ඔස්කාර් සම්මාන ලාබී සංගීතඳයකුවූ ජේම්ස් හොනර් (61) ඔහුගේ සැහැල්ලු ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී සඳුදා පෙරවරුවේ දකුණු කැලිෆෝනියාවේදී මිය ගිය බව විදෙස් පුවත් සේවා කියයි.
ලොව පුරා අතිශය ජනප්‍රියවූ ‘ටයිටැනික්‘ චිත්‍රපටයේ සංගීත නිර්මාණයද ඔහුගේය.
ඔහු සංගීතය සැපයූ ‘බ්‍රේව්හාර්ට්, ඇවටර්, බියුටිෆුල් මයින්ඩ්‘ චිත්‍රපට ලොව පුරා ජනප්‍රිය විය.
උතුරු සැන්ටා බාබාරාහිදී වනාන්තරයක් ආසන්නයේ ඔහු ගමන් කළ යානය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශවූ බව එරට වාර්තා පවසයි. දක්ෂ ගුවන් යානා පදවන්නකු වූ හොනර් පමණක් එම අවස්ථාවේ යානයේ සිට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දුකක් මතු සසරේ නොවේවා.! (ර)
ලොවක් ආදරයෙන් වැළද ගත් ටයිටැනික් සංගිතඥයා අපරාදේ වටිනා ජිවිතයක් .ඔබ නිවන් සුව (ම)
ලොවක් හැඩවූ - නැළවූ සංගීතවේදියාණනි ස්වර්ග රාජ්‍යය ඔබගෙයි ...සදා මොක් සුව ....! (බ)
ලංකාවට ගිහින් එනකොට එයාර් පෝට් 2 කකට එක ලග අහු වුනා මිනිස්සු මරහඩ දීපු හැටි මගේ මනසින් යන්නෙම නැහැ එකපාරක් තත්පර 5 විතර වැටුන අනිත්පාර ඊටත් වඩා වැඩියි .ගුවන සෙල්ලම් නැහැ කියල මට දැනුනේ එදා .අවුරුදු 18 තිස්සේ මමත් යනවා එනවා .පන නම් තණ අග පිනි බිදු වැන්නේ.(බ)
හරිම කණගාටුදායකයි (නි)
බලන්න ඔය උඩින් දාල තියන චිත්‍රපට තුනම ලෝක පුජිත නිර්මාණ. මොන තරම් දක්ෂයෙක්ද. (ර)