
චීනයේ සිට ටිබෙටය බලා පියාසර කිරීමට සූදානම් වූ මගී ගුවන් යානයක් ගුවන්ගත වීමට සූදානම් වෙද්දී ගිනි ගත්තේය.
එයාර් බස් ‘ඒ 319-115’ වර්ගයේ එම මගී ගුවන් යානය, ගිනි ගනිද්දී එහි නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නව දෙනකු සහ මගීන් 113 දෙනකු සිටි බව පැවැසෙයි.
ටිබෙට් ගුවන් සේවයට අයත් ගුවන් යානය, ගිනි ගැනීමට ලක් වූයේ චීනයේ දකුණු දෙසින් පිහිටි චොංග්කිංග් නුවර ගුවන්තොටුපොළේදීය. යානය, ටිබෙටයේ යිංග්චී නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.
යානය ගිනි ගත් සැණින් ගුවන්තොටුපොළ ගිනි නිවන භටයන් වහා මැදිහත් වී ගින්න නිවා දැමීය. ගිනි නිවන භටයන් ගින්න නිවා දමද්දී මගීන් සහ කාර්යට මණ්ඩල සාමාජිකයන් යානයෙන් පිටතට ගැනීම සිදුවුණු අතර කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd