ටියුනීසියාවේ අගනුවර ටියුනිස් හිදී ජනාධිපති ආරක්ෂක භටයන් ගෙන යන බස් රථයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 11දෙනකුවත් මිය යන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කාර්යබහුල ප්‍රධාන මාර්ගයකය බස් රථය ගමන් කරමින් තිබියදී පිපිරීම සිදුවී ඇත. ධූරයෙන් පහ කරන ලද ජනපති සයින් අල් අබිඩීන් බෙන් අලි මහතාගේ පක්ෂයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේය. පිපිරීමට හේතුව තවම සොයාගෙන නැත.
ටියුනීසියාව තුළ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් වැඩි වෙමින් පවතී. දිගින් දිගටම රජය හා අන්තවාදීන් අතර ගැටුම් ඇතිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි බටහිර රටවල සහායෙන් අරාබි වසන්තයක් කලා. දැන් අන්තවාදය හිස ඔසවනවලු. (රේ)
බටහිර රටවල් ඉල්ලන් කනවා කියන්නේ මේකට තමයි. (ම)