IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ට්‍රිචි කුරුල්ලා ශ්‍රී ලංකන් යානය පමා කරයි

දකුණු ඉන්දියාවේ ට්‍රිචි නුවර ගුවන් තොටුපොළේ දී බ්‍ර‍හස්පතින්දා (26) උදේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 131 යානයේ කුරුල්ලකු හැපීම හේතුවෙන් යානය ආපසු පියාසර කිරීම පැය හතකින් පමණ ප්‍රමාද වූ බව හින්දු පුවත්පත පවසයි.

යානය ට්‍රිචි ගුවන්තොටුපොළට ගොඩ බස්වද්දී එහි වම් එන්ජිමේ කුරුල්ලා හැපුණු ද යානයට අනතුරකින් තොරව ගොඩබැස්සවීමට හැකියාව ලැබුණු බවත් එරට ගුවන් තොටුපොළ බලධාරන් පවසා ඇත. යානය අළුත්වැඩියා කිරීමට කොළඹින් ඉංජිනේරුවන් පිරිසක් ට්‍රිචි ගුවන්තොටුපොළට ගිය බව ද හින්දු පුවත්පත පවසයි. යානය යළි කොළඹ බලා පියාසර කර ඇත්තේ සවස 5.20 ට පමණය.



අදහස් (0)

ට්‍රිචි කුරුල්ලා ශ්‍රී ලංකන් යානය පමා කරයි

ඈෂ්ලි Friday, 27 November 2015 08:57 AM

අපේ අය හදපු එක හොඳයි (බ)

:       0       0

සනත් ඉන්දික Friday, 27 November 2015 07:40 PM

නමින්ම පේනවා පිටබැද්දර ජයා වන්නියේ කියලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 27 November 2015 09:49 AM

සාමාන්‍යයෙන් ජෙට් එන්ජිමක කුරුල්ලන් වදින්නේ පොලවේ සිට අඩි දහසේ සීමාවේදීය. එනම් එන්ජිම උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන නග්ගන හෝ බස්සන අවස්ථාවෙදියි. ලෝකයේ විශාලතම ගුවන් යානය වන එයාර්බස් ඒ 380 යානයේ උපරිම බර කිලෝ හයක කුරුල්ලෙක් වැදීමෙන් අනතුරක් සිදු නොවන බවට සහතික කර ඇත.(ම)

:       0       0

නාමල් Saturday, 28 November 2015 11:51 AM

බලන්නකෝ අපේ අයගේ අදහස්... (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 November 2015 10:17 AM

මම කල්පනා කළේ මත්තලදී අලියෙක් හැපුනොත් එහෙම මාස පහකින්වත් වැඩේ ගොඩ දාගන්නවා බොරු ? (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 28 November 2015 02:39 PM

එතකොට පිටිගල, අඩි දහසකට පහළින් පියාසර කරන කපුටන්, මොනරුන්, පරවියන් වැනි පක්ෂීන් ගුවන් යානා වල හැපෙන්නෙම නැද්ද? (නි)

:       0       0

ප්‍රියංක Friday, 27 November 2015 10:24 AM

එහෙනම් එකෙත් වී ගබඩා කරමු.(හේ)

:       0       0

ටිකිරි Saturday, 28 November 2015 02:40 AM

ඒ රටේ නම් ඒ ගුවන් තොටුපොළේ වී ගබඩා කරන්නේ නැතුව ඇති . (නි)

:       0       0

කුමාර Saturday, 28 November 2015 03:34 AM

පුදුමය කියන්නේ මේක මත්තල වුණා නම් අපේ අය කියන කතන්දර බලන්න තිබුනා. දැන් සද්ද නැහැ. (නි)

:       0       0

සිරිසේන Saturday, 28 November 2015 06:16 AM

මත්තලදී හැපුනා නම් අහන්න තිබුණා හොඳ කවි ටිකක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site