ටැන්සානියාවේ උතුරු දිග පිහිටි වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් ගිලි යෑමෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
යාත්‍රාවේ ගමන් ගත් සංඛ්‍යාව සම්බන්ධ නිවැරදි තොරතුරු නොමැති නමුත් එහි 400කට අධික පිරිසක් ගමන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන් පවසන්නේ හය දෙනකු පමණ මියගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බවයි.
බලධාරීන් පවසන්නේ මුදවාගැනීමේ සහන සේවා ක්‍රියාත්මක කර ඇති බවයි.
උවමනාවට වඩා මගීන් පැටවීම හේතුවෙන් වික්ටෝරියා විලේ ගමන් ගන්නා යාත්‍රාවල මෙවැනි අනතුරු බහුලව සිදු වන බව පැවසේ.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd