IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ටියැන්වෙන් - 1 යානය අඟහරු වටා සාර්ථකව කක්ෂ ගතකරයි


 
 
 
අඟහරු ගවේෂණය සඳහා යවන ලද ටියැන්වෙන් - 1 යානය අඟහරු ග්‍රහයා වටා සාර්ථකව කක්ෂගතකල බව චිනය පවසයි.
 
පසුගිය ජූලි මාසයේදි වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යසථානයෙන් කක්ෂගත කරන ලද යානය මාස හතකදී කිලෝමීටර් මිලියන භාගයක පමණ ගමනකින් පසු අඟහරු වෙත ළගාවිය.
 
ටියැන්වෙන් - 1 යානයෙන් ගෙනගිය රෝද සහිත රොබෝ යානය මැයි හෝ ජුනි මාසයේදි අඟහරු ග්‍රහයා මතට පතිත කරවීමට චීන ඉංජිනේරුවෝ බලාපොරොත්තු වෙති.
 
අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය හා පස සම්බන්ධ වැදගත් තොරතුරු එක්රැස් කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි. එසේම අඟහරු මතුපිට ජලය පවතින්නේ ද යන්න සම්බන්ධව ද මෙහිදී ගවේෂණය කිරීමට නියමිතය.
 
මෙම මෙහෙයුමත් සමග අඟහරු වෙත යානයක් යැවූ හයවන රට බවට චිනය පත්වෙයි. මේ වනවිට ඇමෙරිකාව සහ සොවියට් සංගමය අඟහරු වෙත යානා ගොඩබස්වා ඇති අතර යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිය යානා අහහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු කර තිබේ.
 
 
(බිබිසි ඇසුරිණි - 085)
 



අදහස් (0)

ටියැන්වෙන් - 1 යානය අඟහරු වටා සාර්ථකව කක්ෂ ගතකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site