
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.
ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව පැවැසෙයි.
2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශ කිරීමේ දැඩි සීමා පනවා ඇති අතර, මෙම අධිකරණය ලබා දුන් මෙම තීන්දුව ආන්දෝලනාත්මක බව ද පැවැසෙයි.
දඬුවම් නියම වූ වී ඇත්තේ 56 හැවිරිදි කම්කරුවකු ලෙස සේවය කරන තැනැත්තකුටය. ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ ටියුනීසියානු පුරවැසියකු බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd