සෞදි අරාබියේ දින දෙකක සංචාරයක නිරත වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සඳුඳා (22) ඊශ්‍රායල සංචාරය ආරම්භ කළේය.

ඊශ්‍රායල - පලස්තීන සාම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ මූලික අරමුණ වන අතර මෙහිදි ඇමෙරිකා ජනාධිපතිවරයා ජෙරුසලමේ සහ බටහිර ඉවුරේ ද සංචාරය කිරීමට නියමිතය. 
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් දින දෙකක කාලයක් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සංචාරය කිරීමට නියමිත අතර එහිදි ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් යන නායකයන් වෙන වෙනම හමුවනු ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා සඳුඳා (22) ජෙරුසලමේද සංචාරය කරමින් එහි ශුද්ධ ස්ථාන නරඹමින් යාච්ඤාවලට ද එක්වූයේ. 
ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපතිධුරය දිවුරුම් දීමෙන් අනතුරුව ඇමෙරිකා ජනාධිපතිවරයා නිල විදෙස් සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය විය. සෞදි අරාබියෙන් ආරම්භ වූ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඉතාලියෙන් අවසන් වනු ඇත. මැද පෙරදිග සංචාරය අවසන් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වතිකානයේත්, බ්‍රසල්ස් නුවරත් ඉන අනතුරුව සිසිලිහිත් සංචාරයේ නිරත වීමට නියමිතය. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ දින නවයක සංචාරය ලබන සෙනසුරාදායින් අවසන් වනු ඇත. 
සෞදි අරාබි සංචාරයේදී ඉස්ලාමීය සටන්වාදීන් පරාජයට පත් කිරීමට අරාබි සහ ඉස්ලාමීය නායකයන් එක්ව කඩිනමින් කටයුතු කළ යුතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේය. 
අධික වෙහෙසත් ඇතැම් වැඩසටහන් ප්‍රමාද වීමත් නිසා ඇමෙරිකා ජනාධිපතිවරයා සෞදියේ දී තම අවසන් වැඩසටහන් ලෙස සහභාගී වීමට නියමිත වූ තරුණ සමුළුවකට සහභාගී නොවූ අතර ඔහු වෙනුවට එම සමුළුවට දියණිය ඉවංකා ට්‍රම්ප් යැවීමට ට්‍රම්ප් කටයුතු කළේය. 
සෞදි සංචාරයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිගට ආවේණික පිරිමින් පමණක් සහභාගී වන කඩු නැටුමකට ද එක්විය. ඊට සංචාරයට එක්වූ ධවල මන්දිරයේ අනෙකුත් පිරිමි නිලධාරීහු ද සහභාගී වූහ. 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංචාරයේදී, ඇමෙරිකා එක්සත් ජනපදය හා සෞදිය අතර ඩොලර් බිලියන 350 ආයුද ගිවිසුමකට අත්සන් තැබිණි. මෙම සම්පූර්ණ ගිවිසුමට ආයෝජන ආදිය ද ඇතුළත් බව සඳහන් විය. 
රොයිටර් ඇසුරිනි 055