් මෙම තනතුරේ ඉන්නවා“යැයි ඔහු පැවසීය.
තවත් වසර හතරක් තනතුරේ සිටින ලෙසට බුද්ධි අංශ කමිටුව ඉල්ලා සිටියද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු මධ්‍යම රහස් ඔත්තු සේවය.එෆ්.බී.අයි ආයතනය සහ මත්දුව්‍ය වැටලීම් අංශය ඇතුළු ආයතන 17ක බලය දරයි.
ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) ආයතනයේ ද ප්‍රධාන තනතුරු දැරීය.ඇමෙරිකා වැසියන්ගේ දත්ත එකතු කරන ආකාරය පිළිබඳ හෙළිදරව් වීමත් සමග එම ආයතනයේ ප්‍රතිරූපය දැඩි ලෙස පරිහානියට පත්විය.
(ඇමෙරිකා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර්) (ඡායාරූප-රොයිටර් පුවත්)
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“ට්‍රම්ප් එන්න පෙර මා ඉවත් වෙනවා“
ධම්ම Friday, 18 November 2016 12:46 PM
පෙනුමෙන් නම් විශ්‍රාම යන්න කලවයස හරි වගේ. (නි)
සහන Saturday, 19 November 2016 07:17 AM
කියමනක් තියෙනවා මෝඩයෝ රජවෙනකොට බුද්ධිමතුන්ට ඉඩ නැති වෙනවා කියලා. ඔය ට්‍රම්ප් ජනාධිපතිතුමා කිව්ව කතා කීප වරක්ම වෙනස් කළා. ඒ වගේම තමන්ගේ ආදායම් වාර්තාවත් ප්‍රසිද්ධ කළේ නැහැනේ. (නි)
රවීන් Friday, 18 November 2016 08:02 AM
රට රටවල යුද නිර්මාණය කළ කෙනෙක් වෙන්නැති? (බ)
නිශාන්ත, ඇමෙරිකා Saturday, 19 November 2016 04:39 PM
සහන, ඔබ දන්නේ කොහොමද ට්‍රම්ප් ජනාධිපතිතුමා ගැන. ඇමෙරිකාව එතුමා ගැන දන්නා නිසා තම ඔහුව ජනාධිපති කළේ. ජේම්ස් ක්ලැපර් ඉල්ලා අස්වෙනවා කියන්නේ ඔහුව කොහොමත් ඉවත්කරන නිසා (නි)