වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට මෙලෙස අනතුරු ඇඟවූයේ උතුරු කොරියාවේ තරුණ නායකයා අලුත් අවුරුදු උදාවේදී කරන ලද ප්‍රකාශයත් සමඟය.
න්‍යෂ්ටික යුද්ධයේ බොත්තම සෑම විටම ඇත්තේ තමන්ගේ මේසය උඩ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අලුත් අවුරුදු උදාවේදී පැවැසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා අඟහරුවාදා (2) රාත්‍රීයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.
“සෑම විටම න්‍යෂ්ටික බොත්තම තිබෙන්නේ මගේ මේසය උඩ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. මටත් න්‍යෂ්ටික බොත්තමක් තිබෙන බව හිස් සහ ආහාර නොමැතිව කුසගින්නේ පෙළෙන උතුරු කොරියානු රෙජීමයේ කවුරුන් හෝ ඔහුට මතක් කර දෙන්න. එය උතුරු කොරියානු නායකයා සතු බොත්තමට වඩා විශාල සහ බලසම්පන්න බව ඔහුට මත් කර දෙන්න. එය වැඩ කරන බව ද ඔහුට මතක් කර දෙන්න” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ව තිබේ.
උතුරු කොරියානු නායකයා අලුත් අවුරුදු උදාවේදී තවත් විශේෂ කරුණු කිහිපයක්ම සඳහන් කළ අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායම් සහභාගී වන බව එහිදි ප්‍රකාශ කළේය. එය විදෙස් මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශවවල අවධානයට යොමු විය.
උතුරු කොරියානු නායකයාගේ එම ප්‍රකාශයට දකුණු කොරියාවෙන් ද යහපත් ප්‍රතිචාරයක් හිමි වූ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ද පැවැසීය.
මේ අනුව ජනවාරි 9 වැනිදා කොරියානු අර්බුදය සම්බන්ධයෙන් දකුණු හා උතුරු කොරියානු නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඇමෙරිකා මේ සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක පසුවෙයි. සත්‍ය වශයෙන්ම සාකච්ඡා පැවැත්වේවිදැයි ද ඇමෙරිකාව විමසයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගාණකට පසුව, කොන්දක් තියෙන ජනාධිපති කෙනෙක් ඇමෙරිකාවට ලැබුණු එක ලොකු දෙයක්.
යුද්ධයක් අැති වුවහොත් උතුරු කොරියාව විනාශ විය හැකිය. නමුත් ඔවුන්ද නිකන් නොසිටිනු අැත. ඔවුන් සතුවද විශාල යුධ බලයක් අැත. අැමරිකාවට නුරුස්සන්නේද මෙයයි. හැබැයි යුද්ධයකින් උතුරු කොරියාව විනාශ වුවත් ඊට වඩා විනාශයක් අැමරිකාවට විය හැකිය. 2011 දී ගොඩනැගිලි දෙකයි සමතලා වුනේ මුලු අැමරිකානු අාර්ථිකයම අැද වැටුනා. චීනය එහි වාසිය ලබා ගත්තා. මුලු ලෝකයටම දැන් අැමරිකාව එපා වෙලා ඉන්නේ. කවුද කැමති තවත් රටක යටත් වැසියන් සේ සිටීමට. යුද්ධයක් අැති වූවොත් අැමරිකාවේ අනභිභවනීයත්වය ගිලිහෙනු අැත. මූණට නොපෙන්නුවට ගොඩක් රටවල් කැමති අැමරිකාව බහිනවාට.. එ්ක ගොඩක් රටවලට වාසිදායකයි... හැම අතින්ම.
ඇමරිකාවට නියම එඩිතර නායකයෙකු ලැබී තිබීම ගැන ඒ රටේ ජනතාවට ආඩම්බර වෙන්න පුළුවනි. කොරියන් කෝඩුකාරයා ලෝකෙට ලොක්කා වගේ උඩ පනිනවා වැඩියි. අපේ පාර්ලිමේන්තුවේත් ඔය ජාතියේ අය ඉන්න බව දන්නවා නේද?
ඇමරිකන් නායකයා එඩිතරයි. ඒ එඩිතරකම නැවත ඇමරිකාවට ශ්‍රී විභූතිය ගෙන එ්ම සඳහා යොදවන්න. අපිත් කැමතියි චීන කුණුකන්දල් වෙනුවට මේඩ් ඉන් යූ.එස්.ඒ කියන භාණ්ඩ පාවිච්චි කරන්න. එමනිසා ඔබ රටේ දැනට අවුරුදු 40කට ප්‍රථම නිෂ්පාදනය කල භාණ්ඩ නැවත නිෂ්පාදනය කරන්න. එවිට ඔබලා චීනයෙන් ණය ගතයුතු නැත. ඔබලා කොනිත්තන්නේ නැතුව ඉන්නකන් උතරු කොරියාව එයාලගේ පාඩුවේ සිටියි. ඇමරිකාව ඇඟිලි ගසන්නේ නැති තරමට රුසියාව චීනය ද අනික් රටවල සිදුවන දේවල්වලට ඇඟිලි නොගසනු ඇත. ලයිව් ඇන්ඩ් ලෙට් ලයිව් ප්‍රතිපත්තියට යන්න.
ඇමරිකාවෙ සහ උතුරු කොරියාවේ දෙන්නගෙ හබය ඇවිලී මුළු ලෝකයම විනාශ වෙන්න ඉඩ තියෙනවා