IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ටැන්සානියාවේ සිංහ වංශය

ටැන්සානියාවේ ලෝපතල සේරන්ගෙටි ජාතික වනෝද්‍යානයේ අතුපතර විහිදුනු ශක්තිමත් "කිගේලියා" නමින් හැඳින්වෙන වෘක්ෂයක විඩා හරිමින් සිටි පහළොස් දෙනෙකුගෙන් පමණ යුත් සිංහ රංචුවක් ඡායාරූපයට නැගීමේ විරල අවස්ථාවක් ඕස්ට්‍රේලියාවේ බොබී ජෝ ක්ලොව් නම් ඡායාරූප ශිල්පියාට ලැබී ඇත.

සිංහයින් වයසට ගියත් තණකොළ බුදින්නේ නැතුවාක් මෙන්ම ගස් බඩගාන්නේද ඉතාම කලාතුරකිනි. උගන්ඩාවේ එලිසබත් වනෝද්‍යානයත් ටැන්සානියාවේ මන්යාරා වනෝද්‍යානයත් ගස්නඟින සිංහයින් ඉන්නා වනාන්තර ලෙස ප්‍රසිද්ධය.

ඒවායේත් බොහෝවිට සිංහයින් ගස් නඟින්නේ දෙතුන්දෙනා බැගිනි. සෙරන්ගෙටි වනයේ සිංහයින් රංචුවක් එකම ගසක සිටිනු දැකීම අතිශයින්ම දුර්ලභ දසුනක් වන්නේ ඒ නිසාය.

එම අවස්ථාවේ සිංහ දෙනුවන් සහ පැටවුන් පහළොස් දෙනෙක් ගසේ අතු මත නිදා සිටි අතර පිරිමි සතෙකු ගස පාමුල තණබිස්සේ උසින් වැඩි ඇති පඳුරු අස්සේ නිදා සිට ඇත. 

සිංහයින් ගසට නඟින්නට ඇත්තේ තණකොළ ගොල්ලේ පිරිඉන්නා මැස්සන්ගෙන් සහ කෘමින්ගෙන් ගැලවීමට විය හැකිබව බොබී ජෝ ක්ලොව් කියයි.

හොඳින් වැඩුණු සිංහයෙකු පැයට සැතපුම් පනහක පමණ වේගයකින් දිවිමටත් මීටර් දහයකටත් වැඩි දුරකට පැනීමටත් හැකියාවක් ඇති ඉතාමත් ජවසම්පන්න ශක්තිමත් සිව්පාවෙකි.

එසේවුවත් ගස් නැඟීම සිංහයින්ට උපතින් ලැබෙන හැකියාවක් නොවේ. එම සතුන් ජිවත්වන පරිසරයට අනුව සමහර අවස්ථාවල ගස් නැඟීම ප්‍රගුණ කරගත් සිංහයින් ඉන්නා බව කියති. බොහෝ අවස්ථාවල වල් මීහරක් රැලකින් බේරීමට සිංහයකු කුඩා ගසකට නඟිනු දැක ඇති සංචාරකයින් සිටිති.

Lion2015923 Lion42015923 LION120159230 LION122015923 LION142015923



අදහස් (0)

ටැන්සානියාවේ සිංහ වංශය

නිලංග දිනේෂ් Thursday, 24 September 2015 01:44 AM

සිංහයන් කෙතරම් තේජසකින් සමන්විතද? (නි)

:       0       0

නිශාන්ත Thursday, 24 September 2015 02:08 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

නන්ද Thursday, 24 September 2015 04:09 AM

මට මතක් වුනේ මා කුඩාකල කියවූ "හීන් සැරය" කතාව. (බ)

:       0       0

රුපාවති Thursday, 24 September 2015 06:04 AM

අහම්බෙන් හමුවන ලස්සන දසුනක් ...?(ම)

:       0       0

සකුන්තලා Friday, 25 September 2015 03:14 AM

දැක්කම හරියට ආදරේ හිතෙනවා . වැඩගන්න තියෙනවා නම් කියල හිතෙනවා . එත් මෙයාල කොයි තරම් දරුණු සත්තුද ? (ම)

:       0       0

චන්දන Wednesday, 23 September 2015 03:50 PM

ලංකාවේ සිංහයෝ ටික මෙහෙම හිටියා නම්... (නි)

:       0       0

ආනන්ද Wednesday, 23 September 2015 04:16 PM

බලසම්පන්න සත්වයන් අතරේ ඉහළින්ම හිටියත් මැසි මදුරු කිනිතුල්ලන් වැනි කෘමි සතුන් අබියස මෙයාලත් පරාජිතයි. (නි)

:       0       0

වසන්ජය Wednesday, 23 September 2015 08:34 PM

සිත පිනවන සොබා සෞන්දර්යය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site