ටයරයක හුලං ගොස් ඇති බවට සැකකරණු ලැබු මගී ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයට ඉහළ අහසේ පැය තුනක් පමණ රවුම් ගසමින් පියාසර කර පසුව එරට ඔස්ලෝ ගුවන් තොටුපොළට ගොඩ බස්වා ඇතැයි ඩේලි මේල් පුවත් සේවය පවසයි.
එය ගොඩ බැස්සවීමට පෙර ගුවනේ රවුම් ගසා ඇත්තේ එහි ටැංකි වල ගබඩා කර තිබු ඉන්ධන අවසන් කැර ගැනීමේ අරමුණෙනි. නෝර්වේඑයා ගුවන් සේවයට අයත් අංක ඒ 321 නමැති මේ යානයේ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 200ක් සිටි බව ද දැනගන්නට ඇත.
ගුවන් බලධාරින් පවසන්නේ යානය ගුවන්ගත වන අවස්ථාවේ ටයරය සිදුරුවී එහි වාතය පිටතට ගිය බවයි. රෝදයේ හුළං නොමැතිව යානය ගොඩබැස්සවීමට යාමේ දී යානය අනතුරට පත්වුවහොත් ඉන්ධන සමග පුපුරා යාමේ අවධානමක් ඇති බැවින් මෙලෙස අමතර කාලයක් පියාසර කරමින් ඉන්ධන අවසන් කර ඇත.
යානය ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී ගුවන් තොටුපොළේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සුදානමින් සිටි බව පැවසේ
මෙම යානය ඔස්ලෝ ගුවන් තොටුපලට බැස්සවු පසු එහි මාධ්‍ය නිලධාරි ලැසි ඇන්ඩ්රි වැන්ග්ස්ටින් මාධ්‍යයට කියා ඇත්තේ ‘‘මට හරි සතුටුයි එම ගුවන් යානය කිසිම වරදක සේයාවක් හෝ නොදක්වා සාමාන්‍ය පරිදි ගොඩ බැස්සුවා “ යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ තෙල් ටික (නදී)
මෙහි ගමන් කළ සියල්ලන්ම වාසනාවන්තයෝය. ගුවන් නියමුවාගේ දක්ෂතාවය අගය කරමු. මෙන්න මේවාට තමයි සම්මාන පිරිනමන්න ඕනෑ (නි).
හොද දක්ෂ ගුවන් නියමුවෙක් (නදී)
අනික සෑම් තෙල් ඉවත හළන එක හිතු මනාපෙට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. (නදී)
දක්ෂ ගුවන් ගුවන් නියමුවෙක්. ජීවිත රැසක් බේරාගත්තා (නි)
බොහොම දක්ෂ නියමුවෙක් (නි)
ඉතින් උඩදීම "ස්පෙයා වීල්"එක දාගන්න තිබුනනේ (නි)
ගුවන් යානා වලට අපල කාලයක්... (නි)
අපේ රටේ ඉන්නවා මීටවැඩිය වැඩකාරයෝ. කිවුවා නම් බ්ලූටූත් වලින් හරි ඇදලා යානය බස්සවයි (නි)
නඩත්තුවේ හොඳකම තමා (නි)
සියල්ලෝම වාසනාවන්තයි. (නි)
තෙල් ඉවතට හලන (ෆියුල් ඩම්ප් මිකැනිසම්) එකත් වැඩ කරන්නේ නැද්ද?? (නි)
සෑම්, තෙල් ඉවතට හලන (ෆියුල් ඩම්ප් මිකැනිසම්) භාවිතා කළද ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගතවේ. තවද තෙල් ඉවතට හැලීමද සිතුමතේට කළ නොහැකි වන්නේ ඒ සඳහා ගුවන් යානය ගමන් කරන මාර්ගය, උස, කාලගුණය, අසළින් පියාසර කරන යානා, සහ පාලක මැදිරියේ අවසර ලබාගැනීම සහ තව කරුණු සම්පුර්ණ විය යුතු නිසාවෙනි. (නි)