
ටැන්සානියාවෙන් පෞරාණික මිනිස් පා සටහන් සමූහයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.
මෙය මෙතෙක් අප්‍රිකානු කළාපයෙන් හමුවූ විශාලතම පා සටහන් සමූහය වන අතර ඒවා වසර 5 000ත් 19 000ත් පමණ කාලයක් පැරණි බව ඔවුහු පවසති.
නට්රොන් විලට දකුණින් එන්ගාර් සේරෝ නැමැති ස්ථානයෙන් මේවා හමුවී තිබේ.
පා සළකුණු 400ක් පමණ එම ස්ථානයෙන් අනාවරණය කරගෙන ඇති අතර ගිනි කන්දක් පිපිරීමෙන් නිකුත් වූ අළු සහිත මඩ වගුරක් මතින් ඇවිද යාමෙන් මෙම පා සළකුණු නිර්මාණය වන්නට ඇතැයි පැවසේ.
සටහන් ඉක්මනින්ම වියලී යෑම හේතුවෙන් ෆොසිල බවට පත්ව ඇත.
විද්‍යාඥයින් පවසන්නේ ඒවා ඉතා හොඳින් සුරක්ෂිත වී ඇති බවයි.
මේවා එකම වේලාවක එම ප්‍රදේශය හරහා ගමන්ගත් කණ්ඩායමක පා සටහන් බවත් ඒ අතර සතුන්ගේ පා සටහන් ද තිබෙන බවත් සොයාගෙන තිබේ.
කණ්ඩායමේ සිටි මානවයන්ගේ උස සහ ලැහැණු පිරිමි බව සම්බන්දව ද යම් අදහසක් පා සළකුණු මගින් ලැබෙන බව විද්‍යාඥයෝ පවසති.
ඇමරිකාවේ පෙන්සල්වේනියා හි චැතම් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය කෙවින් හතාලා මහතා පවසන්නේ මේ පා සළකුණු වලින් පුරාණ මිනිසාගේ හැසිරීම් පිළිබඳ අපූරු තොරතුරු රැසක් අනාවරණය වන බවයි. අතීත මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වූයේ කෙසේද යන්නත් ඔවුන් ආහාර රැස්කළ ආකාරය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට හැකි බව ඔහු පවසයි.
2009 වර්ෂයේදී මෙම පා සටහන් සම්බන්දව මූලික තොතුරු අනාවරණය වී ඇති අතර වසර 11ක් තිස්සේ සිදුකරන ලද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව පසුගියදා නේචර් සයන්ටිෆික් රිපොට්ස් සඟරාවේ මෙම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක්
rocky Saturday, 16 May 2020 01:43 AM
මෙය රාවණාගේ පා සටහනක් වෙන්න පුළුවනි. සමහර විට එහෙ නවත්තලා බිමට පය ගහන්න ඇති.
මෝSaturday, 16 May 2020 12:03 PM
ගොන් කතා නොකිය ඉන්න රොකී. නුඹලා වගේ අය කරන්නෙම මව්බිමේ ඉතිහාසයට හිනාවෙන එක....
වීරවිජේ Saturday, 16 May 2020 05:50 AM
දෙමළ නිජබිමක් නෙමේද ?
rasika Sunday, 17 May 2020 05:46 AM
ටැන්සානියාවට දෙමළෙන් කියන නමක් තියෙනවා. ඒ වගේම පාසලකුණු වලටත් දෙමළෙන් කියන නමක් තියෙනවා. ඉතින් මේක දෙමළ නිජබිමට අයිති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දෙමළ නිජබිම් සංකල්පය ලංකාවේ හදලා තියෙන්නේ ඔය කරුණු දෙක මුල් කරගෙන.
ranjan Monday, 18 May 2020 10:26 AM
දෙමළ නිජබිමකි...
rocky Tuesday, 19 May 2020 03:40 AM
අනේ උන්නැහේ... රාවණා කොහොමද අපේ ඉතිහාසයට සම්බන්ධ වෙන්නේ? ඔය කතා විශ්වාස කරන්නේ නුඹලා වගේ අය විතරයි...