IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ට්‍රම්ප් ඉරානයට හා අයතොල්ලාට සම්බාධක දමයි

ඉරානය ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට සහ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී මහතාට සම්බාධක පනවා ඇත. 

“ඩ්‍රෝන යානයට වෙඩි තැබීමට ප්‍රතිචාර ලෙස ඉරානයට අමතර සම්බාධක පැනවූවා. ඊට අමතරව තවත් ක්‍රියාමාර්ග ගත්තා” යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීය. ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලී කමේනීට ද සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

“ඉරානය රෙජීමයේ එදිරිවාදී ක්‍රියාමාර්ගවලට වගකිව යුත්තේ අයතොල්ලා අලී කමේනී” යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කළේය. “ඇමෙරිකාවේ ක්‍රියාමාර්ග අවමන් සහගත රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක්” යැයි ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් මහතා කීවේය.

ඉරානයට සම්බාධක පැනවීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඉරාන විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප් මහතාගේ පරිපාලනයට තවදුරටත් චෝදනා කළේය. “ට්‍රම්ප් පරිපාලනය යුද පිපාසයෙන් ඉන්නවා” යැයි ද ඔහු චෝදනා කළේය.

පසුගිය සති කිහිපයේ දී ඉරානය සහ ඇමෙරිකාව අතර නොසන්සුන්තාවය උග්‍ර අතට හැරිණි. ඉරානය ඩ්‍රෝන යානය බිම හෙළීමට පෙර ජනාධිපති ට්‍රම්ප් මහතා ඉරානයට සම්බාධක පැනවීමට තීරණය කර තිබූ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා කීය.

ඉරානයට සම්බාධක පැනවීමෙන් ඉරානයට අයත් වත්කම්වල තිබෙන ඩොලර් බිලියන ගණනක මුදල්වලින් කිසිදු ප්‍රයෝජනයක් නැතිවනු ඇත. මේ අතර දෙරට අතර තිබෙන නොසන්සුන්තාව රාජ්‍ය තාන්ත්‍රික ලෙස විසඳා ගන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇමෙරිකාවෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටියේය.

 
(ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි) 

(055)



අදහස් (2)

ට්‍රම්ප් ඉරානයට හා අයතොල්ලාට සම්බාධක දමයි

රවින් Tuesday, 25 June 2019 09:45 AM

ඉල්ලාගෙන කන්න වගේ හදන්නේ.

:       0       11

priyantha Wednesday, 26 June 2019 05:29 AM

ඇමරිකාව අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන එක නවත්තනකන් හැමදාම මේ ප්‍රශ්‍න ලෝකෙන් ඉවර වෙන්නෑ. එහෙම නැත්තම් ඇමරිකාවට හොද පාඩමක් උගන්වන්න පුළුවන් රටක් බිහිවෙන්න ඕන

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site