
චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ පෝට්ලන්ඩ් යන නගරවලට යවා තිබූ ‘නැෂනල් ගාඩ්’ හමුදා බලඇණි ආපසු ගෙන්වා ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.
ට්‍රම්ප්ගේ අණ පරිදි චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ පෝට්ලන්ඩ් යන නගරවලට හමුදාව යැවීම සිදු කළේ අපරාධ මැඩලීමටය. එම කටයුතු සාර්ථක බවත්, අපරාධ සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
මෙම නගරවල අපරාධ යළි හිස ඔසවන්නේ නම්, වහාම හමුදාව කැඳවීමට තමන් පසුබට නොවන බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත. මෙම නගරවල හමුදා රැඳවීමට ට්‍රම්ප් නියෝග කිරීම, ජනපද ආණ්ඩුකාරවරුන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. ඔවුහු ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවා අනුගමනය කළහ.
පසුගිය සතියේ ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය, චිකාගෝ නගරයේ හමුදා රැඳවීම අත්හිටුවීමටද තීරණය කෙරුණි.
ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයන් චෝදනා කරන්නේ ට්‍රම්ප් පාලනය විසින් දේශපාලන වාසි තකා නගර හමුදාකරණයට ලක් කළ බවත්, සාමකාමී විරෝධතා මර්දනය කිරීමට හමුදාව යොදාගත් බවත්ය.
ට්‍රම්ප්, හමුදා ඉවත් කර ගැනීමට නියෝග කළේ නීතිමය වශයෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ගත් තීරණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.