
ටයිටැනික් නැවේ සිටි මගියකු පැලඳි ජීවිතාරක්ෂක ජැකට්ටුවක් වෙන්දේසි කෙරුණු අතර එය පවුම් 670,000 කට අලෙවි විය. ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සිදුවූයේ මීට වසර 114 කට පෙර, 1912 වසරේදීය. අයිස් කන්දක හැපුණු නෞකාව ගිලී ගියේ 1,500 කට වඩා වැඩි දෙනකුගේ දිවි බිලි ගනිමිනි.
අනතුරින් 700 ක් දිවි ගලවා ගත්හ. වෙන්දේසියට ලක් වූයේ එම 700 දෙනාගෙන් එක් අයකු පැලඳ සිටි ජීවිතාරක්ෂක කබායක් යැයි පැවැසෙයි. ටයිටැනික් නැවේ ජීවිතාරක්ෂක කබායක් මේ අයුරින් වෙනේදේසියට ලක්වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd