ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි විවේචනයකට ලක් කළේය.
ඉරානය ‘දූෂිත ඒකාධිපති පාලනයකට’ සමාන කළ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉරාන පාලනය එරට ජනතාව පීඩාවට පමුණු වන්නේ යැයි ද කීය.
“ඉරාන නායකයන් අවුල් ජාලයක් නිර්මාණය කරලා, ඔවුන් මරණය සහ විනාශය වපුරනවා” යැයි වාර්ෂික සැසිය අමතමින් කීවේය.
“ඔවුන් ඔවුන්ගේ අසල්වැසියන්ට ගෞරව කරන්නේ නැහැ. අනෙකුත් රටවල දේශසීමා තකන්නේ නැහැ. අනෙක් ජාතීන්ගේ ස්වෙරී අයිතීන්වලට ගෞරව කරන්නේ නැහැ” යැයි ද හෙතෙම චෝදනා කළේය.
ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ (25) එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතූ අතර මෙවර මහ මණ්ඩල සැසිය මුලින්ම ඇමතූ රාජ්‍ය නායකයා වූයේ ද ඔහුය.
055
නිව්යෝක්හිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව කෙලහලන මීළඟ පෙට්රෝල් ආකරය ...