ඇමෙරිකා නව ජනපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගත නොහැකි බව කියමින් ප්‍රාන්ත රැසක වැසියෝ විරෝධතා ආරම්භ කළහ.
නිව්යෝක්හී ට්‍රම්ප්ගේ නිවස ඉදිරිපිට සහ ඔහුගේ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට ද විරෝධතා පැවැත්වෙයි.මේ හේතුවෙන් මාර්ග කිහිපයක් වසා දැමීමට සිදු වූ බව පොලිසිය පවසයි. මේ වන තෙක් ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවු බවත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් කියති.
“ට්‍රම්ප් මගේ ජනපති නොවේ“,“ට්‍රම්ප් එපා“,ඇමෙරිකාවට ජාතිවාදය එපා“ යන පාඨ අතැතිව ඔවුහූ පාගමන් යති.වෙඩි හුවමාරුවක් පිළිබඳ වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය කියයි.
චිකාගෝ,කැලිෆොනියා,ලොස් ඇන්ජලිස්,සැන් ප්‍රැන්සිස්කෝ සහ ටෙක්සාස් යන ප්‍රදේශවල ද විරෝධතා පැවැත්වෙයි.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිසුහු සහ ගුරුවරු ද විරෝධතාවයට එක් වූහ.විරෝධතාකරුවෝ ට්‍රම්ප් කුළුන ඉදිරිපිට ඇමෙරිකා ධජ වලට ගිනි තැබූහ.
(ඡායාරූප-රොයිටර් පුවත්/ඒ.එෆ්.පී/ගෙටී ඉමේජස්)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සරණාගතයන්ගේ වැඩ (නි)
හොඳ වැඩක් කරන්න පියවරක් ඉදිරියට තබද්දී බාධා නැත්තේ කොහේද? (නි)
මටත් හිතෙනවා මේකේ තියෙන අදහස් දැක්කම ජනාධිපති කෙනෙක් වෙලා කෝටිපතියෙක් වෙන්න තිබුන අවස්ථාව තව කෙනෙකුට මඟහැරුණ නිසා වෙන්න ඇති මේ අය මේතරම් උරණ වෙලා තියෙන්නේ. ඒ මනුස්සයට තව මොනවා හම්බ කරන්නද? එක අතකින් බැලුවම ලංකාවේ හැටියට ඒකත් හරි. (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)
ඒගොල්ලොත් හිලරි සුළග ගේන්න වගේ හදන්නේ.... (නි)
දැන් එහෙනම් හිලරි එක්ක නැගිටිමු නේද? (නි)
මේ සිසුන් ඇයි කෑ ගහන්නේ. මොවුන්ට ඡන්දෙවත් නැහැ. නිකන් බොරුවට කෑගහනවා. එළවන්න ඕනෑ තම තමන්ගේ රටවලට. හිතා ඉන්නේ ඇමෙරිකාව ඔවුන්ගේ රට කියලා. (නි)
දැන් එහෙනම් මේවා අහලා ජනමතයට පයින් ගහන්නද කියන්නේ? (නි)
එහෙත් 'බයියො' ඉන්නවනේ බලනකොට (නි)
මේ රටේ භාෂාවෙන් කියනවා නම්, හරියට බැලුවොත් ඔය ඉන්නේ ටොයියෝ. එහෙ බයියා තමා දිනුම්
උපාලිට වැරදිලා. බෙදුම්වාදයට කැමති අයයි අකමැති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවට
උපාලි මහත්මා, හිලරිගේ අනුගාමිකයෝ "බයියෝ" නොවේ. මගේ ඡන්දෙත් ට්‍රම්ප් මහත්මාට. (නි)
අපේ ට්‍රම්ප් ජනපතිට ජයවේවා. බලන් ගියහම ලංකාවේ වගේ මීහරක් කොටසක්ඇ මෙරිකාවලත් ඉන්නවා. අය්යෝ හිලරි ( හිල- අරි ) ලැජ්ජාවේ බැරුව. (බ)
කොහොමත් අලි දිනුම් (අ)
මහින්දගේ බෙදුම් වාදී ජාතිවාදී සෙල්ලම ඇමරිකාවටත් බෝවෙලා .(අ)
බයියෝ නම් මෙහෙම කැහැගැවුවේ නැහැ. ඒත් ටොයියෝ පැරදුනොත් නම් මෙහෙම වෙයි (අ)
බයියෝ තමයි කවුරු හරි දින්නහම තමන්ගේ පරාජය පිළිගන්නේ නැතුව දැන් ඉතින් රට ඉවරයි කියල යකා නටන්නේ , මේ ඉන්නේ ඇමරිකාවේ බයියෝ (අ)
ට්‍රම්ප් එපානම් පලයල්ලා අමෙරිකාවෙන් එලියට. (අ)
මම හිතුවේ මෙහෙම මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි කියලා. (නි)
අපරාදේ වියදම් කරලා ඡන්දයක් තිබ්බේ. මෙයාලගෙන් අහලා සුදුසු කෙනා තීරණය කරන්නයි තිබුනේ (නි)
මේ අයත් එන්.ජි .ඔ කාරයන් ගේ ගැට වලට අහුවෙලා. ඇමරිකාවේ නියම සුදුස්සා තමා ට්‍රම්ප් ! (අ)
එහෙනම් මෙයාලා කියන දේ අහමු නේද? (නි)
ට්‍රම්ප් ගේ දිනුම පසුගාමී ඇමෙරිකන් ජාතිවාදයක පිබිදීමයි. නිදහස් අදහස් ඇති නවීන ප්‍රබුද්ධ ජනයා එයට අකමැති එනිසයි. ඔහු දිනුවට උදම් අනන අපේ සමහරුන්ට පස්සේ තේරෙයි. (අ)
ගැබිනියන්ට මස නවයක් දක්වා දරුවන් නැති කිරීමට නීතියෙන් අනුමැතිය ලබා දීම සහ ලෝකයටම තර්ජනයක් වී ඇති ජාතියක ජනයා වැඩි වැඩියෙන් අැමෙරිකවට ගැනිමේ පොරොන්දු පිට අරාබි රටවල් වලින් මුදල් ලබාගැනීම වැනි අසම්මත ප්‍රෝඩාවන් චෝදනාවන් රාශියක් ඔප්පු වීම සහ ඒවාට සෘජුවම සම්බන්ද වීම වැනි දේවල් නිසා තම හිලරි ක්ලින්ටන් පැරදුනේ. හිලරි අනිවාර්යෙන් පරදියු යුතු වෙනවා මේ ලෝකේ ජනතාවගේ සෙත සදහා. හිලරි ක්ලින්ටන් යනු දුෂිත චරිතයකි. (අ)
මේ උද්ඝෝෂණ කරන්නේ සරනාගත උදවිය කියල තමයි කියන්න වෙන්නේ (අ)
අවුරුදු 10ක් තිස්සේ ම මේ පිටුවල සිටි මගේ නමින් තවත් අය එයාලගේ අදහස් දානවා. එය පාලනය කල නොහැකියි. මමත් කැමති ට්‍රම්ප් ට තමයි. ට්‍රම්ප් ගේ ජය පොඩි රටවල් වල ස්වාධින අයිතියට බාදකයක් නොවේවි. (අ)
ට්‍රම්ප්ව එපා කියන්නේ අපිද ට්‍රම්ප්ව පත් කලේ ? එයා තමයි දැන් ජනපති . ඕක පිටි පස්සේ කවුද ඉන්නේ කියලා බැලුවනම් හොදයි (අ)
ඕව ටික දවසකින් හරියයි. ගිනිකඳු පිපිරුව ගමන් තමයි අමාරු. පස්සේ සීතලයි. දැන් ඉතින් ට්‍රම්ප්ට වැඩේ කර ගෙන යන්න දීල, හිලරිලා, ඔබාමල අයින් වුණොත් තමයි හොඳ (අ)
ඕව හෙළා දැකිය යුතු ලංකාවේ වගේ ඡන්දෙ ඉවර වෙච්ච ගමන් ආණ්ඩු පෙරලන්න හදන්න බැහැ (අ)
ඇමරිකාව ද ශ්‍රිලංකාවේ ක්‍රමෝපයන් අනුගමනය කිරිමට පටන් අරන් දෙසාපලන ගැත්තෝ එහෙත් වීදි බැහැල (අ)
මොන දේශපාලන පක්ෂය තරගයෙන් දිනුවත් රටේ කොඩිය ගිනිතියන්නේ නෑ. බලපුවාමේ ඇමරිකාවේ ඉන්නේ බයියෝ නෙවේ වැද්දෝ රටේ ජාතික කොඩියට ගරු කරන්න දන්නැති මීහරක් (අ)
මෙතන ලොකුම විහිළුව තමයි, ඇමරිකානු ධජය ගිනි තියලා, මෙක්සිකෝවේ ධජය පෙන්වගෙන පෙළපාලියන එක. ඒකෙන්ම පේනවා මේ මිනිස්සු කොයිතරම් දේශ ද්‍රෝහියෝද කියලා. ට්‍රම්ප් එක අතකින් ආපු එකේ පුදුමයකුත් නෑ. (අ)
ඒ රටේ නම් ජාතිකවාදය දිනුවා එහෙනම්. බෙදුම්වාදය පරාදයි. (අ)
ලංකාවෙන් ඉගෙන ගෙන ලෝකෙ අයත් (අ)
එහෙත් ඉන්නවා මහේ වගේම් ව්‍යවස්ථාව පිලිගන්න අමාරු දෙමළ ටිකක් . ට්‍ර්න්ම්ප් මහතයෝ පරෙස්සන් වෙන්ඩ ඔවුන් ටිකගෙන් . අනිවර්යමෙන්ම් පළමුව වැඩේ දෙන්ඩ ඕනි ඒ අයට (අ)
දැන් හිලරි කොහෙන් හරි ප්‍රාන්ත මතිවරණයකට ඉල්ලයිද දන්නේ නැහැ.(අ)
ට්‍රම්ප් කියන්නේ මිනිසුන්ට හා බදු නොගෙවා වංචා කළ කෙනෙක්. මෙයාලත් හොඳ ලංකාවේ පළාත් සභා වලට. සුදු හමට පමණක් සළකන කෙනෙක්. ලංකාවේ හා ලෝකයේ අනිත් රටවල ඡන්ද ක්‍රමයට අනුව ට්‍රම්ප් පරාදයි (නි)
හැබයි ට්‍රම්ප් විරෝධියෝ පොල් නම් ගැහුවේ නැහැ (නි)
බහුතර ජනමතය පිළිගැනීමට අකමැති ටිකක් දියුණුයි කියන අැමෙරිකවලත් ඉන්නවා එතකොට. ඇමරිකාවත් හරියට ලංකාව වගේමයි නේ. (අ)
හිලරි කොටි හිතවාදී . එය ආවනම් ලංකාවටත් බලපානවා. (අ)
අපේ බෙදුම්වාදයට කැමති බයියොත් අඩනවා හිලරි පැරදුනාට. (අ)
ට්‍රම්ප් නුඹේ ජනාධිපති නොවේ නම් පලයල්ලා නුඹලා ආ රටවලටම. (නි)
රොෂේන්- රියාද්, ඔබ කිවුවා හරියටම හරි. (නි)
අප්පුහාමි මහතා :ජනමතය හම්බවුනේ හිලරිට. කොට්ඨාස ක්‍රමය නිසා දින්නේ ට්‍රම්ප්. (බ)
දිනූ ඇමරිකාව අනතුරේ.හිලරි සමඟ නැගිටිමු. (බ)
ඇමරිකාවේ ඉන්න කොටි හිතවාදීන් (දෙමල කොටියෝ) හිතන් හිටියේ ලංකාවේ කොරා වගේ ඇමරිකාවෙත් උන්ට ඕන විදියට ජනාධිපති කෙනෙක් පත්කර ගන්න පුලුවන් වෙයි කියලා ලංකාවේ බඩ ගැන හිතන පුන්නක්කු බොන තණකොල කන කකුල්දෙකේ හරක් හිටියට, ඇමරිකවේ ඇමරිකන් ජාතිකයෝ බඩට කලින් රට කියන හැගීමෙන් කටයුතු කරන්නේ..(බ)
මේ දේවල් ඔක්කොම කරන්නේ රට ඇතුළේ ඉන්න යුද්දෙ වවාගෙන කන පිරිස් තමා (බ)
මේ බොරුවට දඟලන්නේ බඩගෝස්තරවාදී , සුපිරි ජාතිවාදියන් තමයි . (අ)
බස්නායක , දුක තමයි රන්ජනී (බ)
එක තමයි දැන් ටොයියන්ට බයියෝ පැටලිලා! හැබැයි දන්නා හැටියට නම් ට්‍රම්ප් බයියන්ගේ ජනපති! (අ)
මෙහෙ ඉන්න අප්පච්චිගේ යාලුවොද දන්නේ නැහැ. (නි)
මෙතෙක් පැවතුනු පාලන ක්‍රමය අනුව දෙවන ලෝක යුධයෙන් පසු ලොව මිලියන 40 ක පමන පිරිසක් සරනාගතයන් බවට පත්වී ඇත.බොහෝ රටවල අස්ථාවර කිරීම පිණිස විවිධ සංවිධාන හරහා මුදල් දී( ඇ න් ජී ඕ) හරහා සිය අදහස් ඉටුකරවා ගන්න සමාජ ක්‍රමයකට අප නොදැනුවත්වම ඇද දමා ගෙන ඇත.පඹයන් වාගේ සිටි අය අපේම මිතුරන් සමහර විට හිටි හැටියේ කෙරුමන් බවට පත්වී රට යාමයට පටන් ගෙන අතමිට සරුවී ඉන්නවා දැකගත හැකිය.මේ ක්‍රමය වෙනස් කිරීම එතරම් පහසු දෙයක් නොවේ.බලගතු ආයතන පසුපසින් සිට උසි ගැන්වීමට පටන් ගෙන ඇත.ඔවුන් වෙනසක් සිදු වෙනවාට අකමැතිය .අපේ රටින් ද මෙයට උදාහරණ එමටය.විමසිල්ලෙන් බලන්න අපේ හෝ ඇමෙරිකාවේ කියාමෙවාට වෙනසක් නැත. දිනුෂ කියූ පරිදි මේ දේවල් ඔක්කොම කරන්නේ රට ඇතුළේ ඉන්න යුද්දෙ වවාගෙන කන පිරිස් තමා .සිසුන් අවුස්සා පාරට් ගැනීම ඔවුන් ගේ එක උපායක්.බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වෙනසක් ඇතිවෙයි ඉදිරියට.බොරුකාරයන් ගෙන් අම්බට්ටයන් ගෙන් අතකොලු රුකඩ තමයි ලොව නටවන්නේ.වෙනසක් හරිම ඇවැසියි. (අ)