(රොයිටර් ඇසුරෙනි - 042)
රටවල් හයක ජාතිකයින්ට ඇමෙරිකාවට ඇතූළුවීමට තහනම් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා සංශෝධන සහිතව නිකුත් කළ නව තහනමට හවායි අධිකරණයක් පැනවූ වාරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
මෙම අධිකරණ නියෝගය මගින් ඇමෙරිකාව දුර්වල බව ලෝකයට පෙන්වූ බවත් එය අධිකරණය හපන්කම් පෙන්වීමට දුන් නියෝගයක් බවත් ට්‍රම්ප් මහතා කියයි. එම අධිකරණ නියෝගයෙන් ප්‍රකාශ වුයේ මෙම තහනම එක් ආගමක් අප්‍රසාදයට පත් කිරීම අරමුණු කරගෙන නිකුත් කර ඇති බවයි.
ජනපතිවරයාගේ මෙම තහනම් නියෝගය ඉකුත් බදාදා(15) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.
සංශෝධන සහිතව නිකුත් කළ නව නියෝගයට අයත් වන රටවල් හය වන්නේ ඉරානය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
ට්‍රම්ප් මෙම තහනම නිකුත් කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර නිකුත් කළ තහනම දැඩි විරෝධතා හා අධිකරණ වාරණ නියෝග හමුවේ ඉවත් කරගැනීමට සිදු විය. පළමු නියෝගයේදී ඉරාකයට ද තහංචි පනවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd