IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් උතුරු කොරියාවට රතු එළි දල්වයි

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට මෙලෙස අනතුරු ඇඟවූයේ උතුරු කොරියාවේ තරුණ නායකයා අලුත් අවුරුදු උදාවේදී කරන ලද ප්‍රකාශයත් සමඟය. 
න්‍යෂ්ටික යුද්ධයේ බොත්තම සෑම විටම ඇත්තේ තමන්ගේ මේසය උඩ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අලුත් අවුරුදු උදාවේදී පැවැසීය. 
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා අඟහරුවාදා (2) රාත්‍රීයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.
“සෑම විටම න්‍යෂ්ටික බොත්තම තිබෙන්නේ මගේ මේසය උඩ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. මටත් න්‍යෂ්ටික බොත්තමක් තිබෙන බව හිස් සහ ආහාර නොමැතිව කුසගින්නේ පෙළෙන උතුරු කොරියානු රෙජීමයේ කවුරුන් හෝ ඔහුට මතක් කර දෙන්න. එය උතුරු කොරියානු නායකයා සතු බොත්තමට වඩා විශාල සහ බලසම්පන්න බව ඔහුට මත් කර දෙන්න. එය වැඩ කරන බව ද ඔහුට මතක් කර දෙන්න” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ව තිබේ. 
උතුරු කොරියානු නායකයා අලුත් අවුරුදු උදාවේදී තවත් විශේෂ කරුණු කිහිපයක්ම සඳහන් කළ අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායම් සහභාගී වන බව එහිදි ප්‍රකාශ කළේය. එය විදෙස් මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශවවල අවධානයට යොමු විය. 
උතුරු කොරියානු නායකයාගේ එම ප්‍රකාශයට දකුණු කොරියාවෙන් ද යහපත් ප්‍රතිචාරයක් හිමි වූ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ද පැවැසීය.
මේ අනුව ජනවාරි 9 වැනිදා කොරියානු අර්බුදය සම්බන්ධයෙන් දකුණු හා උතුරු කොරියානු නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඇමෙරිකා මේ සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක පසුවෙයි. සත්‍ය වශයෙන්ම සාකච්ඡා පැවැත්වේවිදැයි ද ඇමෙරිකාව විමසයි. 

055 



අදහස් (10)

ට්‍රම්ප් උතුරු කොරියාවට රතු එළි දල්වයි

කුමාර් (ගල්ෆ්) Wednesday, 03 January 2018 12:10 PM

අවුරුදු ගාණකට පසුව, කොන්දක් තියෙන ජනාධිපති කෙනෙක් ඇමෙරිකාවට ලැබුණු එක ලොකු දෙයක්.

:       167       189

ධනුෂ්ක Wednesday, 03 January 2018 01:00 PM

යුද්ධයක් අැති වුවහොත් උතුරු කොරියාව විනාශ විය හැකිය. නමුත් ඔවුන්ද නිකන් නොසිටිනු අැත. ඔවුන් සතුවද විශාල යුධ බලයක් අැත. අැමරිකාවට නුරුස්සන්නේද මෙයයි. හැබැයි යුද්ධයකින් උතුරු කොරියාව විනාශ වුවත් ඊට වඩා විනාශයක් අැමරිකාවට විය හැකිය. 2011 දී ගොඩනැගිලි දෙකයි සමතලා වුනේ මුලු අැමරිකානු අාර්ථිකයම අැද වැටුනා. චීනය එහි වාසිය ලබා ගත්තා. මුලු ලෝකයටම දැන් අැමරිකාව එපා වෙලා ඉන්නේ. කවුද කැමති තවත් රටක යටත් වැසියන් සේ සිටීමට. යුද්ධයක් අැති වූවොත් අැමරිකාවේ අනභිභවනීයත්වය ගිලිහෙනු අැත. මූණට නොපෙන්නුවට ගොඩක් රටවල් කැමති අැමරිකාව බහිනවාට.. එ්ක ගොඩක් රටවලට වාසිදායකයි... හැම අතින්ම.

:       132       44

rocky Wednesday, 03 January 2018 02:09 PM

ඇමරිකාවට නියම එඩිතර නායකයෙකු ලැබී තිබීම ගැන ඒ රටේ ජනතාවට ආඩම්බර වෙන්න පුළුවනි. කොරියන් කෝඩුකාරයා ලෝකෙට ලොක්කා වගේ උඩ පනිනවා වැඩියි. අපේ පාර්ලිමේන්තුවේත් ඔය ජාතියේ අය ඉන්න බව දන්නවා නේද?

:       32       134

ධනුෂ්කThursday, 04 January 2018 12:33 AM

මොහු අැමරිකානු ජාතිකවාදියෙක්. දිනෙන් දින අැමරිකාවේ අනභිභවනීයත්වය රැක ගන්න දරණ වියරුව තමා මේ. වැඩිකල් නොයාම ලෝකය අැමරිකාවට එරෙහි පෙරමුණක් ගොඩනැගෙනවා. එ්කට තියන එකම බාධකය මැදපෙරදිග තියන අාගමික අන්තවාදය.

:       0       0

Bamunuarachchi Wednesday, 03 January 2018 03:43 PM

ඇමරිකන් නායකයා එඩිතරයි. ඒ එඩිතරකම නැවත ඇමරිකාවට ශ්‍රී විභූතිය ගෙන එ්ම සඳහා යොදවන්න. අපිත් කැමතියි චීන කුණුකන්දල් වෙනුවට මේඩ් ඉන් යූ.එස්.ඒ කියන භාණ්ඩ පාවිච්චි කරන්න. එමනිසා ඔබ රටේ දැනට අවුරුදු 40කට ප්‍රථම නිෂ්පාදනය කල භාණ්ඩ නැවත නිෂ්පාදනය කරන්න. එවිට ඔබලා චීනයෙන් ණය ගතයුතු නැත. ඔබලා කොනිත්තන්නේ නැතුව ඉන්නකන් උතරු කොරියාව එයාලගේ පාඩුවේ සිටියි. ඇමරිකාව ඇඟිලි ගසන්නේ නැති තරමට රුසියාව චීනය ද අනික් රටවල සිදුවන දේවල්වලට ඇඟිලි නොගසනු ඇත. ලයිව් ඇන්ඩ් ලෙට් ලයිව් ප්‍රතිපත්තියට යන්න.

:       93       74

ධනුෂ්කThursday, 04 January 2018 03:06 AM

බමුණු මුලින්ම කියන්න ඕනේ මම අැතුළු මේ රටේ බහුතරයක් අන්තරජාලය භාවිත කරන්නේත් චීන දුරකතන වලට පිංසිද්ධ වෙන්න. අැමරිකන්.කොරියන්. ජපන් බඩු මේ තරමට හරි මිල අඩු වුනේ චීන බඩු නිසා. අැමරිකන් බඩුවක් ගද්දි චීන බඩු පහක්වත් ගත්තහැකි.එදා මිනිස්සු ගිනි ගණන් කුලී දීලා කරගන්න වැඩ අද චීන අායුධ අරන් ගෙදර තියාන අඩු මිලට තමන්ම කරගන්නවා. ලංකාව මේ තරම් හරි කාර්මිකරණය වුනානම් එ් මිල අඩු චීන බඩු නිසා. චීන බඩු නොතිබෙන්න අද අපි ගොඩාක් අාසාවෙන් ඔයාගේ දුරකථනය දිහා බලන් ඉන්න තිබුනා. අන්න එ් ඔයාට තියන වියරුව තමා අද අැමරිකාවේ ලොක්කටත් තියෙන්නේ. තමන්ගේ අනඟිභවනීයත්වය ගිලිහෙන එකේ වියරුව. මිසක් එ්ක එඩිතර කම නෙමේ. ලෝක ඉතිහාසයට අනූවනම් කිසිම අධිරාජ්‍ය වැඩිකලක් වැජඹිලා නෑ. කඩා වැටෙනවා.ඔහුට එ්කේ ඉව වැටිලා

:       50       111

BamunuarachchiThursday, 04 January 2018 04:24 PM

අපට ඉඩ ලැබෙනවානම් කතා කරන්න හොඳ මාතෘකාව. "බමුණු මුලින්ම කියන්න ඕනේ මම අැතුළු මේ රටේ බහුතරයක් අන්තරජාලය භාවිත කරන්නේත් චීන දුරකතන වලට පිං සිද්ධ වෙන්න." මම කීයටවත් එහෙම කියන්නේ නැහැ. මම ඉස්සෙල්ලම කියන්නේ අපිට පාසලේදී විද්‍යාව ඉගෙනගන්න ලැබුනේ දැන් අයට තාක්ෂනය ඉගෙන ගන්න ලැබුනේ ඉංග්‍රීසි භාෂාවෙන් පොත් පලවුන නිසා. අපිට කියවන්න පොත් චීනගෙන් ජර්මන් කාරයාගෙන් හෝ රුසියානුවාගෙන් ලැබුනේ නැත. චීනගේත් ජපනාගේත් තාක්ෂණයේ මුල් ආරම්බම්භය ඇමරිකාවයි. චීන ලෝකෙට අමුතුවෙන් සොයා දුන් දෙයක් ගැන මම අසා නැත. චීනා ලාබෙට දෙන්නේ කුණු බඩුය. චීන බඩු සහ ඇමෙරිකන් හෝ බ්‍රිටිෂ් භාණ්ඩ පාවිච්චි කළ අය වෙනස දනිති. මම 1982 දී මිලට ගත් කුස්සියේ පාවිච්චි කරන ක්‍රෝමියම් ප්ලේටෙඩ් ඇමරිකන් තෙල් හැඳි තවමත්, අවුරුදු 32 පමණ, ඒ කොලිටියෙන්ම තවම පාවිච්චි කරමි.

:       0       0

BamunuarachchiThursday, 04 January 2018 04:42 PM

කව්ද චීන දුරකතන පාවිච්චි කරන්නේ? දන්නා කෙනෙක් සොයන්නේ යුරෝපයේ සාදන ලද දුරකතනයක්. කොලිටි සංගීතයට කැමතිනම් හොඳ අම්ලිෆයර් එකක්, ඩීවීඩී එකක් ගන්න උවමනානම් අන්තර්ජාලයට ගොස් සොයා බලන්න එවිට ඔබ අසා නැති නම්වලින් හොඳ බඩු සොයා ගත හැක ඒවා ලංකාවේද ඇත. හැබැයි රුපියල් 100 ට දහයක් ගන්න බැරිය. 100 ට 10-15 ගන්න උවමනානම් 2 වෙනි හරස් වීදියේ පේමන්ට් එකෙන්ම තමා. බාල බඩු වලට පුරුදු එක්කෙනාගේ වැඩත් බාලය මිනිහත් බාලය. නිකමිච්චී කියන්නේ ඉතා හොඳ අම්ලිෆයර් එකක් හැබැයි ලක්ෂ 2-3 ක් වෙනවා. චීන ඒවා 10000 ගන්න තිබෙනවා.

:       0       0

BamunarachchiThursday, 04 January 2018 04:54 PM

"ලෝක ඉතිහාසයට අනූවනම් කිසිම අධිරාජ්‍ය වැඩිකලක් වැජඹිලා නෑ." ඇමරිකන් කොඩියේ තරු හැලුනේ නැත. මම කුඩාකල ගණන් කරන විට තිබුනේ තරු 48 කි. දැන් 50 තිබේ. අපට ඉගෙන ගන්න පොත් ලැබුනේ එංගලන්තයෙන් සහ අමෙරිකාවෙන්ය මම ඒ නිසාම ඔවුනට ගරු කරමි. ඇමරිකාවට එංගලන්තයට දොස් කියන මිනිස්සු ඒ කාලේ සෙව්වත් දැන් පිටරට ගියත් රැකියාව කරන්න සොයන්නේත් බ්‍රිටිෂ්, ඇමරිකන්, ෆ්‍රෙන්ච් කොම්පැනිය. චීන, ඉන්දියන්, පකිස්තාන් කොම්පැනි සොයන්නේ නැත. ඔබ ඔය කොළඹ දකින කාර්ගිලිස්, මිලර්ස් සාප්පු හැදුවෙත් සුද්දන්ය. ඕකයි යතාර්ථය.

:       0       0

senewi Wednesday, 03 January 2018 04:47 PM

ඇමරිකාවෙ සහ උතුරු කොරියාවේ දෙන්නගෙ හබය ඇවිලී මුළු ලෝකයම විනාශ වෙන්න ඉඩ තියෙනවා

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site