වසර විසිතුනක ඒකාධිපති පාලනයකින් පසු ටියුනීසියා ජනතාව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නිදහස් මැතිවරණයකට මුහුණ දුන්නේය. ආසන 217 කින් සමන්විත ටියුනීසියා පාර්ලිමේන්තුවේ ආසන 85ක් ජය ගැනීමට අන්තවාදි ඉස්ලාම් විරෝධි නිඩා පක්ෂයට හැකිවූ අතර ඉස්ලාම් එන්හාඩා පක්ෂය ආසන 69 ක ජය හිමි කර ගැනීමට සමත් වූයේය. ඒ අතර අවුරුදු විසිතුනක ඒකාධිපති පාලනයකින් පසු රටින් පැන ගිය හිටපු ජනාධිපති බෙන් අලීගේ වත්කම් ගැන එම මැතිවරණයට සමගාමිව ප‍්‍රංශ රූපවාහිනියේ වාර්තාමය වැඩ සටහනක් විකාශනය වුයේය.
ඒ අතරින් ප‍්‍රංශයේ හයවැනි චැනලයේ ඉරුදින රාත‍්‍රියට විකාශනය වන කැපිටල් නම් වැඩ සටහන ප‍්‍රංශ ජනයා අතර ජනප‍්‍රිය බුද්ධිගෝචර, සත්‍ය සොයන, විශ්මය ජනක, බියසුළු, ඇදැහිය නොහැකි තොරතුරු ඉදිරිපත් කරන වැඩ සටහනකි.
ටියුනීසියාව අවුරුදු 23ක් පාලනය කොට මහජන නැඟිටීම ඉදිරියේ රටින් පැන ගොස් සෞදි අරාබියේ රැකවරණ මත ජීවත් වන හිටපු ජනාධිපති සිනේ එල් අබිඩින් බෙන් අලී හා ඔහුගේ පවුල විසින් සොරකම් කැරැණු රාජ්‍ය සම්පත්හී වටිනාකම ටියුනීසියා රජයට ලබා ගැනීම සදහා නව පාලනය ගත් අධිකරණ ක‍්‍රියා මාර්ගය දේශපාලනයේ ගැටෙන අයුරු එහි විකාශනය විය.
ඒ පලාගිය ජනාධිපති ටියුනීසියාවෙන් සොරා ගත් වත්කම් වල වටිනාකම යුරෝ ටි‍්‍රලියන පහක් (රුපියල් ට්‍රිලියන 830) බව හෙළි කරමින් ඔහුගේ අවුරුදු 23ක පාලනය ගෙවී ගිය අයුරු සවිස්තරාත්මකව ඉදිරිපත් කළේය. එය මෙසේය.ට්‍රිලියන්යක් යනු රුපියල් දසදහස් ප්‍රකෝටියකි.
හිටපු ජනාධිපති බෙන් අලීගේ පාලනය යටතේ ටියුනීසියාවේ පාලනය සම්පූර්ණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන් 28 දෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් සමන්විත සියයක පමණ කණ්ඩායමක් විසින් පාලනය කරන ලද්දකි. බෙන් අලී යනු දෙවරක් විවාහ වුවෙකි.
දරුවන් හය දෙනෙකුගේ පියෙකි.
ඔහුගේ ප‍්‍රථම විවාහක බිරිඳ නයිමා කෙයිඩිට දාව දියණියෝ තිදෙනෙකි. ගහාෂුවා බෙන්අලී ඩොර්ෂෆ් බෙන්අලී, සිරින් බෙන්අලී ඔවුහුය. ඔහුගේ දෙවැනි විවාහක බිරිඳ ලෙයිලා ටේරබෙල්සිට දාව දියණියෝ දෙදෙනෙක් හා පුතෙක් ද වෙති. නෙස්රීන් බෙන්අලී, හලීමා බෙන්අලී යන දියණියන් හා දැනට වයස අවුරුදු 08ක් වයැසැති මොහොමඞ් බෙන් අලී ඔවුහුය.
ප‍්‍රථම විවාහයේ දියණියන් වන ගහාෂුව, ඩොර්ෂෆ් හා සිරින්ගේ ස්වාමියන් අනුපිළිවෙලට ස්ලිම් ෂාරුක්, ස්ලිම් චිබාබ් හා මර්වන් මබ්රුක් බෙන්අලීගේ ප‍්‍රථම විවාහක බෑනා වරුය. ටියුනිසියාවේ සියලූම ගුවන් තොටුපොළවල් හා මෙඩිඔ බැංකුව පාලනය වන්නේ ස්ලිම් ෂාරුක් බෑනා යටතේය.
ටියුනීසියාවේ බෙන්ස් මොටර් රථ සමාගමේ ශාඛාව, අරාබි ටියුනිස් ජාත්‍යයන්තර බැංකුව, චාම් එෆ් එම් ගුවන් විදුලිය , මොනෝප‍්‍රී වෙළඳ ආයතන හා ටියුනීසියා අන්තර්ජාලා වෙළඳ සමාගම පාලනය වන්නේ මර්වාන් මබ්රුක් බෑනා යටතේය. ඖෂධ සමාගම්, නිවාස හා දේපළ වෙළදාම් හා බෙදා හැරීම් පාලනය වන්නේ ස්ලිම් චිබාර්බ් බෑනා යටතේය.
සිටෝනා බැංකුව,අටිජරි බැංකුව, වොක්ස්වාගන් , ඖඩි, ෆෝෂේ, සියැට්, කිආ මෝටර් රථ ආනයන හා වෙළඳ ශාඛා, සිටෝනා ,එෆ් එම් ගුවන් විදුලිය මාධ්‍ය ආයතනය, හා ඊට අනුබද්ධ ටියුනීසියාවේ ජනප‍්‍රිය අස්බාහා හා ලේ තොම්ෆ් පුවත්පත්හී අයිතිකරු දෙවැනි කසාදයේ දියණියක් වූ නෂ්රීන්ගේ ස්වාමියා වූ ෂකීර් මැටේරීය.
ඔහු ටියුනීසියාවේ කෝටිපතියෙකි. එහි ජාතික බැංකු පුද්ගලීකරණය කළ අවස්ථාවේ එහි වැඩිම කොටස් හිමිකරුවා වුයේ ඔහුය. රජ පවුල්වලට මන්දිර සපයන සුඛෝපබෝගී මන්දිර හිමි කරුවෙකි. එංගලන්තයේ වෙස්ට් මවුන්ට් හී එවැනි මන්දිරයක් ඇත්තේය. හලීමා බෙන්අලී දියණියගේ ආදරවන්තයා වූ 23 හැවිරිදි මෙහෙඩි බෙන් ගෙයිඞ් ටියුනීසියාවට නිෂ්පාදනය කරන ප‍්‍රංශ ෆර්ජෝ වාහන සමාගමේ ප‍්‍රධානියාය.
අරාබි වසන්තය ආරම්භයේදීම එන පොට හොඳ නැති බව දැනගත් ඔහු බෙන් අලී පවුල් සබඳකම් අතහැර අතුරුදහන් වුයේය. බෙන් අලී බිරිඳ ලෙයිලා ටේරබෙල්සිගේ වැඩිමහල් සොහොයුරු බෙන්අලී මස්සිනා ,බෙල්හසෙම් ටේරබෙල්සි යනු බෙන් අලී කණ්ඩායමේ ප‍්‍රබලයා වූ වංචාව දුෂණ වලින් නම් දැරූවෙකි.
ටියුනීසියානු බැංකුව, තරු හතරේ කහාමාස් හෝටලය, ඇල්ඩියානා හෝටලය කර්තාගෝ ගුවන් සේවය මොෂියැක් එෆ් එම් ගුවන් විදුලිය, පතොක් කර්මාන්ත ශාලාව (ලෝකයේ පතොක් ඉල්ලූම වැඩියෙන්ම සපයන රටකි ටියුනීසියාව) කර්තාජ් රූපවාහිනිය කර්තාජ් සිමෙන්ති කම්හළ, බිෂෙරෙට් රස කැවිලි කම්හල, යන සියලූ ආයතන ප‍්‍රධානියා ඉහත බෙන්අලීගේ මස්සිනාය.
ඊට අමතරව ටියුනීසියාවේ දේශීය හෝ විදේශ ආයෝජන ඔහුගේ අවසරයකින් තොරව සිදු නොවේ. ඔහු ඉදිරියේ ඇමතිවරු රූකඩයෝ. ඔහු එතරම්ම ප‍්‍රබලය. අවසානයේ රටින් පැන ගොස් පණ බේරා ගත් ඔහු අද කැනඩාවේ දේශපාලන රැකවරණයට අයදුම්පත් ඉදිරිපත් කොට ටොරොන්ටෝ නුවර රහසි ගතව ජීවත් වන්නේය.
ටියුනීසියාවේ සැමන් හා සාර්ඩින් ආනයනය හා ටියුනීසියා විලේ මසුන් ඇල්ලීමේ තනි ඒකාධිකාරිය පවතින්නේ අනෙක් මස්සිනා වන මොරාඞ් ටේරබෙල්සි යටතේය. ඉමේඞ් ටේරබෙල්සි මුණුබුරා බි‍්‍රරිකොරාමා හා විශාල යකඩ කඩ ජාලයක ප‍්‍රධානියාය. ඔහු අද ටියුනීසිවේ හිර ගෙදරය. නජේට් බෙන්අලී, නයිමා බෙන්අලී , හයෙට් බෙන්අලී සහෝදරියෝ හා සහෙඞීන් බෙන්අලී ටිජානී බෙන්අලී ඔසව්බස සහෝදරයෝ සියල්ලෝ ඉඩම් හා දේපොළ වෙළඳාම්, සුපිරි හෝටල් හිමි කරුවන් වන අතරම සංචාරක ව්‍යාපාරයේ මෙහෙයුම් කරුවෝය.
බෙන්අලී පවුලේ බොහෝ දෙනා රාජ්‍යයේ ආර්ථික ව්‍යුහයේ ප‍්‍රධාන ස්ථාන වල ස්ථාන ගත කරනු ලැබ සිටියහ. තව බොහෝ දේ ඇත්තේය. ඒවා ලියතොත් පොතක් වීමට ඉඩ තිබේ. ඉහත විස්තරය බෙන්අලී පවුල ටියුනීසියාවට දායකවූ අයුරුය. දකුණු ටියුනීසියාවේ රමණීය මුහුදු වෙරළකට ආසන්නව පිහිටි හමුදාවට අයත් විශාල භූමි ප‍්‍රදේශයක මනස්කාන්ත නිසළ සයුරකට මුහුණලා මනරම් කඳු ගැටයක සුවිසල් විශාල නිවසක් තැනීය. එය නිවසක් නොව මාලිගාවකි. එහි කාමර 322 කි.
බිම් මහලේ සහ පොළොව යට පිහිනුම් තටාක දෙකකි. හෙලිකොප්ටර් අංගන, මිල අධික වටිනා මෝටර් රථ නැවතුම් පොළ එහි මැසරාටි, ෆෙරාරි, ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, ඩෙම්ලර්, රොල්ස් රොයිස්, බෙන්ස් ආදි වාහන වලින් ගාල් කොට ඇත්තේය.ලොව ප‍්‍රකට මිල අධික පිගන් ගඩොල්, ලොව වටිනා සිත්තම්, ජානාධිපති තෑගි බෝග, වලින් අලංකාරවූ මෙහි බෙන්අලී බිරිඳගේ රූපලාවන්‍යාගාරය රනින් නිමැවූ කැටයම් වලින් විසිතුරුවී ඇත්තේය.
ප‍්‍රධාන ශාලාවේ මීටර් 3ක් පමණ දිග මීටර් එක හමාරක් උස රාක්ක හතරකින් සමන්විත වීදුරු දොරවල් සහිත පුස්තකාලයකි. අරාබි අක්ෂර වලින් ලියැවූ විවිධ වර්ණ පොත් එහි පිළිවෙලට අසුරා ඇත්තේය.
නමුත් එම පොත් සැබෑ ඒවා නොව මායම් පොත්ය. පුස්තකාලයේ පසුපස දැවැන්ත සේප්පුවකි. එහි රන්, මුතු, මැනික්, දියමන්ති හා යුරෝ 500 , 200 ඩොලර් 200 , 100 නෝට්ටු මිටි වලින් සේප්පුව පිරී ඉතිරී ඇත්තේය. එහි වටිනාකම ඩොලර් ලක්ෂ 3200(රුපියල් ලක්ෂ 665600)ක් යැයි නිශ්චිත නොවු වටිනාකමයි. මෙම මන්දිරය අද හමුදා රැකවරනය යටතේ පවතී. මෙම පවුලට ප‍්‍රංශයේ පරාදීසය ලෙස සැලැකෙන දකුනු දිග ප‍්‍රංශයේ විශාල මන්දිර ඇත. පැරීසියේ මිළ අධික කළාප අංක 16හී නිවාස හයක් ඇත. ඒවා දැන් හිස්ය. විකුණා නොමැත.ආර්ජන්ටිනාව, බොලිවියාව, බ‍්‍රසීලය, ඉක්වෙදෝරය, ස්විට්සර්ලන්තය, කැනඩාව, සෞදි ආරාබියාව, ඩුබායි, ඊජිප්තුව, ජෝර්දානය ආදි රටවල විශාල මන්දිර ඇත.බැංකු ගිණුම් ඇත.
ඔහුගේ පළා යෑමෙන් පසු ටියුනීසියාව හිස් බැංකු වලින් පිරි රාජ්‍යයක් බවට පත්විය. ඒ අනුව ජනාධිපති බෙන් අලී සුව නින්දේය. ජනතාව බඩගින්නේය.
මානුෂික මුහුණුවරකින් බලයට පැමිණි බෙන් අලී 2011 වන විට අවුරුදු 23ක් රට පාලනය කෙළේය.
නියමිත දිනට ඔහු මැතිවරණ පැවැත්වීය. මුළු ජනගහණයෙන් සියයට අසුවක් ඔහුට අකමැතිය. නමුත් මැතිවරණ ප‍්‍රතිපල තුලින් ඔහු සෑම විටම ජයග‍්‍රහාකයා විය. ඒවා මැතිවරන නොව තනිකරම වංචා කිරීමය, හොරකම් කිරීමය. ඒවා ගැන කිසිම කෙනෙකුට කටක් ඇරීමට ඉඩ නොතැබීය. කට ඇරීම ආයුෂ කෙටි වීමකි.
එය ටියුනීසියාවට ආවේනික සුපුරුදු සමීකරණයක් විය. ඔහුට හෝ ඔහුගේ රජයට විරුද්ධව ලියන, කියන, කථා කරන සියලූ දෙනාගේ ඉරණම ඉතාමත් භයංකාර විය. ඔහුට විරුද්ධ වු හා යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී සිටි දක්‍ෂ මාධ්‍යවේදියෝ, වෘත්තීය සමිති නායකයෝ, දේශපාලකයෝ ,ගායකයෝ, ශිෂ්‍යයෝ විශාල පිරිසක් ඔහුගේ පාලනයට බියෙන් රටින් පැන ගොස් ප‍්‍රංශය ඇතුලූ වෙනත් රටවල පදිංචි වුහ.
බෙන් අලි නම් එකාධිපති පාලකයාට විරුද්ධ වු සැමගේ අවසානය බොහෝ විට මරණය විය. ඔහු සදහා වු වෙනම ආරක්‍ෂක හමුදාවක් විය. එය හිට්ලර්ගේ ගෙස්ටාෆෝ හමුදාව හා සමාන විය. ඔහුට විරුද්ධ සියල්ලෝ මෙම මැරයන්ගේ වද හිංසා වලට ලක්වුහ. බොහෝ විට එවැන්නෝ තෝරා බේරා පැහැරගෙන යති. අතුරුදන් කරති. පුළුස්සති. වෙඩිතබා මරා දමති. ඒවා ද පාලකයා හෝ ඔහුගේ කණ්ඩායම අසු නොවන ලෙස සුක්ෂමව සිදු විය. පාර්ලිමේන්තු පාලන ක‍්‍රමයක් තිබුණද මුළු රටම පාලනය වූයේ බෙන් අලීගේ පවුලේ ඥාතීන්ගේ එකතුවෙනි.
එහි අති බලවත් ප‍්‍රධාන චරිතය රඟපෑවේ ඔහුගේ දෙවැනි බිරිඳ වූ ලෙයිලා ට‍්‍රබෙල්සීය අවසානය වනවිට ජනාධිපති රූකඩයකට සීමාවිය . සියලූම පාලනය ඈ සතුවිය. අවසානයේ අරාබි වසන්තයේ සුළි සුළඟට අසුවූ බෙන්අලී තම බිරිද හා ළගම ඥාතීහු සමග පෞද්ගලික ගුවන් යානා මගින් සෞදි ආරාබියට පලා ගියහ.
ඔහුගේ බිරිඳ පලාගොස් ඇත්තේ; ටියුනීසියා මහා බැංකුවේ තිබු රත්තරන් කිලෝ එක්දාහාස් හත්සියයක් ද හරියටම හෙළි නොකළ ඩොලර් ප‍්‍රකෝටි ගණනක් මුදල් පුරවා ගත් මළු සමගය.
ඇයගේ අනෙක් ඥාතීන්ද ඔවුන් අනුගමනය කලහ. මේ වනවිට ඈ සතු ධනය යුරෝ ටි‍්‍රලියන පහක් (රුපියල් ට්‍රිලියන 830) යැයි ප‍්‍රංශ මාධ්‍ය විසින් කියයි.
මෙම වත්කම් ටියුනීසියා ජනතාවට ලබා ගැනීමට ටියුනීසියා රජය බොහෝ වෙහෙසක් දරමින් සිටී. මේවන විට ඩොලර් මිලියන 320(රුපියල් ලක්ෂ6656) ක් රජය සතුය. මුලදී ඔවුන් සතු විදේශ වත්කම් එම රජයන් සතු කරන බව කීවත් මේ දක්වා එවැන්නක් සිදුවී නොමැත. බෙන් අලී කණ්ඩායමේ රටින් පැනගිය සමාජිකයන්ට එරෙහි ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වුවද,මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත. ඔවුහු සොරා ගත් ධනයෙන් විවිධ රටවල රහසේ ජීවත් වන්නේය. මෙවැනි පාලකයෝ අතීතයේද සිටියෝය.
වර්තමානයෙත් එසේමය. ඔවුන්ගෙන් සමහරු පරලොවය. සමහරු සිර ගෙවල්වලය. සමහරු මෙලොවය. එනමුදු ජනතාව නිසළය, නිහඬය.ඡන්දයදාට ඡන්ද දායකයා බලවතෙකි ඒ බලය ඡන්දයෙන් පසුව ඔහුට නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ රටවල ජීවත් වෙන අයට පිස්සන් හරක් කියලා කිව්වොත් ඒක පිස්සන්ට හරක්ට කරන අගෟරවයක් වෙයිද මන්දා? (අ)
මම සිතන්නේ ටියුනීසියා රටට වැඩියෙන් ඕවා කෙරෙන්නේ මෙහෙ , නරකද ඒවා ගැන අපිට විස්තර දැම්මොත් (අ)
මම මේ ලිපිය වර්ණයෙන්ම ෆොටෝකොපි කරලා තියාගත්තා.අපේ රටෙත් නීතිය ස්ථාපිතවෙලා රටට සාමය, නිදහස ලැබුණ දවසක මගේ මුණුබුරු මිණිපිරියන්ට පෙන්වන්න. (නි)
වල්පොල, එයාලා අසරණ මිනිසුන්ට තමන්ගේ ඉඩකඩම් බෙදලා දුන්න මිසක් අසරණ මිනිසුන්ගේ දේපළ සුරාගෙන කෑවේ නැහැ. (නි)
ඒ වුණාට කවදාවත් එළිවෙන්නේ නැති රහසුත් තියෙනවා (නි)
මීයක් කඩන්නේ අත ලෙවකන්නද කිවුවලු (නි)
නියමයි. අන්න පාලකයින්ගේ බිරින්දෑවරු.(හේ)
අපේ රටේ නම් හැමතැනම චෙක් පොයින්ට් තියෙන නිසා මෙහෙම වෙන්න විදියක් නැහැ (නි)
මම මේ ලිපිය ලංකාවේ දන්නා කියන හැමෝටම යැවුවා.ඉතාම වටිනා ලිපියක්. (නි)
අර බන්දුල පෙරේරා කියනවා වගේ අපේ රටේ මෙහෙම වෙන්න කිසිම විදියකින් ඉඩක් නැහැ (නි)
මගේ ආයතනයේත් ඉන්නවා ටියුනිසියාවේ අය.එයාලගේ කතාවත් මගේ කතාවත් එකටම ගැළපෙනවා. ඒත් අපි ඊටත් වඩා ඉහළින් ඉන්නේ. (නි)
මේවාට අදහස් දක්වන්නත් බයයි වගේ (නි)
ඉතාමත් සාර්ථක ලිපියක් (නි)
හානේ මෙයාලගේ වැඩ අර රජ පවුලේ වැඩ වගේම නේ! ආනේ දාන්නකෝ පත්තරේ එයාලගේ "පැටිකිරියත්"
ලංකාවේ සිදුවෙන්නෙත් මීට හාත්පසින්ම ශාපේක්ශ ක්‍රියා රටාවක්...(අ)
මේක මඩ ගැහිල්ලක් කියලා ඒ රටේ වග කිව යුතු ඇමති වරුන්ට තද වෙයිද දන්නේ නැහැ,(අ)
කියන්න වදන් නෑ හැගුම් සිතේ ගොලුවලා ,(අ)
මේ වගේ වාර්තා ලිපියක් තව නොබෝ කලකින් ඉන්දීය සාගරයේ දුපතකිනුත් වාර්තා වෙන්න පුළුවන්! (අ)
මේ කට්ටිය වහෙන් ඔරෝ කියනෙ මේ ආණ්ඩුවෙ පවුල් ආණ්ඩුවක් කියලනෙ? ඇයි මතක නැද්ද 70 -77 කාලෙ පවුල් ආණ්ඩුව ගැන.එදත් එකයි අදත් එකයි. කන එකා කනව හොදි ඉවර වෙන්න. (අ)
ලංකාවත් ඔය ටික තමයි වෙන්නේ තව වසර දෙක තුනක් මේ කට්ටිය හිටියොත්.දැනටම බිලියන ගනම් හොරකම් කරලා තියෙන්නේ. (අ)
බන්දුල පෙරේරාට/ලංකා තිලක්ට/නිශාන්තට/රුපවති අක්කාට ජයවේවා.(අ)
රූපවති අක්කා ටියුන් කරන විදිය දන්නවානේ.ටියුන්, මතක තියා ගන්න.ඒකට නීසියා එකතු කරන්න.එතකොට කියන්න හරි ලේසියි." ටියුනීසියාව "(අ)
නාමල් ඔබගේ කියුම අනුමත කරන අතර තවත් බොහෝ දේ කියන්න තිබුනත් ඒවා පල නොකරන නිසා නොකියා හිඳින්නම්.(අ)
මේ තමයි නියම වීර කාන්තාවන්! (නි)
කවුද මේ බන්දුල ..අර කෙනෙක් කිව්වා වගේ කෙනෙක් ද .....එයා පිටරටවල ඉන්න අයට බනිනවා ...එයාල එවන සල්ලිත් ...අප රටට වටිනවා ..නමුත් දුක් විදින අපේ අය ගැන සැලකීමක් නැහැ බන්දුලට දු දරුවෝ ඉන්නවද දන්නේ නැහැ ..මොකද අපේ කාලේ ඉවරයි ..අඩු ගානේ ..අපේ දු දරුවන්ට වත් ...හොඳ රටක් ..හොඳ අනාගතයක් ලැබේද ..අපි වගේ අයට ගොඩ වෙන්න තියෙන එකම මග උගත් කම ..අද උගත් කම ලබා ගන්න ලංකාවේ පුලුවන්ද ..පොඩ්ඩක් කියන්න කලින් ..හිතල බලන්න ..ජිවත් වෙන්න පුළුවන් බඩු මිලක් ද තියෙන්නේ අද අනේ මන්ද .....තව ලියන්න පුළුවන් කෙනෙක් කිව්වා වගේ බයයි ..(අ).
අපේ කට්ටිය කෙලින්ම චීනෙන් අරගෙන අර සුවිස් බැංකුවට දාන්නේ ලංකාවට ගේන්නේ නැහැ අපිට තියෙන්නේ ලංකාවේ ඉදන් ණය ගෙවන්න.(අ)
මෙහෙම තව රටක් ගැන මම දන්නවා. එහෙත් පවුලක් එකතු වෙලා ඒ රට කනවා.(අ)
මේ පවුල අමාරුවේ වැටිලා තිබෙන්නේ ඔක්කොම තනියෙන්ම කාපු නිසා , ලංකාවේ ක්‍රමය මෙයට වඩා ටිකක වෙනස් , මෙහෙ පවුල තනියෙන්ම කන්නේ නැහැ සම්බන්ධිකරණ ලේකම්ලා ,මංත්‍රිලා ,ඇමතිවරු , ප්‍රාදේශීය සභා සභාපතිලා , සමහර විපක්ෂ මංත්‍රීලා මෙයට හවුල් කරගෙන ඇත , ඔක්කොම එකතුවෙලා තමා රට කන්නේ.(අ)
ටියුනීසියාව විතරක් නෙමෙයි..ලෝක ඉතිහාසයේ ඔය වගේ පාලකයෝ හිටපු රටවල් තව ගොඩක් තිබුන ..දැනටත් තියෙනවා..ඒ වගේම ඔයිට වඩා කාලයක් රට පාලනය කරලා රටවල් දියුණු කරපු පාලකයෝත් ලෝක ඉතිහාසයේ ඕන තරම් ඉදල තියෙනවා.මේ තීරුවේ අදහස් දාන විශේෂයෙන් පිටරට සුර සැප විදින .සමහරු තමන්ගේ තියෙන හීනමානය ගුණමකු කම නොහැකියාව බැරිකම ඇදන් ඉන්න ඇදුම ගලවල වහන්න හදනවා.මේ රටේ ජිවත්වන මිනිස්සු මේ රට ගැන දන්නවා..මේ රටේ පාලකයෝ ගැන දන්නවා..මේක ටියුනිසියාවක් නොවන වගත් මේ රට පාලනය කරන්නේ තවත් බෙන් අලී කෙනෙක් නොවන වගත් දන්නවා..කලගුනදත් මේ රටට ආදරය කරන ජනතාව හැමදාමත් මේ රටේ බහුතරය හැටියට හිටිය..ඉදිරියටත් එහෙම්මම වේවි.පිටරටවල් වලට වෙලා අරාබි වසන්ත එනකම් බලාගෙන ඉන්න ටිකිරි බණ්ඩලට තිලක් ඩුබයිලට හැමදාමත් අහස දිහා බලාගෙන මෝරන හද ගැන ඉරිසියාවේ පැලී පැලී පුන් සදට උඩු බුරල බුරල විදවන්න වේවි..(අ).
එහෙම වෙන්න දෙන්න බැහැනේ. නැද්ද මම අහන්නේ? (නි) (නි)
අයියෝ, බෙන් අලීට ට්‍රිලියන 05ද, රත්තරං කිලෝ 5000ක්වත් නෑනෙ. අඩුමගානේ ටියුනීසියාවට නම් ඩොලර් මිලියන 320ක්වත් ඉතුරු වුණා.... අනේ අපොයි..(අ)
ඉරණමට සැවොම ගැතිවේවි...(අ)
අදහසක් නම් තියෙයි. කියන්න බයයි . (අ)
මට වෙලාවකට සැකයක් ඇතිවෙනවා මේ බන්දුලපෙරේරා..? කියන නමින් පෙනී හිටින්නේ අපේ රට පාලකයෙක්ද කියල ..අදින්නෙම ප්‍රාදේශීය සභාවටනෙ.? හැබැයි එහෙමවත් පාටක අදහස් ටික කියවනවානම් ඒ ඇති මට, දැක්කනේ..අද උදේ ගුවන් තොටුපල වැහුවේ එක විනාඩි 5 යි, දීමනා සියල්ලම දුන්නා. අර ජීවිතකාලේටම ඉල්ලීම් ඉල්ලන මහා පාරේ ඉදගෙන දුක් විදින අසරණයෝ දිහා මොකෙක්වත් බලන්නේ නැහැ , ඒ සේරම ජන්දේ ලංවෙනකොට එකවර 2500 ක පාර්සලයක් දීල දැමුවාම අපේ දුප්පත් ගමේ මෝඩයෝ ටික රැවටෙනවා....?(අ)
ඇත්තටම මේ වගේ අය ලෝකයේ තවත් ඉන්නවද? (නි)
ශ්රී ලංකාට ජයවේවා අපි හරියට සුද්දෝදනල නේද? (අ)
රුපවති, පිට බද්දර ජයා ට මොනවා වුනාද කියල මාත් කල්පනා කළා. එක දවසක් අපේ බන්දුලතුමා එක්තරා පුවතකදී ඒ මනුස්සයාගේ බෙල්ල මිරිකුවාට පස්සේ ආගිය ආගිය අතක් නැහැ. (අ)
මොකද කියන්නේ මේකද කියල හිතාගන්න බෑ අපිට හරිම හුරු පුරුදු ගතියක් දැනෙනවා... මට හිතෙන්නේ බලන ගොඩක් කට්ටියට එහෙම දැනෙයි......(අ).
මේ අදහස් වල හැටියට කට්ටියම රාජපක්ෂ සහෝදරයෝ ගැන වෛරයෙන් ඉන්න බව පේනවා. ඔයාල මැරිලා ඉපදිලද කතා කරන්නේ. රාජපක්ෂලා නැත්නම්. අපේ රට මෙලහකට සෝමාලියාවට,ඉරාකයට,සිරියාවට,ඇෆ්ගනිස්ථානයට දෙවැනි නැ.එයාලට නියම ගෞරවය දෙන්න. (බ)
මම අයෙත් scroll කරලා බැලුවා කියවන්නේ ලංකදීපද කියල. (අ)
ටියුනීසියාව වගේ තව රටක් ගැන "අපේ කට්ටිය " කලබල වුන එක සාදාරණයි නමුත් මෙයාල අපි තාම "එච්චරම " නරක නැහැ ,එච්චර නරක වෙන්න කලින් "ලැබෙන ? අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කව්රුත් අදිෂ්ටන කරගත්තොත් කාට කාටත් හොඳ කාලකන් යාවි .(හේ)
බලන්ගියාම ..............වගේ තමයි එහෙත් ! (අ)
තව මොනාද අරගෙන ගියේ.(හේ)
මීට බොහොම සමාන රටක් මට මේ වෙලාවේ මතක් වෙනවා (නි)
මම දන්න තවත් රටක පාලකයෙක් හා එයාගෙ සනුහරේ අය මේ විදියටම රට කනවා. (අ)
ටියුනිසියාවේ එහෙම වුණාට අපේ අවාසනාවට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (අ)
වැඩි නැද්ද දන්නේ නෑ.(හේ)
පොඩි ගාණක් නම් කමක් නෑ කිලෝ 1700ක් ලේසි නෑ.(හේ්)
බෙන් අලිට වඩා ලොකු ලොකු වැඩකාරයෝ ගැන අපි නම් දන්නවා (නි)
මොන රටවල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මේ ටියුනේසියාවේ විස්තරයක්ද නැත්නම්........ (අ)
ටියුනීසියාව කියන වචනය මට කියවෙන්නෙම නැහැනේ. භාෂා 5 ක් කතාකරන මම ලිපියේ පුරාවටම තිබුණු ටියුනීසියාව මට කියවාගන්නම බැරුව නිකම් දිවගොත ගැහිලා වගේ තිබුණා.ඒ හැම වචනයටම ලේසියෙන් වෙන රටක නමක් දාලා කියවා ගත්තා (නි)
මේ වගේ තවත් රටක් මම කොහේදිහරි දැක්කා.... දැන් මතක නැහැනේ! (නි)
මේ මොනවා කියෙව්වත් මට හිත එකලස් කරගන්න බැහැ. අපේ පිටබැද්දර ජයා අයියාත් ආගිය අතක් නැහැ දැන් සති කීපයක ඉඳලා. ගෙවල් තිබුනේ කොස්ලන්දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
මට මම ජීවත්වෙන රට ගැන එක එක දේවල් හිතෙනවා (නි)
රත්තරන් බඩු වලට ගොඩක් ආස ඇති. ඒක නිසා සල්ලි වෙනුවට රත්තරන් අරං යන්න ඇත්තේ.(හේ)
බලනකොට කොහෙත් එකයි! (නි)
අනේ අපොයි! (නි)
මේ රත්තරන් වල වටිනාකම කීයක් වෙයිද?(හේ)
මට නිකන් අඩනින්දේ ඉඳලා අවදිවුණා වගේ වුණා (නි)
ටියුනිසියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
ටියුනීසියාව කොහෙන්ද දන්නෙ නැහැ මේවා ඉගෙනගත්තේ? (නි)
අනේ මන්දා මොකද කියලා. මට එක එක දේවල් හිතෙනවා (නි)
අපිට නම් ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ. (නි)
අලවත්ත මහතාට ජයවේවා!!! (නි)
මේක ගුණමකුවන්, ඊර්ෂ්‍යාකාරයන් පිරුණු රටක්.බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ.ඒ ටියුනීසියාව. මේ ලංකාව.ඒ අරාබි වසන්තය.මේ ශ්‍රී ලංකාවේ ඉන්න කළගුණදත් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ වසන්තය. (නි)
අපේ රටේ රත්තරන් සොයනවා නම් බලන්නේ වෙන්නේ කඩේ යන කට්ටියගේ ගෙවල් වල තමයි . සාමාන්‍ය අයගේ රත්තරන් දැන් බැංකු වලට සින්නවෙලා ඉවරයි. (නි)
මේකට අදහස් ලියන්න පුළුවන්.හැබැයි පස්සෙ හිතුනා නොලියාම ඉන්න එක හොඳයි කියලා (නි)
ඇයි රූපවති අක්කාට ඒ විදියට එක එක දේවල් හිතෙන්නේ? (නි)
තව රටක් තියෙනවා ... ඒක යන්නෙත් ඔය පැත්තටම තමයි ... දැන් නම් ළදරු වයසයි , ළමා වයසයි පහු කරලා තරුණ වයසේ ඉන්නේ ... මේ වයසේදී හදාගත්තේ නැත්නම් මැදිවියට ආවට පස්සේ හදන්න වෙන්නේ ටියුනිසියාවේ කට්ටිය හදපු විදියට තමයි හොඳේ ...එච්චර දුර ගියොත් එහෙම ඒ කට්ටියව හොයාගන්න වෙන්නේ ඇමරිකාවෙන් තමයි ...(හේ)
කොහොම වුණත් වැදගත් ලිපියක්. ලංකාදීපයට ගොඩක් ස්තූතියි.(හේ)
අපිට මේවාට කේන්ති යනවා. කවුද දැන් ටියුනීසියාව කෑවේ? ඔප්පු කරන්න කෝ ලියකියවිලි?එහෙම පුලුවන්ද? (මට මෙහෙම කිවුවේ ටියුනීසියාවේ කෙනෙක්. මාව හොඳටම බයවුණා) (නි)
ජිවිතය අනිත්‍යයි කියලා දන්නේ නැති මිනිස්සු! පව්! (නි)
අලවත්ත මහත්තයෝ,රට බල්ලට ගියා කියලා කට්ටිය කිව්වට එහෙම වෙලා නැහැ.ඕවා ගණන් ගන්න එපා.මේ රටේ මිනිස්සු කවදාවත් ඔහොම හිතන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරා අයියාට ජයවේවා! (නි)
අන්න පිටබැද්දර ජයාගේ බෙල්ලේ තිබුන පවුම් තුනක මාලේ කඩාගෙනලු. මට නම් බන්දුලගේ කරේ තිබෙන මාලේ ගැන තමයි සැක. (නි)
බහුතරයක් ලොකු ලොක්කෝ ඔය වගේ තමයි පුදුම වෙන්න දෙයක් නම් නෑ (දිල්)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහි එන නම් ගම් මනඃකල්පිත වුණා නම් කොච්චර හොඳද කියලා මට හිතුණා (නි)
මෙයා කොහෙන්ද දන්නෙ නැහැ රත්තරන් ප්‍රවාහනය කළේ? ඔපමණ රන් ප්‍රමාණයක් හොරෙන් පිටකරන්නේ කොහොමද? (නි)
ඒ රට හැර තවත් ඒ වගේ රටවල් තිබේද? (නි)
ලංකාවේ බොහෝ උගතුන් පවා සිටින්නේ දුපත් මානසිකත්වකින්. මේ මුතු ඇටේ ඇතුලේ උපාධියක්, සම්මානයක්, ඉහල පට්ටමක්, නිලතලයක් ,සල්ලිටිකක් ලැබුනාම අපේ අය හිතනවා ඒ ගොල්ලෝ රාවනා රජ්ජුරුවන්ටත් වඩා වැඩ කාරයෝ කියලා. මේ ලිපියේ සඳහන් මුදල් ප්‍රමාණය ලංකාවේ ලොකුම ධනපතීන් දහ දෙනෙක් එකතුවෙලා වත් හොයා ගන්න බැහැ.(හේ)
දැන් මේ මෙයා මෙහෙට පැන ගත්තේ නැහැ නේද ? (දිල්)
මේ හා සමාන රටක් ගැන මමත් දන්නවා. කියන්න බයයි (නි)
කවුරු කවුරුත් පාලන බලයේ ඉන්නකම් ඔක්කොම සෙල්ලම්. පාලන බලයෙන් ගිලිහෙද්දී පේනවා නේද ඒවාට ලැබෙන විවේචන.(හේ)
මගේ ඇස් නිලංකාර වෙලා යනවා වගේ .... (නි)
අන්න කට්ටිය, අපේ අයට ඔච්චර දේවල් බෑ.(හේ)
මේ ලිපිය පල කිරීමට ලංකාදීපයට බොහෝම ස්තූතියි.(හේ)
මොකටද බයවෙන්නේ? ඒ කියන්නේ එක ආර්යාවක් ඉන්න රටවල් වලට හරියටම මේ පාඩුවෙන් කොටසක් පමණයි සිදුවෙන්නේ. (නි)
ටියුනීසියාවේ රට කෑ හැටි කියවද්දී මට පුදුම චිත්‍රයක් මැවිලා පෙනුනේ. ඒ චිත්‍රය ගැන අහන්න නම් එපා. (නි)
කෝ අපේ බන්දුල පෙරේරා? (නි)
කවදා හෝ දවසක අපේ රට ගැනත් විදෙස් රටවල නොයෙක් ආකාරයේ පුවත් මැවේවි. (නි)
මේ ලියලා තියෙන්නේ කොහේ හෝ රටක අනාගතයක් ගැනද කියලා මට හිතෙනවා (නි)
අපේ අයටත් මේවා හොඳ පාඩම් (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
මේ ලිපිය ටික දවසක් යනතුරු තියන්න. ජනතාවගේ අදහස් කුමක්ද කියලා දැන්ගන්න පුළුවන් වේවි . (නි)
බොහෝ පාඨකයෝ කයිවාරැ කාරයෝය. මතුපිටින් පෙනෙන දේ දේසම බලමින් තමන්ගේ ව්‍යක්ත බව පෙන්විම අරමුණු කරගෙන කයිවාරැ ගසති. වරක් ගඩාෆිට එරෙහි කැරැල්ලක් ලිබියාවේ නිර්මාණය වූ කල. බොහෝ අය ලංකාව ලිබියාවට සම කලහ. ගඩාපි දූෂිතයෙක් ලෙස ප්‍රකාශ නිකුත් කලහ. නමුත් දැන් ලිබියාවට සිදු වී ඇති දේ ගැන විමසුවොත් එදා ඒ ප්‍රකාශ කල අයගේ දුරදක්නා නුවන ගැන යම් අවබෝධයක් ලබා ගත හැක. විශ්ලේෂනයකින් තොර සන්සන්දනය හරියට අන්ධයින් හත් දෙනා අලියා ගැන කල විග්‍රහය වගෙයි. වර්තමාන ලංකාවේ බොහෝ උගතුන් මේ අන්ධභාවයෙන් යුක්ත වීම කණගාටුවට කරැණකි. (බ)
ඕකට හේතුව ගැහැණු අය ලං කර ගැනීම. (ර)
අම්මපා! අපි මේ රත්තරන් ටිකක් අරගෙන ගියොත් තමයි අැඳුම් අස්සෙයි අැඟ අස්සෙයි බලන්නේ! මේ ගැහැණු මනුෂ්‍යයා ඕවා කොහොමද අරගෙන ගියේ? (නි)
වෙනසකට ඇත්තේ රටේ පිහිටීම සහ පුද්ගලයන් පමණයි..!!!!! කතාව පොදු සාධකය..(අ).