ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ශුර මාක් වුඩ්ෆඩ් මෙවර පවත්වන ලෝක ටෙනිස් ශුරතා තරගයේ අධ්‍යක්ෂක ධුරයට පත්කර ඇති අතර ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ අධ්‍යක්ෂක මණ්ඩලයටද ඔහු නම් කර ඇති බව වාර්තා වේ. මාක් දොළොස් වතාවක් ග්‍රැන්ඩ් ස්ලෑම් ද්විත්ව ශුරතාවය ජයග්‍රහනය කර තීබිමත්, ඩේවිස් කුසලානය 1999 දී ජයගත් පළමු ඕස්ට්‍රේලියා ජාතිකයා වීමත් ඕස්ට්‍රේලියාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද ටෙනිස් ක්‍රිඩාව වෙනුවෙන් දක්වන කැපවිමත් ඔහුට මෙම තනතුරු හිමිකර ගැනිමට මඟ පෑදුණු බව වාර්තා වේ.
ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ සභාපති ඩේවිඩ් හග්ග්‍රෙට් පැවසුවේ අදට වඩා ඉහළ තලයකට ජාත්‍යන්තර ටෙනිස් ක්‍රිඩාව දියුණු කිරිමට වැඩි අවකාශයක් පවතින බවයි.
ජනවාරි මුල් සතියේ පර්ත් නුවරින් ආරම්භ වන ඕස්ට්‍රේලියා ශ්‍රීෂ්ම සෘතුවේ ටෙනිස් මංගල්‍ය මෙල්බර්න්හි ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශුරතාවයෙන් පසුව අවසන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd