ටයිටැනික් නෞකාවේ අල්මාරියක බව කියන යතුරක් එංගලන්තයේ ඩිවයිසස් හි වෙන්දේසියක විකිණීමට නියමිත බව වාර්තා වෙයි.ටයිටැනික් නැවේ සිහිවටන 200ක් පමණ මෙහිදී අලෙවි කිරීමට නියමිතය.

නෞකාවේ ආරක්ෂක කබා තැන්පත් කොට තිබු අල්මාරියක යතුරක් මෙලෙස විකිණීමට නියමිත අතර එය ඇමෙරිකා ඩොලර් 35000කට පමණ අලෙවි වනු ඇති බව වෙන්දේසිකරුවෝ කියති.මෙය ටයිටැනික් නැවේ සිහිවටන වැඩිම සංඛ්‍යාවක් අලෙවි වෙන වෙන්දේසියක් වනු ඇත.එම නෞකාවේ කැප්ටන් ස්මිත්ගේ ඡායාරූප කිහිපයක්ද වෙන්දේසි වෙනු ඇත.

1912දි මෙම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට ඇමෙරිකාවේ නිව්යෝක් බලා යමින් සිටියදී හිම කුට්ටියක ගැටී මුහුදුබත් වූ අතර අවස්ථා කිහිපයකදී එහි සුන්බුන් සොයාගැනිණි උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම අනතුර සිදුවූ අතර නෞකාවේ මගින් 1500ක් මිය ගිය බව වාර්තා විය.පැය තුනක් ඇතුළදී නෞකාව සම්පුර්ණයෙන්ම මුහුදුබත් විය.

new