ටයිටැනික් නෞකාවේ අල්මාරියක බව කියන යතුරක් එංගලන්තයේ ඩිවයිසස් හි වෙන්දේසියක විකිණීමට නියමිත බව වාර්තා වෙයි.ටයිටැනික් නැවේ සිහිවටන 200ක් පමණ මෙහිදී අලෙවි කිරීමට නියමිතය.
නෞකාවේ ආරක්ෂක කබා තැන්පත් කොට තිබු අල්මාරියක යතුරක් මෙලෙස විකිණීමට නියමිත අතර එය ඇමෙරිකා ඩොලර් 35000කට පමණ අලෙවි වනු ඇති බව වෙන්දේසිකරුවෝ කියති.මෙය ටයිටැනික් නැවේ සිහිවටන වැඩිම සංඛ්‍යාවක් අලෙවි වෙන වෙන්දේසියක් වනු ඇත.එම නෞකාවේ කැප්ටන් ස්මිත්ගේ ඡායාරූප කිහිපයක්ද වෙන්දේසි වෙනු ඇත.
1912දි මෙම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට ඇමෙරිකාවේ නිව්යෝක් බලා යමින් සිටියදී හිම කුට්ටියක ගැටී මුහුදුබත් වූ අතර අවස්ථා කිහිපයකදී එහි සුන්බුන් සොයාගැනිණි උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම අනතුර සිදුවූ අතර නෞකාවේ මගින් 1500ක් මිය ගිය බව වාර්තා විය.පැය තුනක් ඇතුළදී නෞකාව සම්පුර්ණයෙන්ම මුහුදුබත් විය.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ටයිටැනික්’ නැවේ යතුරක් වෙන්දේසියේ
ධම්ම Saturday, 22 October 2016 02:41 PM
අපේ මහගෙදර තියෙන පෙට්ටගමේ නැතිවුන යතුරත් මේ වගේමයි. සුළු ගානක් නිසා ඇරන්දැම්මා නම් හොඳයි කියලා හිතුනා. (අ)