ලිබියාවේ අගනුවර වන ට්‍රිපොලි ආසන්නයේ පසුගිය සතිදෙක තුළ සිදුවූ ගැටුම්වලින් 205දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මියගිය අය අතර සාමාන්‍ය වැසියන් 18දෙනකු සිටින බවද ගැටුම් වලදී 913දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
ට්‍රිපොලි නගරයේ විශාල ජනගහනයක් වෙසෙන අතර පසුගිය අඟහරුවාදා සිදුවූ ෂෙල් ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිස් නගරය අතහැර පලාගිය බව ද වාර්තා වේ.
ට්‍රිපොලි නගරයේ සමහර ප්‍රදේශ අත්පත් කරගෙන සිටින අණදෙන නිලධාරී කලීෆා හෆ්ටාගේ හමුදාව සහ ලිබියානු හමුදාව අතර මෙම ගැටුම් හටගෙන ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd