උතුරු ටැන්සානියාවේ සිදුවූ රිච්ටර් මාපාංක 5.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවෙන් 11දෙනකුට බව මියගොස් 192ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උගන්ඩා රුවන්ඩා දේශසීමාව ආසන්නයේ වික්ටෝරියා විල අසල සිදුවී ඇති භූමිකම්පාවේ කම්පන කෙන්යාවේ බටහිර ප්‍රදේශයටත් දැනී ඇත. ටැන්සානියානු බලධාරීන් පවසන්නේ 70 000ක පමණ ජනතාවක් වෙසෙන බුකෝබා නගරයට විශාලම හානිය සිදුව ඇති බවයි.
කඩාවැටුණු ගොඩනැගිලි හා සුන්බුන් වලට යට වී සිටින පිරිස් තවදුරටත් හමුවන බැවින් මියගිය හා තුවාල ලැබූ ගණන තවදුරටත් ඉහල යා හැකි බවද ඔවුන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd